Tuesday, 22 October 2024

ස්ථාන මාරුවීම් ලබාදී තිබියදිත් නව සේවා ස්ථානයන් හී සේවයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙඳ හෙඳියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මියට දැනුම් දී ඇත.
 

Posted On Thursday, 27 September 2018 05:03

පිළිකා,වකුගඩු සහ වෙනත් දරුණු රෝග වලින් ඔත්පලව පීඩා විදින රෝගීන් වෙනුවෙන් මධ්‍යම පළාත් සභාව මගින් ලබා දෙන දීමනාව රුපියල් 3000 දක්වා වැඩි කිරීමට යෝජනා වෙයි.

Posted On Thursday, 27 September 2018 04:59

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව වඩාත් ක්‍රමවත් කිරීමට අභ්‍යන්තර ගුවන් තොටුපළවල් වන රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොග්ගල හා දිගන යන ගුවන් තොටුපලවල් වඩාත් ඵලදායී ලෙස ගුවන් සේවාව සදහා යොදවා ගැනීමට ක්‍රම උපායන සැලැස්මක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වු විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 25 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.

Posted On Tuesday, 25 September 2018 07:24

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 ක් විවිධ සංකූලතාවලට ලක් වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.

Posted On Tuesday, 25 September 2018 07:22

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (22) රාති‍්‍රයේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

Posted On Sunday, 23 September 2018 08:36