Wednesday, 26 February 2025
Editor

Editor

අයි.එස්. සංවිධානයේ ඒජන්තවරයකු සිරියාවේ සිට මෙරට අන්තවාදය පෝෂණය කරමින් සිටින බවට මෙරට ආරක්ෂක හා බුද්ධි අංශ උපුටා දක්වමින් මෙරටය පුවත් සේවයක් වාර්තාකර තිබේ .
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු පාස්කු ප්රහාරයට සම්බන්ධ කණ්ඩායම් අයි.එස්. සංවිධානයට බඳවා ගෙන ඇත්තේ ඔහු බවද පැවසේ.
මෙම අයි.එස්. ඒජන්තයා මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා මීට වසර හයකට පෙර සිරියාවට ගොස් අයි.එස්. සංවිධානය හා බැඳී ත්රස්ත පුහුණුව ලැබූ අයකු බවත් ඔහු අයි.එස්. සංවිධානයේ ත්රස්ත නාමයක්ද ලබාගෙන ඇති බවත් හෙළිව ඇත. පාස්කු ප්රහාරයට පළමුව සහරාන් හෂීම් ප්රමුඛ කණ්ඩායම් සිරියාවේ සිට මෙහෙයවා ඇත්තේ ද ඔහු බව හමුදා හා පොලිස් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
මෙම පුද්ගලයා මේ වන විටත් ක්රියාකාරීව සිටිමින් ත්රස්තවාදය මෙරට ව්යාප්ත කිරීමේ උත්සාහයක නිරතව සිටින බව හෙළි කරගෙන ඇත. අන්තර්ජාලය මගින් ඔහු හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් ගැනද තොරතුරු ලැබී තිබේ.
ඔහු සහරාන් හෂීම් ඇතුළු ජාතික තවුහිද් ජමාත් සංවිධානය මෙහෙයවමින් කටයුතු කළ කාලයේ දී (පාස්කු ප්රහාරයට පළමුව) බුද්ධි අංශ මගින් ඒ පිළිබඳ ආරක්ෂක අමාත්යාංශය ඇතුළු ප්රධානීන් දැනුවත් කර ඇතත් ඒ ගැන කිසිදු සොයා බැලීමක් කර නැතැයි චෝදනා එල්ල වේ. අයි.එස්. සංවිධානයේ මෙරට ඒජන්තවරයා වශයෙන් සැලකෙන මෙන්ම පාස්කු ප්රහාරයේ ප්රධාන මෙහෙයුම්කරුවකු බවට ද සොයාගෙන ඇති ඔහු හා සම්බන්ධ මෙරට අන්තවාදී ජාලය සොයා ආරක්ෂක අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මව්රටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදු වෙනවා-විදේශ අමාත්‍යංශයේ ලේකම්

රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවර ගැනේ

අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරි මස සිට ස්ථාවර මිලකට

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට ශ්‍රී ලංක යුද හමුදාවේ සහාය

විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්

කොවිඩ් 19 වසංගත තත්ත්වයට ප්රශස්ථ ලෙස මුහුුණ දීමට නම් මිත්යා විශ්වාස පසුපස යාම වෙනුවට විද්යානුකූල ක්රියාවලියට මුළිකත්වය ලබා දිය යුතු බව පරිසර අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
නව වසරේ රාජකාරි කටයුතු ඇරඹීම අද දින පරිසර අමාත්යාංශයේ දී ආරම්භ කරමින් ඔහු මේ බව සඳහන් කළා.
රාජ්ය පරිපාලන අමාත්යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි සෞඛ්ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරමින් එම කටයුතු අද දින ආරම්භ කරන ලද්දේ පරිසර අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතාගේ ප්රධානත්වයෙන්.
එහිදී ලේකම්වරයා කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධව දීර්ඝ ලෙස අදහස් දක්වනු ලැබුවා.
“කොවිඩ් 19 වයිරස් තත්ත්වය පාලනය සඳහා විවිධ නව සොයා ගැනීම් ලෝකය පුරා සිදුවෙමින් තිබෙනවා. අපේ රටේ එක් කණ්ඩායමක් විදයානුකූල ක්රියාවලිය පිළිබඳ විහ්වාසය තබා ඇතත් තවත් පිරිසක් විද්යාත්මක ක්රමවේදයන් තිබිය දී මිථ්යා විශ්වාසයන් පසුපස ගමන් කරන ස්වභාවයක් දක්නට ලැබෙනවා. කොවිඩ් 19 මැඩීමට අප විසින් කළ යුත්තේ විද්යානුකූල ක්රමවේදයන් අනුගමනය කිරීම විනා මිත්යා විශ්වාසයන් පසුපස යාම නොවෙයි.
කොවිඩ් 19 කියන්නේ මුළු ලෝකයම අසරණ කළ වයිරසයක්. අද සමහර රටවල් සමාජයීිය දිළිඳුභාවයට පත්ව තිබෙනවා. එයට හේතුව තමයි බොහෝ රටවල ආදායම් බෙදී යාමේ විසමතාවය. අපි සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ආදායම් බෙදී යාමේ විසමභාවය ලොව අනිත් රටවලට වඩා අඩුයි. ඒ නිසා තවමත් අපේ රටේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ආර්ථිකය අඩපණවීමකට ලක් ව නැහැ.
මේ වසරේ මැද වනවිට ලෝකය තුළ තවත් එන්නත් හතරක් හෝ පහක් අලුතින් හදුන්වා දෙනු ඇති. දැනටමත් එන්නත් ගණනාවක් සම්බන්ධව කතා බහ වෙනවා. එන්නත් නිපදවන සමාගම් විසින් ඉන් සියයට 20ක් මහජනතාවට නොමිළේ ලබා දෙනවා. ලෝකයේ හැම රටක්ම මේ එන්නත් ලබා ගැනීමට ලොකු උත්සාහයක් දරනවා. එමනිසා අප වැනි රටවලට එන්නත් ලබා ගැනීමේ දී ලොකු උත්සාහයක් දැරීමට සිදුවෙනවා. කොවිඩ් 19 වසංගත තත්ත්වයේ දී ලබා දෙන එන්නත මගින් සිදු කරන්නේ එම වයිරසයට ඔරොත්තු දිය හැකි පරිදි අපේ සිරුරේ ප්රතිශක්තිකරණය ඉහළ නැංවීමයි. සමාජය තුළ ප්රශස්ථ ලෙස ප්රතිශක්තිකරණය පවත්වාගෙන යාමට නම් සියලු ජනතාවගෙන් සියයට 70කට වත් එන්නත ලබා දිය යුතුයි. ඒක අසීරු ඉළක්කයක්. නමුත් අඩු තරමින් සියයට 50කටවත් එන්නත ලබා දෙන්නේ නම් එයත් යම් තරමකට සතුටුවිය හැකි තත්ත්වයක්.
එන්නත් නිපදවන සමාගම් විසින් එන්නත් නිපදවීම වේගවත් කරමින් කටයුතු කළ යුතු වෙනවා. එසේ නොවුනහොත් දුප්පත් රටවලට ප්රමුඛත්වය නොැලබෙන්නට පුලුවන්. එම තත්ත්වය මෙම වයිරසය මර්දනයට ගැටළුවක්.
අපේ රටේ ජනතාව පසුගිය වසරේ මාර්තු මාසයේ දී කොවිඩ් 19 ගැන දැන සිටි මට්ටමට වඩා දැන් විශාල දැනුම් සම්භාරයක් සහිතව සිටිනවා.ජනමාධ්ය ඔස්සේ හා සමාජ මාධ්ය ඔස්සේ කොවිඩ් 19 ගැන විවිධ තොරතුරු පළ වෙනවා. සිදුවිය යැත්තේ වඩාත් නිවැරදි තොරතුරු ලබා ගැනීම හා ලබා දීමයි. මෙම වයිරසය පාලනය කිරීමට සමාජය තුළ ට නිවැරදිම තොරතුරු ලබා දීමත් අවශ්ය වෙනවා.
අද සිදු විය යුත්තේ විද්යානුකූල කාරණාවන් සම්බන්ධව මුළික අවධානය යොමු කිරීම මිස මිත්යාවන් පසුපස යාම නොවේ. කොවිඩ් 9 වයිරසයට මුහුණ දීමට නම් අප රටේ ජනගහනයෙන් අඩු තරමින් සියයට 70 ඉළක්කයට යාම අසීරු වුවත් සියයට 50කටවත් එම එන්නත ලබා දිය යුතු වෙනවා.”

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය ජනවාරි 05 වැනිදා ඇරඹේ

කොස්ගම පොලිස් වසමට පනවා තිබූ හුඳකලා තත්ත්වය මේ මොහොතේ සිට ඉවත් කෙරේ

උදුවප් පුර පසළොස්වක පෝය අදයි-සිරිපා වන්දනා සමය ඇරඹේ