Wednesday, 23 October 2024
Editor

Editor

 

 

 

ලෝකයේ වයස්ගතම නායකයන් දෙපොලක් තර`ග කරන ලද ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය නිකුත්වන විට මෑත භාගය තුළ එරට වයස්ගතම පාලකයා බලයට පත් වනු ඇත. ඇමරිකානුවෝ අවස්ථා සොයා ගොස් අලූත් රටක් හදාගත් පිරිසකි. ප්‍රජාතන්ත්‍රවාදය හා විවෘත ආර්ථීක ක්‍රමය හ`දුන්වා දුන්හ. අලූතින් හැදෙන තාක්ෂණික යුගයේ ඇමරිකාවේ ස්වභාවය කෙබ`දු විය හැකිද යන්න අධ්‍යයනය කළ යුතුය. ජෝ බයිඩන් ගේ නායකත්වය ගෝලීයකරණයේ අද පවතින ව්‍යුහයට ගෙන එන උත්තරය ගැන අවධානය යොමු කිරීම අවශ්‍යය.

ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තිබේ. බලපෑම හා බලහත්කාරය ගැන විරසකයක් ද ඇත. එහෙත් මෙරට අපනයන ආර්ථීකයේ සෑහෙන පංගුකාරීත්වයක් උසුලයි. සීතල යුද්ධයට පසු වකවානුවේ ලෝකයේ බලවතා බවට පත්වන්නේ ඇමරිකාවයි. එහෙත් අද ස්වභාවය වෙනස්ය. සෝවියට් රුසියාව හා ඇමරිකාව අතර තිබුණ බලකාමීත්වය අද වෙනස් තැනකට පැමිණ ඇති අතර ඇමරිකා චීන දැවැන්තයන් අතර බල අරගලයක් තෙක් විහි දී තිබේ. මතුපිටින් අරගලයක ලකුණු පෙන්නුම් කරන නමුත් මෙම රටවල් දෙකටම එකිනෙකා ගේ සහාය අවශ්‍යය. බලවතුන් අතර එක`ගතා ඇතිවිය හැකි අලූත් අවකාශයක් තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම නිර්මාණය කරගත යුතු එකකි.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ලැඛෙන අනාවරණ

ලෝකය තළ මෙතෙක් තිබුණ යුදකාමී සහ වෙළ`ද පොල අත්පත් කරගැනීමේ තර`ගය අභිබවා කොවිඩ් වසංගතයෙන් ගැලවෙන උවමනාව ඉදිරියට පැමිණ තිබේ. ඇමරිකාව දෛනිකව ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවන රට බවට පත්ව ඇත. වූහාන් ප්‍රාන්තයෙන් වාර්තා වු බවට නිල වශයෙන් කියැවෙන පළමු රෝගියා ගේ සිට චීනය තද නිරෝධායන පාලනයක් ගෙන ගියේය. සමහර සිද්ධි පිටතට වාර්තා නොවන බවට ඇතැම් බටහිර මාධ්‍ය වාර්තා කරන නමුත් චීනය සාර්ථකව යම් පාලයකට ගමන් කර තිබේ. වසංගත තත්ත්වය මැද ඇමරිකානු ජනාධිපතිවරණය අවසන් විය. ලෝකය කළඹන ලද ට්‍රම්ප් පරාජය වූ නමුත් ඔහු අවසන් මොහොත දක්වා පරාජය භාර ගැනීමට සූදානමක් නැති බව පෙනේ. වැඩිම ඡන්ද සංඛ්‍යාව වශයෙන් පමණක් නොව වැඩිම ඉලෙක්ටෝරියල් කොලේජ් ප්‍රමාණයක් ද දිනා ගනිමින් බැරැක් ඔබාමා පාලනයේ දී උප ජනාධිපතිධුරය හෙබැවූ ජෝ බයිඩන්, ඩිමෝක්‍රටික් පක්ෂ යේ ජනාධිපතිවරයා වශයෙන් පත්ව ඇත.

ජෝෂප් රොබිනේට් බයිඩන් 1972 වසරේ සිට ඇමරිකානු සෙනෙට් සභිකයෙකි. එකල හෙතෙම එරට ඉතිහාසයේ ලාබාලතම සෙනෙට් සභික ලැයිස්තුවේ හයවැනියාගේ තැන සිටියේය. වයස්ගතම පළමු පුරවැසියාගේ තනතුරට පත්වන අවස්ථාව වන විට ලෝකයේ පවතින සියළු හැල හැප්පීම් ගැන මනා පරිචයක බව නිසැකය. ඔහු ගේ ප්‍රතිපත්ති මිශ්‍ර ස්වභාවයක් ගනී. ගල්ෆ් යුද්ධයට විරුද්ධ විය. පසුව ඉරාකයට එරෙහිව සම්බාධක පනවන විට සහාය දුන්නේය. මත් ද්‍රව්‍ය සහ අපරාධ මර්දනය වෙනුවෙන් අණ පණත් පනවන අවස්ථාවේ පෙනී සිටියේය. හෙතෙම සිවිල් නිදහස ගරු කරන නායකයෙකු වශයෙන් ප්‍රකටය. ඔබාමා පාලන කාලයේ දී එරට අය වැය පාලනය සම්බන්ධයෙන් විනයක් ඇති කරන්නට උත්සාහ කළේය. පුරවැසියන්ගෙන් අය කරන ආදායම් බදු අඩු කරන නව අණ පනත් සම්මත කරන්නට සම්බන්ධ වී ඇත. ඔබාමා ජනාධිපතිවරයා විසින් සිට සගයාට නිදහස වෙනුවෙන් පුරවැසි සම්මානය 2017 වසරේ දී පිරිනැමීය. මෙවර ජනාධිපතිවරණ වේදිකාවට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පැමිණි අතර බයිඩන් ගේ ජය වෙනුවෙන් පෙනී සිටියේය.

බයිඩන් ගේ විදේශ ප්‍රතිපත්ති දේශපාලන වේදිකාවේ දී

ජනාධිපතිවරණ වේදිකාවේ දී ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාටම චීනය බලවත් සාධකයක් විය. ට්‍රම්ප් කියා සිටියේ ලෝකයේ තැනින් තැන රදවා ඇති සේනාංක අඩු කරන නමුත් යුද වියදම් කපා හරින්නේ නැති බවය. චීනයේ අපනයන වලට පනවන ලද බදු කිසිසේත් අඩු නොකරන බව ප්‍රකාශ කළේය. එහෙත් ජෝ බයිඩන් ජාත්‍යන්තරය සමග හදාගත් ගැටුම් සියල්ල නැවත හදා ගන්නා බව කෙලින්ම කියා සිටියේය. ඇමරිකානු තර`ගකාරී රටවල් සමග සම්බන්ධතා තරකරගන්නා අතර චීන වෙළ`දාමට අහිතකර සේ පනවා ඇති බදු වෙනස් කරන බව දැක්වීය. චීනය නොසැලකිය යුතු රටක් නොවන අතර සියලූම අන්තර් ජාතික සම්බන්ධතා සම්බන්ධයෙන් වගවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ස`දහන් කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පාලන කාලය තුළ සම්මතය අභිබවා තනි පැවැත්මකට ගියේය. හිතුවක්කාර තීරණ තමන්ගේ ට්ටිටර් ගිණුමෙන් හෙළිදරව් කරන ලද අතර සමීප පුද්ගලයන් පවා දැන සිටියේ නැත. ජෝ බයිඩන් ගේ ජයග්‍රහණය සමග ඇමරිකාව නැවතත් පැරිස් සම්මුතියට එ`ක`ග වීම සිදුවිය හැකිය. ට්‍රම්ප් ගේ තීරණයක් පරිදි කාලගුණ විපත් වලකන සම්මුතියෙන් ඇමරිකාව ඉවත් වූ අතර නිල වශයෙන් එය සිදුවෙන්නේ නොවැම්බර් 04 වන දා සිටය. පැරිස් සම්මුතියට ලෝකයේ සෑම රටක්ම අත්සන් තබා ඇති අතර ඇමරිකාව නැවත ඇතුළුවුවහොත් එය බයිඩන් ජනාධිපතිවරයාගේ පළමු නිල කාර්ය අතර එකක් විය හැකිය. අනෙක ලබන වසරේ ජුලි 21 වැනි දා සිට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බවට ට්‍රම්ප් කරන ලද දැනුම් දීමය. කොවිඩ් වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ්ක්‍රියා කලාපය කමකට නැති බව කියා සිටි ට්‍රම්ප් එහි සාමාජිකත්වයෙන් ඉවත් වී ගෙවන ආධාර නතර කරන බව දැනුම් දුන්නේය. ජාත්‍යන්තරය සමග තිබුණ ගැටුම් පිලිසකර කරන බයිඩන්ගේ ලැයිස්තුවට එය ද ඇතුලත්විය හැකිය.

ඉරානය ට පනවා ඇති න්‍යශ්ඨික බලය භාවිතා කිරීමේ වාරණය හා සම්බාධක ගැන සාකච්ඡා කරන්නට සුදානම් බව බයිඩන් ජනාධිපතිවරණ වේදිකාවේ දී අනාවරණය කළ තවත් කරුණකි. එය තවත් ව්‍යුහාත්මක වෙනස්කමකි. මේවා සමග මතුවන ලෝක චිත්‍රය අතිශය සංකීර්ණ මුහුණුවරක් ගනු නිසැකය.

ශ්‍රී ලංකාවේ සම්බන්ධතා සහ ඩයස්පෝරාවේ හැසිරීම

ට්‍රම්ප් තද ජාතිකවාදී ස්වරෑපයක ක්‍රියා කළේය. ඔහු ජය අත්පත් කරගත්තේ රට තුළ දුප්පත් ජනතාවට කරන ලද ආමන්ත්‍රණය සමගය. එහෙත් මෙවර ඡන්දය ප්‍රකාශ වූ ආකාරය අනුව ඔහු සිය ඡන්ද දායකයෝ වෙත නිසි සැලකිලක් දක්වා නැත. පදනම දියැවී ගියේය. ජෝ බයිඩන් උරුමක්කාර පුරවැසියන් පමණක් නොව වෙනත් රටවලින් පැමිණ ඇති අන්‍ය සම්භවයක් සහිත පිරිසට ද අත දිගු කර තිබේ. ඔහු ගේ උප ජනාධිපතිවරිය එයට එක සාධකයකි. උප ජනාධිපතිනිය වශයෙන් පත්වන කමලා හැරිස් ගේ හස්තය බලවත්ය. ඇය ගේ පියා ජැමෙයිකානු නමුත් මව ඉන්දියානු සම්භවයක් සහිතය. චෙන්නයි ප්‍රාන්තයට ඥාතිත්වයක් ඇති ඇයගේ මව වෙනුවෙන් ඉන්දියානුවෝ ඇතැමෙකු ගේ සහාය තිබුණ අතර සමහර කෝවිල්වල පොල් ගසන ලද බැතිමත්හු කමලා හැරිස්ට ජය අත්පත්කරගෙන දෙන සේ ප්‍රාර්ථනා කරන ලද බව ඇමරිකාවේ ෆයිනෑන්ෂල් ටයිස්ම් පුවත් පත වාර්තා කර තිබුණි. කමලා හැරිස් කැලිෆෝනියාවේ සෙනෙට් නියෝජිතවරියක වශයෙන් 2017 වසරේ සිට ක්‍රියා කරන්නීය. මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, ලිබරල් අදහස් සහිත පාලනයකට අන්තවාදී මතධාරීහු ඇමරිකාව තල්ලූ කර තිබේ. ශ්‍රී ලාකේය සම්භවයක් සහිත දෙමළ ඩයස්පෝරාව ද එහි එක කොටසක් බව අමතක කළ යුතු නැත. බයිඩන් හා කමලා හැරිස් ගේ ජය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම් එයින් අනතුරුව හැරෙන දිසාව ගැන කල්පනා කළ යුතුය.

ස්විට්සරලන්තයේ ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් වූ අතර පසුව ශ්‍රී ලංකාව එහි සම කොටස්කරුවන් බවට පත්විය. අවසානයේ දී ශ්‍රී ලංකාව එම යෝජනාවෙන් ඉවත් වන බව දන්වා තිබේ. ඇමරිකාව එම යෝජනාවේ දී පාර්ශවකරුවෙකි. එම යෝජනාව මෙරටට බලපාන වැදගත් සන්ධිස්ථානයකි. කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව දැඩි තීන්දු තීරණ ගත හැකි එකක් නොවන නමුත් එය රටට සන්ධිස්ථානයකි. යෝජනාව සමග ජාත්‍යන්තර බලවතුන්ට ප්‍රවේශවීමේ දොරටුවක් විවර විය. නමුත් ට්‍රම්ප් පාලනය එය ගැන දක්වන ලද උනන්දුව සීමා සහිතය. වසර දහයකට පසු පවා, ශ්‍රි ලංකාවේ ජනවර්ග අතර ප්‍රශ්නයක් ඇතැයි ලෝක බලවතුන් අතර මතයක් තිබේ. දෙමළ ජනතාවට සාධාරණය ඉටුකරන්නැයි ඔවුහු කියා සිටිති. ත්‍රස්තවාදය මැඩපැවැත්වීමෙන් පසු එයට මූලික වූ ජන කොට්ඨාශයට සාධාරණ විස`දුමක් හිමි විය යුතු බව ඔවුන්ගේ අදහසයි. සත්‍ය කොමිසම, වන්දි ගෙවන ක්‍රමවේදය හා ජාත්‍යන්තර මැදිහත්වීම් සම්බන්ධයෙන් තිබුණ න්‍යාය පත්‍රය තද කරන්නට අලූත් ඇමරිකාව උත්සාහ කරන්නේ ද යන්න අවධානයට ගැනීම සුදුසුය. එය කෙලින්ම කරන පීඩනයක් නොවිය හැකි අතර ඇමරිකාවට සම්බන්ධ රටවල් ලවා කරන බලකිරීමක් විය හැකිය. එයට කලින් රටට ගත හැකි තීරණ තිබේ.

ඇමරිකානු ආධාර වැඩ පිලිවෙල ගැන තීරණයක්

ජනාධිපතිවරණයට කලින් මෙරට පැමිණි එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කළ ස`දහනක් ද අමතක කළ යුතු නැත. දෙරට අතර ආයෝජන හා ආධාර වැඩ පිලිවෙල සම්බන්ධව විවෘත දොරටුවක් ඇති බව හෙතෙම ඉ`ගි කළේය. ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අදහසක් අනුව දියුණුවෙමින් පවතින රටවලට පමණක් හිමිවන මිලෙනියම් වැලෙන්ජ් අරමුදලේ සහාය මෙරටට හිමිවිය. ඇමරිකානු ඩොලර් මිලියන 480ක ප්‍රදානයකි. එය පිටුපස ඇති යෝජනා බව හුවා දක්වමින් ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී මෙරට දේශපාලන පක්ෂ මිලෙනියම් චැලෙන්ජ් ආධාර වැඩ සටහනට එරෙහි විය. පසුව ස්වාධීන කමිටුවක් පත් කළ අතර එම කමිටුව පවා ආධාර නොගන්නා ස්ථාවරයකට රට තල්ලූ කර තිබේ. ඇමරිකානු රාජ්‍ය නායකයෝ වෙනස් වූ පමණින් ප්‍රතිපත්ති වලට එපමණ බලපෑමක් නොවේ. නැවත වතාවකින් හො`ද හිත ඉදිරියට ගෙන යන්නට කෙලින්ම අදහසක් ඉදිරිපත් කිරීමට සිදුවෙයි. චීනයේ ආධාර වැඩ පිලිවෙල සහ ඇමරිකාවෙන් භාර නොගැනීම ගැන පවතින ගැටළුව සංකීර්ණ තත්ත්ව මතු කරන්නට ඉඩ තිබේ.

ඇමරිකන් ආධාර ප්‍රතික්ෂේප කරන එරට අදහස් හෙලා දකින ශ්‍රී ලංකාව ඇ`ගළුම් අපනයනය ඇතුළු අංශ වල දී ඇමරිකාවේ සහාය අපේක්ෂා කරයි. දැනටමත් වැඩිම ඇ`ගළුම් ප්‍රමාණයක් එනම් මෙරට ඇ`ගළුම් අපනයන වලින් සියයට තිස් පහක් ඇමරිකාවට අපනයනය කෙරේ. වියට්නාමය, බංගලා දේශය වැනි රටවල් ශ්‍රී ලංකාවේ ඇ`ගළුම් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තර`ගකරුවන්ය. මෙම රටවලට ඉදිරියෙන් ඇමරිකාවේ අලූත් පාලනය සමග සබ`දතා පවත්වා ගැනීමට ආණ්ඩුව සමත්විය යුතු බව පෙනේ. වඩා සමීප කරගතහොත් නරක පමණක් නොව වඩා විමර්ෂණශීලීව සබ`දතා තරකරගතහොත් අවස්ථාවක් ද උදා කරගත හැකිවනු ඇත. මෙරට දේශපාලනයේ අන්තවාදී ආකල්පවල පරස්පරතා දෙරට අතර පවතින බැ`දීම අවසානයේ දී තීරණය කරනු ඇති බව නිසැකය.

 

ශාමින්ද වත්තේගෙදර මව්බිම පුවත්පතට ලියූ ලිපියකි.

කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය (නොවැම්බර් 06) අවසන් විය.

 

මහේල වත්මන් ක්‍රිකට් ලොව සැණකෙළියේ මහ මොළකරුවෙකි . අම්බානිගේ සල්ලි වැස්සේ තෙමෙන්නට පදම හොදින් දත් ඔහු ඔහුටම ආවේණික රිද්මයකින් මුම්බායි ඉන්දියන්ස් ජය මාවතක රැගෙන යන්නේය.

මහේල මුම්බායි ඉන්දියන්ස් භාර ගත් පසු කණ්ඩායම් විනයට අංක එක දුන්නේය. තම ක්‍රීඩකයින් ක්‍රමවත් කරන්නට එදා ඔහු අපූර්ව අදහසක් ගෙන ආවේය.කිසියම් ක්‍රීඩකයෙකු තරගයකදී හෝ ඉන් පිටතදී වරදක් කළහොත් විශේෂිත ඇදුමක් ඔහු වෙනුවෙන් වෙන් කළේය. යළි වෙනත් අයෙකු වරදක් කරන තෙක් කලින් ක්‍රීඩකයා කණ්ඩායම සමගින් වන සෑම විටම එම දඩුවම් ඇදුමින් සැරසිය යුතුය.

මහේලගේ මෙම දඩුවමට මුලින්ම ලක්වන්නේ කොල්කටා කණ්ඩායමෙන් මුම්බායි වෙත කැදවාගත් සූර්යකුමාර් යදාව් ය. වෙලාවට වැඩකරන හොද පුරුද්ද අමතක කල සූර්යකුමාර් වෙත මහේලගේ මෙම දඩුවම තදින්ම බලපෑවේය. මෙවර IPL තරග බිම හොල්ලන පිතිකරුවකු වන්නට ඔහුට හැකි වූයේ පුහුණුකරු මහේල ටොකු ඇන ඇන කියා දීපු පාඩම් නිසා බවයි ඔහු පවසන්නේ.

මුම්බායි පිළට වගේම ඉන්දීය ජාතික කණ්ඩායමේත් අනාගත බලාපොරොත්තුවක් වන ඉෂාන් කිෂාන් සම්බන්ධයෙන්ද අපූරු කතාවක් එළියට එන්නේය. පුහුණු සැසියකදී කිෂාන් වෙත පන්දුවක් මගහැරෙන අතර ඔහුගේ අලස ක්‍රීඩා විලාසය දුටු මහේල සැනෙකින් කෝප වන්නේය .

" ක්‍රිෂ් තමුසේ නිදිද .......? " මහ හඩින් එහෙම අහපු මහේල ඔහුව ළගට කැදවා කළ දේශනාව සමාජ මාධ්‍ය අතර හරි ජනප්‍රියය.

රාත්‍රී කාලයේ වැඩිපුර අවදිව හිටපු මේ තරුණ ක්‍රීඩකයා අනාගතය වෙනුවෙන් සුදානම් කළ මහේල ක්‍රමයෙන් ඔහුව වේලාසන නින්දට යවනවා පමණක් නොව ඔහුගේ උපරිමය කණ්ඩායම වෙත රදවන්නේය.

සමහර විට මහේලගේ ක්‍රිකට් ආගමනයේ ඔහු ලත් අත්දැකීම් මේ සියල්ලට හේතු වූවාට සැක නැත.

1997 දී මහේල SSC කණ්ඩායමට එනවිට දැවැන්තයින් රැසකගෙන් කණ්ඩායම සමන්විතය . අර්ජුන , ගුරුසිංහ , හේමන්ත වික්‍රමරත්න ආදීන් සමග මහේලට වෙන්වූයේ ආරම්භක පිතිකරු තනතුරයි. එය ඔහුගේ මංගල පළමු පෙළ තරගයද විය. බ්ලූම්ෆීල්ඩ් පිළට එරෙහි ඒ තරගයේ අර්ධ ශතකයද ඉක්මවා මහේල මතක හිටින ඉනිමක් දියත් කලේය. නමුත් දිනය නිමවන්නට ඕවර කීපයකට පෙර රුවන් කල්පගේ හමුවේ වැරදි පහරක් ගැසූ මහේල දැවී යන්නේය.

යොවුන් විය එළි පැත්තේ සිටි මහේල ප්‍රථම තරගයේ තම තරම ගැන සතුටින් SSC පඩිපෙළ නැග ක්‍රීඩාගාරයට ඇතුළු වනවාත් සමග කණ්ඩායම් නායක අර්ජුන යක්ෂාරූඩ විය. අමු සිංහලෙන් මහේල ඇමතූ ඔහු විකට්ටුව විසිකිරීම වෙනුවෙන් අපූරු දඩුවමක් දුන්නේය. ක්‍රීඩාගාරය ඇතුලට මහේල කැදවා නොගත් අර්ජුන පඩිපෙළ මත ඔහු ඉන්දවීය.

එදා එලෙස දඩුවම් විදි මහේල ලොව දකුණත් පිතිකරුවෙකු ලද ඉහළම ටෙස්ට් ඉනිම එම SSC පිටියේදීම ලබන්නේය. ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවසන් පූර්ව සහ අවසන් මහා තරග දෙකකදීම ශතක ලද ප්‍රථම ක්‍රීඩකයා බවටද ඔහු ඉතිහාසගත වන්නේ.

එදා අර්ජුන මහේලට නොකියා කියා දුන් පාඩම මෙදා මහේල අසල්වැසියාට බෙදන අයුරු හරි අපූරුය.

© මංජුල ලන්දෙකුඹුර

බස්නාහිර පළාතේ වාහන බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි

ශිල්ප උගත්තෙමි
නැණ ලැබ ගත්තෙමි
දෙපා වාරු නැත ඔබ හැර යන්නට..
දෙපා වාරු නැත ඔබ හැර යන්නට .

මෙවර උසස්පෙළ විභාගය අවසන් කරමින් වසර 13 ක  පාසල් කාලය නිමා කර පාසල හැරයන මොහොතේ  පාසල් මාතාවට ගෞරව කරන දරුවො ටිකක් පිලිබද  පුවතක්  ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයෙන් වාර්තා වුනා.

බොහෝ ළමුන්ගේ මානසිකත්වය අන්තිම දවසේ "ඇරියස් කවර් කරලා,නිල් නාලා.ගහගෙන..කෑ ගහලා.."
නොකලයුතු දේවල්  කරලා   පාසලට අපකීර්තියයක් උරුමකර දෙන ළමයින් අතර තම පාසල් මාතාවට දෙපා බිම තබා වන්දනා කරන මේ සත්පුරුෂ, ගුනගරුක දරුවන්  අනාගත  ළමයිට හොද ආදර්ශයක් සපයන බව කිව යුතුමය.

මෙහි ජායාරූප මුහුණු පොතෙන් 

කොවිඩ් ආසාදිතව සිට සුවවූ නම සදහන් නොකරන අයෙකු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයක් ලබා දී තිබේ.

ඉන් අනතුරුව, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මගින් දැනට සිදුකරන පී.සී.ආර්. ප්‍රමාණය වැඩි කිරීමට තීරණය කර ඇති වාර්තා වේ.

ඒ අනුව දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 300 ක් පමණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා පැවසුවේය.

ජයවර්ධනපුර මහ රෝහල සතුව මීට පෙර පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රයක් නොතිබුණු අතර එම රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ගෙන ඇත්තේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා ය. මීට අමතරව රජය මගින් කුරුණෑගල , කෑගල්ල හා කඵතර රෝහල්  සදහා ද අලුත් PCR යන්ත්‍ර ලබා දී තිබේ.

කොවිඩ් -19 හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත් හිටුවයි-තැපැල්පති

1942 වසරේදී උපත ලබා ඇති බයිඩන් ගේ උපන් ප්‍රදේශය වන්නේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ස්ක්‍රන්ටෝන් නම් නගරයි.
 
ඔහුගේ මව ජේන් නම් වූ අතර පියා ජෝෂප් වේ. ඔහු පාවිච්චි කළ මෝටර් රථ අලෙවිකරුවෙක් වූ අතර ඔහුගේ ආදායම නිතර වෙනස් වූ බව සඳහන් වේ.

එම පවුලේ දරුවන් අතුරින් වැඩිමලා වුයේ ජෝ බයිඩන් ය. ඔවුන් පාරම්පරික අයිරිෂ් කතෝලික පවුලකි.

මූල්‍ය අපහසුතා හේතුවෙන් බයිඩන් සිය කුඩා කාලය ගතකර ඇත්තේ ඔහුගේ මවගේ දෙමව්පියන් සමග ය.
 
"මගේ තාත්තා සැමවිටම කිව්වේ, "ශූරයා, බිමට වැටෙන්න පහරක් වැදුනොත්, ඔබ නැවත තරඟයට පිවිසිය යුතුයි කියලා," බයිඩන් පැවසීය.    

ඔහු පාසලේදී වඩාත් දස්කම් පෑවේ අධ්‍යාපනයට නොව ක්‍රීඩාවට ය. ඔහු අමෙරිකානු පාපන්දු සහ බේස්බෝල් ක්‍රීඩාවලින් දස්කම් දැක්වීය.

ඔහු 1965දී විශ්වවිද්‍යාල අධ්‍යාපන නිම කළේය.

නීති විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු බයිඩන් විල්මින්ටන්, ඩෙලවෙයා ප්‍රදේශයට ගොස් තිබේ. ඒ, නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ඇරඹීමට ය.  

ඔහු 1966 සිය පළමු බිරිඳ වූ නීලියා හන්ටර් සමග විවාහ විය.

ඔවුන් දෙදෙනාට පුතුන් දෙදෙනෙක් - බියෝ සහ රොබර්ට් - සහ නයෝමි නමින් දියණියක් ලැබුණි.

බයිඩන් ප්‍රථම වරට සෙනෙට් මණ්ඩලයට තේරී පත්වී ඇත්තේ 1972 දීය. නමුත් ඊට මාස කිහිපයකට පසු ඔහුට සිය බිරිඳ සහ එවකට අවුරුදු එකක් වූ දියණිය ද මෝටර් රථ අනතුරකින් අහිමි විණි.

එම අනතුරෙන් පුතුන් දෙදෙනා තුවාල ලැබුවද ඔවුන් බේරී තිබුණි.
 
2015 වසරේදී, බියෝ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් මිය ගියේය.

බාල පුතු හන්ටර් ද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකි.

කෙසේ වෙතත් ජෝ බයිඩන් නම්  ඔහු ඇමරිකාවේ ජනපති ලෙස පත්වීමට ඉතා ආසන්නය. 

සෞඛ්‍ය අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් කොරෝනා පාලනයට පියවර ගත්තද මහ ජනතාව ඒ සදහා ලබාදෙන සහයෝගය අල්ප බව සදහන් කළ යුතුය.ඇදිරි නීතිය පැවතියද මාහා මාර්ග ජනයාගෙන් හා රථවාහනවලින් පිරී පවතින බව දැකගත හැකිය.  මේ අතර  වෛරසය ආසාදනය වී ඇති බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ගණන 180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි. ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති පොලිස් නිලධාරීන් ගණන 1,302 ක් වනවා.  

මේ අතර රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 8 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා සදහන් කර සිටියි.

 

වීදි ආහාරවල අතීතයට කිමිදීම සුවඳින් පිරි රාජකාරියකි. වර්තමාන 'ස්ට්‍රීට් ෆුඩ්' සංස්කෘතිය එදිනෙදා ජීවිතාංගයක් තරමට සමීප වී ඇති විට ලේයරයෙන්, ලේයරය ගලවා අතීතයට බැසීම ඇත්තෙන්ම සුවඳ විහිඳුවන ක්‍රියා පටිපාටියකි. වසර දහසකට එහා අතීතයේ ග්‍රීසියේ වීදිවල පුලුස්සන ලද මාංශ විකිණීමෙන් වීදි ආහාර සම්ප්‍රදාය ඇ‍රැඹියා යැයි සැලැකේ. පුරාතන ග්‍රීසියේ දුප්පතුන් අතර මේ වීදි ආහාර අතිශය ජනප්‍රියව පැවැතියේ යැයි සඳහන්ය. උදුනක් හෝ ලිපක් මිලදී ගැනීමට තරම්වත් වත්කමක් නොමැති, නිවාස නොමැති මිනිසුන් අතර මේ වීදි ආහාර ජනප්‍රියව පැවැතියේ ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් විය යුතුය. පුරාතන චීනයේ වීදි ආහාරවල ඉලක්ක වෙළෙඳපොළ වී තිබී ඇත්තේ දුප්පත් මිනිසුන්ය. එහෙත් පෝසතුන් පවා තමන්ගේ අතවැසියන් වීදි වෙතට යවා ආහාර මිල දී ගෙන තමන්ගේ සුව පහසු නිවාස ඇතුළට වැදී රස බලා ඇත. ඒ තමන්ට අහිමි දුප්පතුන්ට හිමි විශේෂ විනෝදය කුමක්දැයි පරික්ෂා කර බැලීමට විය යුතුය. පුරාතන චීනයේද වීදි ආහාර යනු අතිශය ජනප්‍රිය සංස්කෘතිකාංගයකි.

වීදි ආහාර දශක ගණනාවක් මුළුල්ලේ ක්‍රම ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැතියකි. පැරීසියේ කුඩා කරත්තවල සහ කූඩාරම්වල පටවාගත් පේස්ට්‍රි වර්ග විකුණූ ඉතිහාසය පිළිබඳ කළු-සුදු පින්තූර සමඟ අතීතය පිවිසෙන්නට ඔබට ඉඩ ඇත. මේ පැරීසියේ පේස්ට්‍රි වර්ගවල පිරවුම් ද නූතන ඉවුම් පිහුම් වැඩකරුවන් අන්ද මන්ද කරවන සුලු ඒවාය. මාංශ සේම එළවළුද සමෝසමේ දමමින් සකසා ඇති පේස්ට්‍රි ඉතා සුළු මුදලකට මිල කර තිබී ඇත. විශේෂයෙන්ම කය වෙහෙසමින් වැඩ කරන කම්කරුවන් තමන්ගේ දෛනික වේතනයෙන් යම් මුදලක් වැයකොට මේවායෙන් ආහාර මිලදීගෙන ඇත. සුප්‍රකට '‍ෆිෂ් ඇන්ඩ් චිප්ස්' ආහාර සංකලනයත් මෙකල අතිශය ජනප්‍රිය වූවකි.

පුවත්පතක ඔතන ලද රස වෑහෙන පුලුස්සන ලද මාළු සහ පිලිස්සූ අර්තාපල් තීරු එකල වෙනත් රස තීරුවක් වෙන් කරවාගෙන සිටින්නට ඇත. පුලුස්සන ලද මාළු ඉපැ‍රැණි ඊජිප්තු වැසියන්ගේත් ප්‍රියතම ආහාරයක් වී තිබී ඇත. එතැනින් උතුරු අප්‍රිකාවටත්, ස්පාඤඤයටත් බෝ වුණ මාළු පිලිස්සුම් ක්‍රම ක්‍රමිකව වෙනත් රාජ්‍ය කරාද වෙනස් මාදිලිවලින් ව්‍යාප්ත වන්නට ඇත.

නාගරීකරණය හේතුවෙන් වීදි ආහාරවල මූලික වෙළෙඳපොළ සහ අරමුණ වෙනස් වී ඇත. එක්තරා කාලයක තම නිවෙසේ උදුනක් නැති නිසා දුප්පතුන් මිලදී ගත් වීදි ආහාරම තවත් කාලයක අධික කාර්යබහුලත්වය නිසා පෝසත් පුද්ගලයන් අතට විතැන් වී ඇත. ක්‍රම ක්‍රමයෙන් වීදි ආහාර ක්ෂණික ආහාර බවට රූපාන්තරණය වීම කලින් කියූ නාගරීකරණයේ එක් නරක ප්‍රතිඵලයකි. ‍රැකියාවෙන් ගෙනෙන වෙහෙස, ගමන් වෙහෙස ආදී දහසක් කාරණා මැද නිවසේ ආහාර ඉවීමෙන් ඈත් වීමට පොදු තීරණයක් ගත් මේ නාගරික ජනයා පිසූ ආහාර මිලදී ගැනීමේ සංස්කෘතිය වෙත නොදැනුවත්වම සංක්‍රමණය වන්නට වූහ.

පිසූ ආහාර අතරත් ක්ෂණික ආහාර ‍රැල්ලක් ලෝකය පුරා හමා යන්නට වූයෙන් ශරීරයට අහිතකර ආහාර බොහොමයක් සමාජගත වන්නට විය. මේ හරහා අධික ස්ථූලතාවයෙන් පටන් ගත් රෝග ‍රැල්ලක් ද ලෝකය පුරා හමා ගිය බව කිසිවකුට අමතක කළ නොහැකිය.

රස නහර පිනවන, දිව පුලුස්සන රස සහිත ක්ෂණික ආහාර සමඟ කෙටි ආහාර පුරුදු ද ඉන් පසුව බෝ වන්නට විය. මේ බොහෝ දේ වෙළෙඳ උපක්‍රම මිස ඉල්ලුම සහ සැපයුම ඉ‍ටු කිරීමක්ද නොවේ. මේ බහුතරයක් වීදි ආහාරවල මිල ගණන් වෙනත් ආපනශාලාවලට වඩා අඩු වීමද අනෙක් විශේෂ කාරණයයි. ඉන්දියානුවන්ද මෙකී වීදි ආහාර සංස්කෘතියට වෙනත් රසකින් දායක වු තවත් රටකි. තල්ලු කරගෙන යන කරත්තවලින් ඇ‍රැඹුණු ඉන්දීය වීදි ආහාර සංස්කෘතියේ ජනප්‍රිය අංග රාශියකි. බටහිර බහුතර ආහාර වර්ග ඉන්දියානු ක්‍රමයට යහමින් මසාලා දමමින් සැකසීම හේතුවෙන් ඔවුන් නොමැකෙන සටහනක් තබා ඇත.
ඔවුන්ගේ ආහාර සංස්කෘතිය ඇතුළත ඇති අන් තැනක නැති අපූර්වත්වය ඊට හේතු වන්නට ඇත. එබැවින් වීදි ආහාර ඉතිහාසය සේම එහි වර්තමානයත්, අතීතයත් ගැන කතා කරන විට අපට ඉන්දියාව අතහැරිය නොහැකිය. ආහාර සහ කෘෂිකර්ම සංවිධානය 2012දී නිකුත් කළ වාර්තාවකට අනුව ඉන්දියානුවන් බිලියන 2.5ක් දෛනිකව වීදි ආහාර අනුභව කරයි. මේ වාර්තා තරමක් පුදුමය ඇති කරවන සුලුය. වසරක් පාසා දිල්ලියේ පැවැත්වෙන වීදි ආහාර උළෙල මේ සඳහා හොඳම උදාහරණයකි.

කෙසේ නමුත් මෙතුවක් කාලයක් රට රටවල වීදි ආහාර සංස්කෘතියක් නොනැසී පවතින්නේත්, වැඩී වර්ධනය වන්නේත් නොනවත්වාම ඒ ආහාර මිලදී ගත් මිනිසුන් හේතුවෙනි. ඔවුන් නොදැනුවත්ව සෑම රටකම වීදි ආහාර සංස්කෘතියට වැඩෙන්නට පොහොර සපයා ඇත. වීදි ආහාර යනු සෑම රටකම මිනිසුන්ගේ ආහාර ‍තෝරා ගැනීමේ වඩාත්ම දියුණු අවස්ථාව ලෙස හඳුන්වා දුන හොත් එහි කිසිදු වරදක් නැත.

 

කාංචනා අමිලානි
-Dinamina-