Wednesday, 23 October 2024

ගත වූ මාසය තුල දිනකට අක්කර 3 බැගින් විශාල වන විනාශයක්

Posted On Thursday, 10 September 2020 03:51
 

ගත වූ මාසයක කාලය තුළ දිනකට අක්කර 3 බැගින් මෙරට වන විනාශයන් සිදුව ඇතැයි පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනවා.

එහි ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ දේශපාලන බලය යොදා ගනිමින් මෙරට සිදු කෙරෙන වන විනාශයන් නතර කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී මෙරට වනාන්තර පද්ධතිය දැඩි අවදානමකට ලක් විය හැකි බවයි. 

ආනවිලූන්දාව, වනාතවිල්ලූව වැනි ප‍්‍රදේශවල මෑත කාලයේ සිදුවූ පරිසර හානි පිළිබද දැඩි කතාබහක් ඇති වුණා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් කියාසිටියේ එලූවන්කුලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ අක්කර 100ක් පුලූස්සා එලිපෙහෙලි කිරීම හේතුවෙන් එහි තිබූ වටිනා ගස් විනාශ වී ඇති බවයි.

මේ අතර වනජීවි හා වන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති පැමිණිලි ලබා දීම සඳහා පැය 24 ම කි‍්‍රයාත්මක 19 92 ඍජු ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව කැලෑ ගිනි තැබීම්, කැලෑ එළිකිරීම්, සතුන් දඩයම් කිරීම් හා මඳු ඇටවීම් වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඒ හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.