Wednesday, 23 October 2024
Editor

Editor


විවිධ කාල වකවානු තුළ ලෝකයේ නිමක් නැති උණුසුම් පුවත් නිර්මාණය වීම ඉතාමත් සුලභ කාරණයකි. එලෙස ලෝකය උඩුයටිකුරු කරන පුවත් නිර්මාණය කරන පුවත් උල්පතක් බඳු වන්නේ විද්‍යා ක්ෂේත‍්‍රයයි. නව සොයාගැනීම් හා ඊට අදාළ පර්යේෂණ හා ගවේෂණයන් කියාපාන්නේ අනාගත ලෝකයට විවර වන මං පෙත්ය. මෙලෙස මෙම සතියේ බීබීසී, අල්ජසීරා, නේචර් වැනි ලොව පුරා තිබෙන බොහෝ සුප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයන්ගේ උණුසුම්ම පුවත වූයේ ”සඳ මතුපිටින් ජලය සොයාගනියි” යන පුවතයි. අභ්‍යවකාශ ගවේෂණය ලොව ආරම්භ වූ දා සිට මිනිසාගේ තිබූ මූලිකම අරමුණක් වන්නේ සඳෙහි ජලය පවතිනවාද? නැත්ද? යන්න සොයාගැනීමයි. කාලෙන් කාලයට පුවත් මවන මේ කාරණය මෙවර සත්‍ය වේද? එම කාරණය සත්‍ය වූවා නම් ඒ කුමන පර්යේෂණයක ප‍්‍රතිඵලයක්ද? අද අපි විමසමු ඒ ගැන.

චන්ද්‍රයා මතුපිට ජලය සොයායෑමේ පරීක්ෂණය 20 වන සියවස දියත් කෙරුණු ඇපලෝ වැඩසටහන දක්වා විහිදී යයි. ධ‍්‍රැවීය චන්ද්‍ර ආවාටවල අයිස් ඇතිවීමේ හැකියාව මුලින්ම යෝජනා කළේ 1961 දී කැල්ටෙක් පර්යේෂකයන් විසිනි. ඇපලෝ ගගනගාමීන් විසින් එකතු කරන ලද චන්ද්‍ර පාෂාණ සාම්පලවල හෝඩුවාවක් සොයා ගත හැකි වුවද, මෙම සාම්පල අපවිත‍්‍ර වීම හේතුවෙන් කරන ලද පර්යේෂණයන් අසාර්ථක විය. 1971 ඇපලෝ 14 යානය ගොඩ බෑ ස්ථානයෙන් ලැබූ සාක්ෂි අනුව සඳ හි ඇති ජලය ගැන මුල්ම හෝඩුවාව ලැබූ අතර 1978 සෝවියට් රුසියාවෙන් දියත් කෙරුණු ලූනා 24 යානයෙන් සඳෙහි ජලය ඇති බව නිශ්චිතව ප‍්‍රකාශයක් නිකුත් විය. ඉන් අනතුරුව චන්ද්‍රයා මත ඇති ජලය ගැන ප‍්‍රකාශ නිකුත් වුවත් 21 වන සියවස වන විට මෙම මාතෘකාවට නැවතත් උණුසුම් මුහුණතක් ලබා දීමට ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට (ISRO) මගින් චන්ද්‍රයා වෙත දියත් කෙරුණු චන්ද්‍රයාන් 1 යානය සමත් වන අතර යානයේ ඇති උපකරණ මගින් ලබා ගත් දත්ත අනුව සඳ මත අයිස් වූ ජලය ඇති බවට අනාවරණය කරගැනීමට හැකිවන අතර 2010 මාර්තු මාසයේදී චන්ද්‍රයාන් 1 යානයේ සිටි මිනි-එස්. ඒ. ආර් සඳෙහි උතුරු ධ‍්‍රැවය අසල ස්ථිරවම අඳුරු වූ ආවාට 40 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර ඒවා හි ඇස්තමේන්තු කර ඇති පරිදි මෙටි‍්‍රක් ටොන් මිලියන 600 ක් පමණ ජල අයිස් අඩංගු වනවා. මෙම සොයාගැනීම කෙරෙහි බොහෝ දෙනා විවිධ විවේචනයන් හා අදහස් ඉදිරිපත් විය. නමුත් මෙවැනි විද්‍යාත්මක සොයාගැනීම් හි සැලකිය යුතු හෝ නිමාවක් දකින්නේ තව තවත් පර්යේෂණ කරමින් සිදුකරගන්නා ලද නිශ්චිත තහවුරු කරගැනීම් වලින් පමණි.

අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කරමින් අධෝරක්ත නිරීක්ෂණ ගුවන් යානා භාවිත කරමින් අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය පළමු වරට භාවිතා කරන ලද්දේ 1965 වසරේ දීය. නාසා ආයතනයේ ව්‍යාපෘතියක් වූ මෙය සිකුරු ග‍්‍රහයා නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගත් අතර 1969 දී දුරේක්ෂයක්ද ගුවන් යානයක සවිකිරීමේ කුයිපර් ව්‍යාපෘතිය ඇරඹිණි. එහි මූලික අරමුණ වූයේ වායුගෝලයේ ජල-වාෂ්ප අවශෝෂණය අවම කරමින් අධෝරක්ත කිරණ උපයෝගී කරගනිමින් අභ්‍යවකාශ ගවේෂණයයි. 1975 වසර වන විට වැඩ අවසන් වූ මෙම ව්‍යාපෘතියෙන් යුරේනස් ග‍්‍රහලෝකය වටා ඇති මුදු පද්ධතිය සොයා ගැනීම ඇතුළු විද්‍යාත්මක අධ්‍යයන රැසකට මෙම දුරේක්ෂය ඉවහල් විය. අනතුරුව කුයිපර් ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ඇමරිකාවේ නාසා ආයතනයේ 80% ක මූල්‍ය දායකත්වයෙන් හා ජර්මානු ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (DLR) 20% මූල්‍ය දායකත්වයෙන් මෙන්ම විශ්වවිද්‍යාල අභ්‍යවකාශ පර්යේෂණ සංගමයට (USRA) එකතුවෙන් අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වූ නිරීක්ෂණාගාරය වන සොෆියා (SOFIA) ව්‍යාපෘතිය ඇරඹි අතර බෝයිං 747 වර්ගයේ නවීකරණය කෙරුණු ගුවන් යානයක් තුළ ඇති නිරීක්ෂණාගාරය සමගින් තම මංගල පර්යේෂණ චාරිකාව 2010 වසරේ දී ආරම්භ කරන ලදී. මුල් කාලයේ චන්ද්‍රයා ගවේෂණය නොකළ අතර කළු කුහර, තරු පොකුරු සහ මන්දාකිණි වැනි අභ්‍යවකාශ වස්තූන් අධ්‍යන කෙරූ සෝෆියාගේ අවධානය සඳ වෙත යොමු වූයේ 2018 අගෝස්තු මාසයේදීය.

https://sannasa.org/26d74858-5dac-4f76-8679-29dbdc9ff536" width="325" height="155">

අඩි 45,000 ක් පමණ උන්නතාංශයක පියාසර කරමින් අඟල් 106 ක විෂ්කම්භයකින් යුත් දුරේක්ෂයක් සහිත මෙම නවීකරණය කරන ලද බෝයිං 747 ජෙට්ලයිනර් ගුවන් යානය අධෝරක්ත කිරණ යවමින් විශ්වය පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීම සඳහා පෘථිවි වායුගෝලයේ ජල වාෂ්පයෙන් 99% ට වඩා ළඟා වේ. සොෆියා දුරේක්ෂ සඳහා එහි අධෝරක්ත කැමරාව භාවිතා කරමින් ජල අණු වලට ආවේණික වූ නිශ්චිත තරංග ආයාමයක් ලබා ගැනීමට හැකි වූ අතර හොඳින් හිරු එළිය වැටෙන ක්ලැවියස් ආවාටය තුළින් ජලය කුඩා ප‍්‍රමාණයක් සොයාගන්නා ලදී. මෙම සොයා ගැනීම පෙන්නුම් කරන්නේ ජලය චන්ද්‍ර පෘෂ්ඨයේ සීතල, සෙවනැලි ස්ථානවලට පමණක් සීමා නොවන බවයි.

මෙහිදී සොෆියා විසින් අනාවරණය කරගත් ජලයට වඩා 100 ගුණයක් සහරා කාන්තාරයේ පසෙහි ජල ඇති අතර මෙපමණ කුඩා ප‍්‍රමාණයක් තිබියදීත්, මෙම සොයා ගැනීම මඟින් ජලය නිර්මාණය වන්නේ කෙසේද සහ එය රළු, වාතය රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින්නේ කෙසේද යන්න පිළිබඳව නව ප‍්‍රශ්නයක් මතු කරයි. එමෙන්ම සඳෙහි පෘෂ්ඨය පිළිබඳ පූර්ව නිරීක්ෂණ මගින් යම් ආකාරයක හයිඩ‍්‍රජන් වර්ගයක් අනාවරණය වූ නමුත් ජලය හා එහි සමීප රසායනික වර්ගයක් වන හයිඩ්‍රොක්සයිල් (OH) අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි විය. මෙම ස්ථානයෙන් ලබාගත් දත්ත වලින් හෙළි වන්නේ මිලියනයකට කොටස් 100 ත් 412 ත් අතර සාන්ද්‍රණයක ජලය (දළ වශයෙන් අවුන්ස 12 ක වතුර බෝතලයකට සමානයි.) චන්ද්‍ර පෘෂ්ඨය පුරා පැතිර ඇති පස් කියුබික් මීටරයක සිරවී ඇති බවයි. එහි ප‍්‍රතිඵලය නේචර් තාරකා විද්‍යාවේ නවතම කලාපයේ ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ජලය චන්ද්‍රයා තුළ නිර්මාණය වීමට හේතු සාධක රැසක් තිබිය හැකිය. චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කා මගින් මේ ජලය රැගෙන ආවා විය හැක. එසේත් නොමැති නම් සූර්ය සුළඟ මගින් ගෙන එන හයිඩ‍්‍රජන් හා චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ඔක්සිජන් යන ඛනිජයන් එකිනෙක රසායනික ප‍්‍රතික‍්‍රියාවක් සිදු කර හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ජලය නිර්මාණය විය හැක. තවද චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කාවන්ගේ විකිරණ මගින් හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ද ජලය නිර්මාණය විය හැක.

”ජලය විද්‍යාත්මක අරමුණු සඳහා මෙන්ම අපගේ ගවේෂකයන්ගේ භාවිතය සඳහා ද වටිනා සම්පතක්” යැයි නාසා හි මානව ගවේෂණ හා මෙහෙයුම් දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධාන ගවේෂණ විද්‍යාඥ ජේකොබ් බ්ලීචර් මහතා පැවසි අතර තවදුරටත් ඔහු පැවසුයේ. ‘‘අපට සඳෙහි ඇති සම්පත් භාවිතා කළ හැකි නම්, නව විද්‍යාත්මක සොයාගැනීම් සක‍්‍රීය කිරීම සඳහා අපට අඩු ජලය සහ තවත් උපකරණ රැගෙන යා හැකිය.” යන්නයි.

ඇත්ත වශයෙන්ම ජලය යනු අප ජීවත් වන ලෝකයට අත්‍යවශ්‍යම සම්පතක් එය අභ්‍යවකාශයට ද වලංගු වේ. සම්පතක් ලෙස සොෆියා සොයාගත් ජලය පහසුවෙන් භාවිතයට ගත හැකිද යන්න තීරණය කළ යුතුව ඇත. නාසා හි ආටෙමිස් වැඩසටහන යටතේ, 2024 මේ පිළිබඳ ගවේෂණයට මිනිසුන් චන්ද්‍ර පෘෂ්ඨයට යැවීමට සූදානම් අතර, එහි අවසානය ඉලක්කය වන්නේ තිරසාර මානව පැවැත්මක් ඇති කිරීමටත් පෙර සඳ මත ජලය තිබීම පිළිබඳව හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමයි. මේ සොයාගැනීමත් සමගම ඉදිරියේදී සඳේ ජනාවාස ඇතිවේවිද, මන්ද යත් ජලය යනු මිනිසාගේ මූලික පැවැත්මට වුවමනා වන සාධකයකි. මෙම සොයාගැනීමේ සත්‍ය අසත්‍යතාව ගැන තීරණය කිරීමට අපට තවත් කලක් බලා සිටීමට සිදුවේ.


මතීෂ සේනානායක / ආර්.ජේ. 
: www.nasa.gov/ www.bbc.com වෙබ් පිටුව භාවිතයෙන්

"මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එක ම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණු ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්. එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයක ම යි. අවුරුදු 60 ක් තරම් කෙටි කාලයක දී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලුගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන. ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නො පෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා. ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේ ම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනව ද? ඒ කාලේ අපි කැලේ හැම තැනක් ම, හැම දෙයක් ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝ ම ඇති වුණා. අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි. අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක් ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳ ම දඩයම. අපි දන්නවා කැලේ තියෙන කිසි ම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසි ම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපි ව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්. අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේ ම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා. මට ඒ වචනේ ඇහෙනකොට ත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵලවලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ. "දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අත පාලා ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලුව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ. ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන් ව හුරතල් කළා. උන් ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේර ම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුලු ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා. පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා. මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන් ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙ ම දෙමාපියන් මහළු වුණා ම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොම ද විශ්වාස කරන්නේ. මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. කහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු. දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලුත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි. මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකු ම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නො කර තමන් කවුද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු. මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එක ම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගඟට, ඇළට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු." දිලාන් පංචන ජයසිංහ

ඉන්දියාව අඩුම වියදමකින් බලශක්තිය නිපදවන පියවරකට අවතීර්ණ වී තිබේ. එය රට විශාල ආර්ථිකයට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. පොසිල ඉන්ධන දහනය කර ධන හානිය හා පරිසර විනාශය අඩුවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. බලශක්තිය නිපදවන රාමුව වෙනස් කර තිබේ. සූර්ය තාපය එහි පදනමයි. හිරු එළිය උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති හෙයින් අලුත් රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් බිහි වී තිබේ. එම රක්ෂා පරිසර හිතකාමී බව විශේෂයෙන් වාර්තා කරන කරුණකි. මහා පරිමාණ ආයෝජන අංශ ගණනාවක්ද ඉන්දියාවට ලැබී ඇති අතර ඒවා සියල්ල සූර්ය තාපය උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන ව්‍යාපෘති බව සඳහන් කරන්නට අවශ්‍යය.

ඉන්දීය වාර්තා දක්වන අන්දමට 2018 වසරේ සිට 2019 කාලය තුළ සූර්ය තාපයෙන්  විදුලිය නිපදවීමට වැයවන මුදල සියයට විසි හතකින් අඩු වී තිබේ. එය ලෝකයේ අඩුම වියදමකින් කරන නිෂ්පාදනයකි. ඉන්දියාවේ ඉඩම් මිල ඉහළය. ශ‍්‍රමයට ගෙවන මුදල ද සාපේක්ෂව වැඩි බව ප‍්‍රකාශ වෙයි. එහෙත් සූර්ය තාපයෙන් විදුලිය නිපදවන තාක්ෂණය මිල අඩුවෙමින් තිබේ. එහි වාසිය ඉන්දියාව ලබා ගෙන ඇත. බැටරි මගින් විදුලිය ගබඩා කරන අවස්ථාද වේගයෙන් නිර්මාණය වනු ඇතැයි සැලකේ.

තොරතුරු දක්වන අන්දමට ලෝකයේ සූර්ය බලය භාවිතාවට නැඹුරුව වැඩිම කලාපය ආසියාවයි. චීනය, ජපානය හා ඉන්දියාව එහි පෙරමුණ ගෙන තිබේ. 2019 වසරේ මෙම කලාපයේ සූර්ය බලය භාවිතය පමණක් සියයට විසි හතරකින් වර්ධනය වී ඇත. එය ආසියාව පරිසරයට දක්වන කාරුණික භාවය සම්බන්ධයෙන් සංකේතයකි.   

ඉන්දියාවේ බලශක්ති භාවිතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අධික ජනගහනය හා එරට ආර්ථික වර්ධනය සමග විශාල ජන කොටසක ගේ ආර්ථිකය ඉහළට එසැවීම හෙයින් විදුලි පරිභෝජනය වැඩි වී ඇත. ඇස්තමේන්තු අනුව වාර්ෂික ඉල්ලුම සියයට එකොළහකින්ය. එරට ප‍්‍රාථමික බලශක්ති භාවිතය දැනට පවතින තත්ත්වයට වඩා සියයට 156 කින් වසර 2040 වන විට වැඩිවීමක් අපේක්ෂා කර තිබේ. මෙම උවමනාවන්ට අවශ්‍ය තරමට විදුලිය නිපදවීම ගැටලු සහගතය. දැවිතෙල්, ගල්අඟුරු හෝ වෙනත් ක‍්‍රම මගින් විදුලිය නිපදවීමට විශාල ආයෝජනයක් අවශ්‍යය. සූර්ය තාපය වෙනුවෙන් කරන ආයෝජනය දිනෙන් දින අඩුවෙන කාරණය එරට අවශ්‍යතාවයන්ට ගැලපෙන එකක් වී ඇත. ඉන්දියාවේ අඩානි හරිත බලශක්ති ආයතනය වසර 2025 වන විට සූර්ය තාපයෙන් විදුලිය නිපදවන දැවැන්ත බලාගාරයක් ඉදිකරන කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර ඇත. එය ඇමරිකානු ඩොලර් බිලියන හය ඉක්මවයි. ලෝකයේ දැනට වාර්තා වන දැවැන්ත ආයෝජනයකි. බලශක්තියට ගෙවන වියදම අඩුවීම විශාල පරිවර්තනයක පළමු පියවර වනු ඇත. විදුලිය මිල අඩුවන විට සෑම කර්මාන්ත හා සේවා අංශයකම පිරිවැය පහත වැටේ. නිෂ්පාදන වල මිල අඩුවෙයි. පාරිභෝගිකයන්ට වාසියකි. අපනයනයට ඉතා වාසිදායක තත්ත්වයකි. අනාගතයේ දී ජාත්‍යන්තර වෙළඳ පොළ ජය ගැනීමට ඉන්දියාවට හේතුවක් වනු නිසැකය. 

ලෝකයේ සිදුවන මෙවැනි පරිවර්තන ශ‍්‍රී ලංකාවට බලපාන අන්දම ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සූර්ය තාපයෙන් විදුලිය බලය නිපදවීමට රටට සෑහෙන අවස්ථා තිබේ. යෝජනා විශාල ප‍්‍රමාණයක් සාකච්ඡා වෙමින් පවතී. රජයට පමණක් කරන්නට නොහැකි මෙම ආයෝජන දේශීය ආයෝජනවලට කළ හැකිය. තාක්ෂණය හා හවුල්කාරීත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම් සමග එකතුවීමට මෙරට ව්‍යවසායකයන්ට අවකාශයක් ඇත. නිසි ප‍්‍රතිපත්ති තීරණ ගැනීම පළමු අවශ්‍යතාවයයි. සාමාන්‍ය ජනතාවට පවා සිය නිවාසවල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් අඩු පොලියට දෙන ණය තවත් අඩු කරන්නට අවස්ථාව තිබේ. ලක්ෂ ගණනින් නිවාස දිවා කාලයේ දී විදුලියට හැරවෙන විට අලුත් විදුලිය බලාගාර අවශ්‍ය නැත. රාත‍්‍රී කාලයට ජල විදුලිය භාවිත කළ හැකිය. ජාත්‍යන්තර ප‍්‍රජාව කොපමණ අවදියෙන් ද යත් සමහර රටවල් දිවා කාලයේදී ජල විදුලි බලාගාර නතර කරනු පමණක් නොව ජලය සූර්ය විදුලියෙන් නැවත ඉහළට පොම්ප කරන ව්‍යාපෘති අරඹා තිබේ. නිදහසේ ගලා යන ජල මාර්ග වලින් ආපසු ඉහළට යැවෙන ජලය නැවතත් රාත‍්‍රී කාලයේ දී විදුලිය නිපදවන ටර්බයින් කරකවමින් පහළට ගමන් කරයි. මේවා විස්මිත දේ නොවන බව අද ලෝක ප‍්‍රජාව තහවුරු කර ඇත. ශ‍්‍රී ලංකාවට ද මෙම අත්දැකීම් ප‍්‍රයෝජනයට ගැනීමට බැරිකමක් නැත. 
තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ලෝකයේ ප‍්‍රබල වෙනස්කම් ඇති කරන ලද බව පැහැදිලිය. එකිනෙකා සමග සම්බන්ධවීමේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය හා තාක්ෂණික දියුණුව දක්වා විශාල පරාසයකට එහි අවස්ථා විහිදී ඇත. නූතන සමාජය තුළ අවම සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානවල පවා තාක්ෂණය භාවිතකර දියුණු වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගැනීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය ඉතාම අවම කරන්නට පරිගණක සම්බන්ධතා ඉවහල් වී ඇත. මේවාට විදුලිය බලය අවශ්‍යය. අඩු මිලට විදුලිය හා අඩු වියදමකින් දුරකතන සම්බන්ධතා සහිත සමාජ වේගයෙන් දියුණු වන බව සනාථ වී තිබේ. ‍

නොදියුණු රටවල් සහිත අප‍්‍රිකානු කලාපයේ ජනතාව අතර පවතින දැනුම සම්බන්ධ ගැටලු නිරාකරණයට තාක්ෂණයට මෙහෙවරක් කළ හැකිවනු ඇති අතර නොබෝදා බ්‍රිතාන්‍ය සමාගමක් සූර්ය බලයෙන් එම රටවල දුර බැහැර ගම්මානවලට ආලෝකය දෙන ප‍්‍රජා ව්‍යාපෘතියක් අරඹා තිබේ. ජපානය ද එයට හවුල් වී ඇත. එය වෙනත් අමතර කතාවකි. ලෝකය ලස්සන තැනක් කරන්නට කැපවන පිරිස් අලුත් අදහස් ඇතිව කැපවෙති. බලය තමන් අත පමණක් තිබිය යුතු යැයි කල්පනා කරන්නේ නැත. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු ඒකාධිකාරයක් විය යුතු යැයි සලකන්නේ ද නැත.  පොදු ජනතාව අතට බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය හිමිවීම අලුත් යුගයක් බව මෙම නවීන මතධාරීහු විශ්වාස කරති. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා ස්වාධීනව සැපයීමට හැකි මාර්ගයක් වශයෙන් විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරකි. විදුලිය බලය ගැන පවතින රාමුගත අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලුත් සංකල්ප බිහි වී තිබේ. ඉන්දියාව ක‍්‍රියා කරන අන්දම හිතන්නට හොඳ පසුබිමක් බව දැක්විය යුතුය.

 උපුටා ගැනීම ? මිලින්ද විග්‍රහය දේශය පුවත්පත

කොළඹින් පිටවීමට විශාල පිරිසක් උත්සාහ කිරීමත් සමග කොට්ටාව අධිවේගී ප්‍රවේශය අසල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත යාමට අවසර නොමැති නිසා රථ වාහන හරවා යැවීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.

ඔබ COVID-19 ආසාදිතයෙක්දැයි හඳුනා ගැනීම සඳහා ඔබේ නාසය ඔබට ම හෝඩුවාවක් ලබා දෙන බව සින්සිනාටි විශ්ව විද්‍යාලයේ කණ, නාසය සහ උගුර පිළිබඳ විශේෂඥයෙක් පවසනවා.

සින්සිනාටි යනු එක්සත් රාජධානියේ ඔහියෝ වල පිහිටි ඉතා ම පැරණි විශ්ව විද්‍යාලයක්.

ගඳ සුවඳ දැනීම නැතිවීම COVID-19 ආසාදනයේ ප්‍රධාන දර්ශකයක් විය හැකි බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

COVID-19 හි භෞතවේදය තීරණය කිරීමේදී නාස් කුහරයේ ඇති වැදගත්කම වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් හඳුනාගෙන ඇති බව නාසයේ සහ කෝඨරකවල (Sinus) රෝග පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සින්සිනාටි වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය අහමඩ් සේදගාට් පැහැදිලි කරනවා.

COVID-19 සාමාන්‍යයෙන්, නාසය අවහිරවීම හෝ සොටු නිෂ්පාදනය වැනි රෝග ලක්ෂණ (මේවා සාමාන්‍යයෙන් වෛරස් සෙම්ප්‍රතිශ්‍යාවලදී ඇති වන රෝග ලක්ෂණයන්ය.) සමග සම්බන්ධ නොවන බව ඔහු පවසනවා. COVID-19 වෙනත් සාමාන්‍ය සෘතුමය අසාත්මිකතාවන්ගෙන් (Seasonal Allergies) වෙන්කර හඳුනා ගැනීමට තරමක් පහසු වන්නේ ද මේ වෙනස නිසයි.

COVID-19 වෛරසය නාසයේ රෝග ලක්ෂණ වල තරමක් අද්විතීය සංයෝජනයක් සමඟ සම්බන්ධ වන බව ඔහු පවසනවා. කෙනෙකුගේ නාස් කුහරයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ම ගඳ සුවඳ දැනීම නැතිවීම, ‘ඇනොස්මියා’ (Anosmia) ලෙස හැඳින් වෙනවා. එය සිංහලෙන් හඳුන්වන්නේ “අවඝ්‍රාණය” ලෙසයි. මෙසේ හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය COVID-19 රෝගයේ හොඳ අනාවැකියක් වන අතර එය “අනුමාන COVID-19 තත්ත්වයක්” ලෙස සලකා වහාම එම පුද්ගලයා ස්වයං නිරෝධායනයට ලක්වීමට පෙළඹ විය යුතු බවත් ඔහු පවසනවා.

COVID-19 වෛරසය ආසාදනය වන බොහෝ පුද්ගලයින් වෛරසයට නිරාවරණය වී දින දෙකේ සිට 14 දක්වා කාලයක දී උණ, කැස්ස සහ හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ පළ කරනවා. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව පුද්ගලයන්ට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ නිරන්තර පීඩනයක් හෝ පපුවේ වේදනාවක් හෝ ව්‍යාකූලත්වයක් හෝ නැගිට ගැනීමට නොහැකියාවක් හෝ ඇත්නම් නම් වෛද්‍ය ආධාර අවශ්‍ය වෙනවා.එහෙත් බොහෝ දෙනෙකුට එවැනි ආධාර නොමැතිව සුවය ලැබෙනවා.

COVID-19 වෛරසය නිපදවීම නාසය තුළ ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය එම රෝගීයා තවමත් රෝග ලක්ෂණ පළ නොකරන හෝ ඉතා මෘදු රෝග ලක්ෂණ පමණක් පළ කරන රෝගයේ මුල් අවධියේදී සිදු වන බවයි ඔහු පවසන්නේ. එවැනි පුද්ගලයින් කිවිසුම් මගින් ඉතා කුඩා බිඳිති ලෙස හෝ නාසය අල්ලා වෙනත් පෘෂ්ඨ ස්පර්ශ කිරීම මගින් හෝ මෙම වෛරසය ව්‍යාප්ත කරනවා.

නාසයේ වෙනත් බාධාවක් නැතුව හදිසියේ ඇතිවන ඇනොස්මියා තත්ත්වය “COVID-19 හි අතීශය නිශ්චිත දර්ශකයක්” බවයි ඔහු පවසන්නේ. ඔහු මෙම සොයා ගැනීම කරන්නේ වර්තමාන කොරෝනා වෛරසයට සාපේක්ෂව මිනිසාට පීඩා කරන වෙනත් කෝඨරක(Sinus) හා නාසයේ ආබාධ පිළිබඳව කර ඇති අධ්‍යයන 19 ක් විශ්ලේෂණය කිරීමෙන්. පැරිස් වෛද්‍යවරුන් වන ඩොමිනික් සැල්මොන් සහ ඇලයින් කෝරේ (Dominique Salmon and Alain Corré) විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයක් ගැන ද ඔහු ලිපියක සඳහන් කරනවා. එයින් පෙන්නුම් කරන්නේ නාසයේ වෙනත් බාධාවකින් තොරව ඇති වූ ඇනොස්මියා තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 55 දෙනෙකුගෙන් 94% ක්ම PCR මගින් COVID-19 සඳහා ධනාත්මක වී ඇති බවයි.

පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වූ ඕනෑම වේලාවක ගඳ සුවඳ දැනීම නැතිවීම සිදුවිය හැකි නමුත් මෙය ආරම්භක රෝග ලක්ෂණයක් ලෙස ඇති වූ විට එය විශේෂයෙන් උපදේශාත්මක බව ඔහු පවසනවා.

කෙනෙකුගේ ගඳ සුවඳ හදිසියේ නැතිවීම තමාට COVID-19 ඇතැයි සිතීමට බොහෝ දෙනෙක්ව පොළඹවන්නේ නැති බව ඔහු පවසනවා. මෙවැනි පුද්ගලයින් සුපුරුදු පරිදි තම ව්‍යාපාර සහ රාජකාරි කටයුතු කරගෙන යන අතර එමගින් ඔවුන් මෙ⁣ම රෝගයේ වාහකයින් ලෙස ද ක්‍රියා කරනවා.

නාස් කුහරය යනු COVID-19 වෛරසය ප්‍රධාන වශයෙන් සිරුරට ඇතුල් වන හා ආසාදනයට ලක් වන ස්ථානය විය හැකි බවයි පවසන්නේ.

– වෛද්‍ය ලෝචන ප්‍රනාන්දු

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය හිමිවෙයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (29) පෙරවරු 11.30 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍ය මණ්ඩල ප්‍රධානි නීල් ඉද්දවල මහතා ද සහභාගි විය.

ඒ අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (29) සිට බලාත්මක වනු ඇත.

ඔව් ඇය ආශ්චර්යයකි....!
‘ලෝකයේ එකම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය’ ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත කාන්තාවන් 100 අතරට.....!!

ලෝක ජනගහනය මේ වන විට කෝටි 500 ඉක්මවා තිබේ. කෝටි 500ක් අතරින් කවරකුට හෝ තමා ජීවත් වන සමාජයට, රටට මෙන් ම ලෝකයට බලපෑම් කළ හැකි අයකු වන්නට ලැබෙන්නේ නම් එය ආශ්චර්යයක් ම නොවේ ද? ලෝකයෙන් ම තේරා ගන්නා එවැනි සිය දෙනකු අතරින් එක් අයකු වන්නට කවරකුට හෝ හැකි වන්නේ නම් එයත් ආශ්චර්යයක් ම නොවන්නේ ද? ලෝක ප‍්‍රකට බී.බී.සී. නාලිකාව 2019 වසර සඳහා තෝරා ගන්නා ලද ලෝකයේ වඩාත් ම බලපෑම්කාර කාන්තාවන් 100 දෙනා අතර මේ පුංචි ශ‍්‍රී ලංකාවේ කාන්තාවක් සිටිනවා යැයි කීම ඔබට විශ්වාස කළ හැකි ද? ඔව්. පසුගිය දා බීබීසීය නිකුත් කළ 2019 ලෝකයේ වඩාත් බලපෑම්කාර කාන්තාවන් සිය දෙනාගේ නාම ලේඛනයේ ඇයගේ නම සඳහන් වූයේ ‘ශ‍්‍රී ලංකාවේ නයනා ආශ්චර්යා ජයකොඩි පීරිස්’ යනුවෙනි.

ආශ්චර්යාගේ ජීවිතය ඇත්තෙන් ම ආශ්චර්යයක් සේ විස්මයජනක ය. ඈ මෝස්තර නිර්මාණ ශිල්පිනියකි. පෞරුෂ සංවර්ධන උපදේශිකාවකි. ඒ සියල්ලටමත් වඩා ධෛර්ය සම්පන්න ගැහැනියකි. මේ කිසිවක් විස්මයජනක විස්තර නොවන බව ඔබට පෙනෙනු ඇත. සැබැවින් ම මේ විස්තරය තුළ විස්මයක් නැත. විස්මය ඇත්තේ ඇයගේ දෑස ම නොපෙනෙන නිසා ය. ආශ්චර්යා ජයකොඩි මේ වන විට ‘ලෝකයේ සිටින එක ම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය’යි.

සුරූපී ආශ්චර්යා පීරිස් මීට වසර 19 කට පෙර සිය දෙනෙතින් ලෝකය දකින බැංකු නිලධාරිනියක් ව සිටියා ය. 2000 වසරේ කොළඹ කාසල් වීදියේ දී පුපුරා ගිය ක්ලේමෝ බෝම්බයට හසු වී ජීවිතය රැක ගන්නට වාසනාව තිබුණත් ඇස් දෙකේ පෙනුම රැක ගන්නට ඇයට නොහැකි විය. ජීවිතයේ හිරිමල් වියේ බැංකු නිලධාරිනියගේ සුන්දර ජීවිතය එක් වර ම නැවතී ගියේ ය. අනාගත ලෝකයක් ගොඩනඟන්නට ආශ්චර්යා මැවූ සිහින දෑසේ පෙනුමත් සමඟ ම බොඳ වී යන අයුරු බලා සිටින්නට ඇයට සිදු වූයේ ඒ තමන්ට ජීවිතය දුන් දෙමවුපියන් සමීපතමයන් ලෝකය ගොඩනඟන්නට සපථ කළ ඇයගේ හවුල්කරුවා ඇය හැර ගිය බැවිනි. එතැන් සිට ඈ ලෝකයෙන් වසං වූ නන්නාඳුනන තැනැත්තියක් බවට පත්

වූවා ය. වසර 14ක් ම ඇය ජීවත් වූයේ ඇයට ම පමණක් සීමා වූ අඳුරු හුදෙකලා ලෝකයක ය. ඒ හුදෙකලා ලෝකයේ ඇය හැර වෙනත් කිසි කිසිවකු සිටියේ නැත. ඈ පමණි.

හරියට ම වසර 14කට පසු ව ආශ්චර්යා, දෑසේ පෙනුම අහිමි වී ගිය කිසිවකුත් තෝරා ගනිතැයි නොසිතන මෝස්තර නිර්මාණ ශිල්පය ඔස්සේ තමා සිටි අඳුරු හුදෙකලා ලෝකයෙන් මිදී පොදු සමාජයට ආවා ය. 2014 වසරේ නව්‍යකරණ විලාසිතා සඳහා වඩාත් ම කැපවීමෙන් වැඩ කළ මෝස්තර නිර්මාණ ශිල්පිනිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවා ය. ඒ වන විට ලෝකය පුරා දෑස් නොපෙනෙන මෝස්තර නිර්මාණ ශිල්පීහු තිදෙනෙක් වූහ. මේ වන විට සිටින්නේ ආශ්චර්යා පමණි.

2017 වර්ෂයේ ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් දසදෙනා අතරින් එක් අයකු ලෙස සම්මානයට පාත‍්‍ර වන ඈ ඉන් ඉක්බිති සිංහ සමාජයෙහි විසි වන සංවත්සරය නිමිත්තෙන් ලංකාවේ විශේෂිත වූ කලාකරුවන්ට සම්මාන පිරිනැමූ උළෙලේ දී මෝස්තර නිර්මාණය හා සමාජයීය විෂයන් කෙරෙහි ඇය දක්වන සුවිශේෂතාව හේතුවෙන් එකී කලාකරුවන් අතර ද සම්මානලාභිනියක් වූවා ය.

අපි ඇයට සවන් දෙමු. මේ ඇයගේ අතීත කතාවයි.

‘මගේ තාත්තා ගුවන්යානා ඉංජිනේරුවරයෙක්. ඔහු හරිම ධනවත් කෙනෙක්. මගේ අම්මට තිබුණා අල්මාරි තුනක් පිරෙන්න කිසිම දවසක නොඇඳපු සාරි. මම ඒ සාරි ඇඳ ඇඳ බලනවා ඒ දවස්වල. මම හිතනව මේකෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. අලූත් විදියට දෙයක් කරන්න පුළුවන් කියලා. මට ඒ කාලෙ එහෙම ආසාවක් තිබුණා. මම මගේ පළමු සාරිය නිර්මාණය කරන්නෙ මගේ පාසලේ දේවී බාලිකාවෙ ‘මිස් දේවි‘

තරගයට. ඒ සාරියෙන් සැරසිලා තරගයට ඉදිරිපත් වුණා. මම ‘මිස් දේවි‘ තරගයෙන් ජයග‍්‍රහණය ලැබුවා. ඒ තමයි මගේ පළමු නිර්මාණය....’

‘ලංකාවෙ ගොඩක් පවුල් වගේ සාම්ප‍්‍රදායික පවුලක තමයි මමත් ඉපදුණේ. මගේ සිහින ගැන තියා මගේ දක්ෂතාවක් දියුණු කරගන්න වත් මට අවසරයක් ලැබුණෙ නැහැ. මම හොඳට චිත‍්‍ර ඇන්ද කෙනෙක්. මගේ චිත‍්‍ර ගුරුවරයා තැපැල්පත් 50 කට එහා එවුවා අපේ ගෙදරට කරුණාකරලා මේ ළමයව චිත‍්‍ර අඳින්න එවන්න කියලා. හැබැයි අම්මා මාව යැව්වෙ නැහැ. මම පියානෝ වාදනයට දක්ෂයි. මගේ අම්මා මට පියානෝ වාදනය කරන්න දුන්නෙ නැහැ. අම්මා බය වුණා මම කලාවට ලැදි වෙලා කලාකාරියක් වෙයි කියලා. වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කියන වෘත්තින් ටිකක් විතරයි එයාලගෙ සාම්ප‍්‍රදායික මානසික වපසරිය තුළ තිබුණෙ. එයාලගෙ නම්බුව රකින පවුල් මටට්ම ඉහළ දාන රැුකියාවක් කළ යුතුයි කියල එයාල හිතුවා. ඒ අනුව මම කොළඹ විශ්වවිද්‍යාලයට නීතිය හා ජනමාධ්‍යකරණය ඉංගී‍්‍රසි මාධ්‍ය පාඨමාලාවට තේරෙනවා. නමුත් මම විශ්වවිද්‍යාලයට යන්නෙ නැහැ. එවකට මගේ තිබුණ ආදරය වෙනුවෙන් මම ඒක අතහැරියා. ඒ වෙනුවට 97 වසරෙ බැංකු ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙනවා. මම විශ්වවිද්‍යාලයේ ගියා නම් අද මට ඇස් දෙක පෙනවා. මම ඒ වෙලාවට මේ ගමන යන්නෙ නැහැ. එහෙම වුණා නම් මම අද නීතිඥවරියක්. හැබැයි මම දැන් ඒ පුද්ගලයා ගැන කතා කරන්න කැමති නැහැ.’

සුරූපී බැංකු නිලධාරිනිය අනපේක්ෂිත දෛවෝපගත අත්දැකීමට මුහුණ දෙන්නේ ඉන් පසු ව ය.

‘...2000 වසරෙ දවසක මම රැුකියාව කළ බැංකුවෙන් පිට වෙලා මගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිනා අතරතුර බොරැුල්ල කාසල් වීදියේ දි ක්ලේමෝ බෝම්බයක් පුපුරා ගියා. ඒ බෝම්බයෙන් අනතුරට ලක් වෙලා මගේ දෑසේ පෙනීම නැති වුණා. ගඳ සුවඳ දැනීමත් අහිමි වුණා. ඒත් එක්ක ම මගේ ජීවිතය ම මම කවදා වත් නොහිතපු විදියට වෙනස් වුණා. ගෙදර අය මගේ කනට ඇහෙන්න නොක්කාඩු කියන්න ගත්තා. ඒ කාලෙ මම විඳවන අවධිය. මම පොඩි කාලෙ ඉඳන්ම මම විශ්වාස කළ මගේ ඥාතීන් මගේ පුංචි අම්මල මාමලා තමයි මට ඒ විදිහට කළේ. අපි මොන වරද කළත් අපි යන්නෙ අම්මා තාත්තා ළඟට නෙ. මොන වැරැුද්ද කළත් අම්මා තාත්තා දරුවන්ව

බාරගන්නවා. මම හිතුව ඇයි මට මෙහෙම කරන්නෙ? මම සමාජ විරෝධී, නීති විරෝධී දෙයක් හරි පවුලේ නම්බුව නැති වෙන දෙයක් කරලා නෙවෙයි. මට බෝම්බයක් වැදිලා. මේ රටේ යම් සමාජ තත්ත්වයක් නිසා මට මුහුණ දෙන්න වුණ අනපේක්ෂිත අනතුරකින් මගේ පෙනීම නැති වෙලා විතරයි...’

‘මේ වෙලාවෙ මම විශ්වාස කරපු මගේ අය එකිනෙකාට මගේ වගකීම පවරලා නිදහස් වෙන්න බලනවා. මම ඔහේ කල්පනා කර කර ඉන්න කොට ළඟට ඇවිත් කියන්නෙ මෙයාට දැන් පිස්සුද දන්නෙ නැහැ කියලා. මම ටිකක් බලන් හිටියා මෙයාලා මොකටද මේ ලෑස්ති වෙන්නෙ කියලා. මට සමීප යාළුවො ටිකක් හිටියා. මම එයාලට මේ ගැන කියනවා. අනේ බලන්නකො මම මොන දේ කිවුවත් මට පිස්සු කියනවා. මෙයාලා මට මොනවද කරන්න හදන්නෙ කියලා. මට එක්කෙනෙක් කිව්වා මට තේරෙනව මෙයාලා කරන්න හදන දේ. අනිවාර්යයෙන් මෙයාලා ඔයා වහ බීලා මැරෙන තත්ත්වයට දායි. තව ටික කාලයකින් ඔයා ජීවිතය එපා වෙලා වහ බොයි කියලා. මට මිනිස්සු ගහද්දි ගහද්දි ටිකක් ගහන්න දිලා බලන් ඉන්නවා. මට සීමාවක් තියෙනවා. ඒ සීමාව පැන්නට පස්සෙ ආපහු හැරිලා බලන්නෙ නැහැ. ඒක බොහොම දරුණු තත්ත්වයක්. අවසානෙ මම ඒ තීරණය ගත්තා. මම මට මානසිකව වධ දුන්න ගෙදරින් එළියට බැස්සා. ආපහු මම පස්ස හැරිලා බැලූවෙ නැහැ...’

ඇයගේ හුදෙකලා ජීවිතය ඇරඹෙන්නේ ඒ තීරණයත් සමඟ ය.

‘...ඔබ පොඞ්ඩක් හිතන්න මට එතකොට අවුරුදු 20 යි. මාව ආරක්ෂා කරන්න යාළුවො හරි හිටියෙ නැත්නම් මම ¥ෂණයට ලක් වෙලා මැරිලා. මම තනියම ගෙයක් කුලියට අරන් ජීවත් වෙන්න පටන් ගත්තා. මගේ තාත්තා ධනවෙතෙක්. ඒ නිසා යම් මුදලක් මගේ බැංකු

ගිණුමේ තිබුණා. ඒකෙ පොලියෙන් තමයි මම ජීවත් වුණේ. මම ඒ දවස්වල ගෙවල් තෝර ගනිත් දි තෝර ගත්තෙ උඩ තට්ටු. හොරෙක් ආවොත් පල්ලෙහාට ඇවිත්නෙ එන්න ඕන. මම කවදාවත් ජනේලයක් වත් ඇරියෙ නැහැ. ගෙවල් අයිතිකාරයො හැර කිසි කෙනෙක් දැන ගෙන හිටියෙ නැහැ මම එතන ඉන්න බව. සමහර වෙලාවට ගෙවල් කුලිය

ගෙව්වම කන්න සල්ලි නැහැ. මනුස්සකමක් තිබ්බ මිනිස්සු විතරයි මාව දැක්කම ගෙවල් දුන්නෙ. ඉතින් මම ගේ ඇතුළට වෙලා බලාගෙන ඉන්නව කොහෙවත් යන්න සල්ලි නැහැ. දවසටම බිස්කට් එක්ක කෙසෙල් ගෙඩියත් විතරයි සමහර දවස්වල කෑවෙ. ඒ නිසා තමයි මම කියන්නෙ මම ගෙවපු කාලෙ අසීරුයි කියලා...’

‘...මගේ යාළුවො උදේට වැඩට යන ගමන් ඇවිත් මට එයාලගෙ බත් එක දීලා ගියා. සමහරු හවසට කෑම එකක් ගෙනත් දුන්නා. මට සද්දයක් ඇහුණා බයයි කිව්වම වාහනේ අරගෙන ආවා මාව බලන්න. යාළුවො කිව්වෙ අපිට හැමවෙලාවෙම ඔයා ළඟ ඉන්න බැරිවෙයි ඔයා මේ තත්ත්වයට හුරු වෙන්න කියලා. එයාල උදව් කළා. මම ඒ උදව්වෙන් නැඟිට්ටා. මම ගෙදරින් එළියට බැස්ස දවසෙ ඉඳන් මගේ අම්මා මට කවදාවත් කෝල් කරලා වත් කතා කරලා නැහැ. මමත් දැන් අම්මා කෙනෙක්නෙ. මට ඒක දැනෙනවා...’

ආශ්චර්යා ජයකොඩි නම් මෝස්තර නිර්මාණ ශිල්පිනිය බිහි වන්නේ එවන් පසුබිමක දී ය. ඈ ඒ ගැන කියමින් යළිත් කතාව ආරම්භ කළා ය.

‘...මම විලාසිතා නිර්මාණයට පිවිසෙන්නෙ මට තිබුණ අභියෝගයක් නිසා. මට ඇඳුම් ගන්න සල්ලි තිබුණෙ නැති කාලෙ මට තිබුණ සොච්චම් මුදලෙන් රෙදි ටිකක් අර ගෙන නිර්මාණයක් කරලා කාටහරි කියලා ඒ ඇඳුම මස්සවගෙන අඳිනවා. ඒක දකින ගොඩක් අය ලස්සනයි කොහෙන්ද ගත්තෙ කියලා අහත්දි ඒක මමයි කළේ කිව්වම මට තේරුණා මිනිස්සු ඒක වෙන්න බැරි දෙයක් කියන හැඟීමෙන් මගෙ දිහා බැලූවා කියලා. ඒක මගේ මනසේ රැුඳී තිබුණා. මට දැනුණා මම වෙනස් දෙයක් කරනවා හැබැයි මම දෑස් නොපෙනෙන කෙනෙක් නිසා ඒ ගැන අවතක්සේරු කරනවා කියලා. මගෙ නිර්මාණ කුසලතාව ජනතාව ඉදිරියේ ඔප්පු කර දක්වන්නෙ විලාසිතා නිර්මාණ තරගයෙන්. මම කොහොමටත් අභියෝගවලට කැමති කෙනෙක්. මම කුඩා අවධියේ ඉඳන් කෙනෙක් මට යමක් කරන්න බැහැ කියලා අභියෝග කළොත් මම ඒ දේ කරලා පෙන්වන කෙනෙක් . ඔයා පේන්නෙ නැති කෙනෙක්නෙ කියපු අයට මම තමයි මේ දේ කළේ කියලා මට ඔප්පු කරලා පෙන්වන්න ඕන වුණා...’

ඇය සම්මානලාභිනියක බවට පත් වන්නේ ඒ අධිෂ්ඨානයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

‘... මම අලූත් නිර්මාණ කළත් සම්මානයක් දක්වා යන්න බලාපොරොත්තු වුණේ නැහැ. කෙසේ වුණත් මේ අභියෝගය කෙළවර වෙන්නෙ මම 2014 වසරේ නව්‍යකරණ විලාසිතා සඳහා වඩාත් කැපවීමෙන් වැඩ කළා වූ නිර්මාණ ශිල්පිනිය බවට පත් වෙලා. ඔයාට පේනව ද මෙහි විශේෂත්වය මම අවුරුදු දහයකින් කිසි දෙයක් දැකලා නැහැ.

නමුත් මම ජයග‍්‍රහණය කරන්නෙ නව්‍ය නිර්මාණ අංශයෙන්. ඒ තරගාවලියට ආපු අය අහපු දෙයක් තමයි මෙයා දැකල නැත්නම් අලූත් ප‍්‍රවණතාවන් හඳුනා ගන්නෙ කොහොමද කියන කාරණය. මම ඒකට හොඳ පිළිතුරක් දුන්නා. මම මේ කරන්නෙ කෙනෙක් ඇති කළා වූ ප‍්‍රවණතාවක් ඉදිරියට ගෙන යෑමක් නෙවෙයි නව ප‍්‍රවණතාවක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා මට තවත් කෙනෙක් කරපු දෙයක් දකින්න අවශ්‍ය නැහැ කියන කාරණය කිව්වා. ඒ තරගෙ දි මම අයත් වුණේ ‘ප‍්‍රවණතාවක් නිර්මාණය කරන්න’ කියන ගණයට. එහිදී මට ලැබුණ මාතෘකාව ‘අත්යන්ත‍්‍ර රෙදිපිළි ඇසුරෙන් නව නිර්මාණ ඉදිරිපත් කිරීම’යි. අත්යන්ත‍්‍ර රෙදි කියන්නෙ බොහොම සුලබ රෙදි වර්ගයක්. මට තිබුණ අභියෝගය වුණේ අත්යන්ත‍්‍ර රෙද්දෙන් කොහොමද අලූත් දෙයක් කරන්නෙ කියන කාරණය.

මේ ඇය ඒ අභියෝගය ජය ගත් ආකාරය.

‘...මම හැදුවා අලූත්ම වර්ණ. නිල්මහනෙල් මගේ වර්ණය. මොනර නිල අළු කියන වර්ණය. මම මගේ තාක්ෂණ දැනුම මගින් ඒ වර්ණ හදාගත්තා. පොල්කටුවලින් සාදාගත් නෙළුම් මල්වලින් සාරියේ ඉදිරිපස පල්ලූව හැට්ටයේ අත හා ගෙල පළඳනාව නිර්මාණය කළා. අත්යන්ත‍්‍ර රෙදිවලින් එතෙක් ලෝකයේ කිසිවෙක් ක‍්‍රීඩා ඇඳුමක් නිර්මාණය කරලා තිබුණෙ නැහැ. මම අත්යන්ත‍්‍ර රෙදිවලින් ක‍්‍රීඩා ඇඳුමක් නිර්මාණය කළා. අපිට අත්යන්ත‍්‍ර රෙදි කිව්වොත් සාරිය, ලූංගිය, සරම, කමිසය විතරයි දකින්න ලබෙන්නෙ. මම කොක්ටේල් ඩෙ‍්‍රස් එකක් මේ රෙදිවලින් නිර්මාණය කළා. මට තිබුණ අභියෝගය තමයි සාමාන්‍ය දෙයක් අතරින් අසාමාන්‍ය දෙයක් එළියට ගන්නෙ කොහොමද කියන එක. මේ සඳහා මට ලැබුණ කාලය මාසයයි. මේ මාසය තුළ මගේ පියා මියගියා. මම ගොඩාක් ආදරය කළ මගේ ආච්චි අම්මා මියගියා. ඒක මගේ සිතුවිලිවලට නරක විදිහට බලපෑම් ඇති කළ මාසයක් වුණා. ආච්චි අම්මා මට ඔයාව දකින්න ආසයි කිව්වම මම එයා බලන්න ගියා. ආයෙ එත්දි නෙළුම් සුවඳ තියෙන සෙන්ට් එකක් ආච්චි අම්මට අරගෙන එන්න පොරොන්දු වුණා. ඊට පස්සෙ මට ආරංචි වුණෙ ආච්චි අම්මගෙ මරණය. මට අන්තිමට තීරණය කරන්න වුණා තරගයට යනවද ආච්චි අම්මගෙ මරණයට යනවද කියලා. ඒක හරිම අමාරු මොහොතක්. මම තරගාවලියට ගියේ නැත්නම් මට තරගාවලිය අහිමි වෙනවා. ආච්චි අම්මගෙ අවසන් මොහොතට ගියේ නැත්නම් ඒ මගේ ආච්චි අම්මගෙ අවසන් මොහොත. ඔය අතරෙ මගේ දරුවට මාස එක හමාරයි මම දරුවට පැය තුනෙන් තුනට කිරි දෙන්න ඕන. මම අවුරුදු හයක් වෙනකම් දරුවට කිරි දුන්න අම්මා කෙනෙක්. මම ළඟ නොහිටියොත් දරුවා කෑ ගහලා අඬනවා. ඒව ඔක්කොම අභියෝග තමයි. මම ඒ තත්ත්වය කළමනාකරණය කරගත්තා. මට මතකයි ආච්චි අම්මගෙ අවසන් මොහොතට ගිහින් තරගයට පරක්කු වෙලා ගිහින් එතැනදිත් බැණුම් අහගත්තා. මොකද මගේ ඇස්දෙක පේන්නෙ නැහැ කියන කාරණය එයාලට සමාවට කාරණයක් නෙවෙයි...’

ලෝකයේ බලපෑම් කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරින් එක් අයකු වන්නට ආශ්චර්යා සමත් වන්නේ එවන් දීර්ඝ දුෂ්කර ගමනක අවසානයේ දී ය. ඒ ගැන ඇයගෙන් ඇසූ විට කීවේ මෙවන් කතාවකි.

‘ඔය ප‍්‍රශ්නයට මම දෙවිදිහකින් පිළිතුරු දෙන්න ඕනෑ. මම විලාසිතා නිර්මාණකාරිනියක පැත්තෙන් මාව ගත්තාට ඒ විදිහට නම්කරලා තිබුණාට බීබීසී සේවය විලාසිතා නිර්මාණයට පමණක් මුල් තැන දෙන්නෙ නැහැ. මම මගේ සමාජයේ කරන කාර්යයන් පවා ඔවුන් සොයා බලනවා මොනවද කරන්නෙ කියලා. ඔවුන් බලන්නේ මගේ විලාසිතා නිර්මාණවල විශේෂත්වයත් වඩා මගෙන් සමාජයට කෙරෙන කෙරිලා තියෙන බලපෑම මොන වගේ ද කියලා. සමාජයට එයින් ලැබෙන ප‍්‍රයෝජනය මොකක් ද කියලා. සමාජයට කොතරම් සේවයක් කරලා තියෙනවද, අපේ සේවය හරහා සමාජයට කොතරම් බලපෑමක් වෙලා තියෙනවද, අවුරුද්ද පුරාවට ඒ සේවය කොතරම් ප‍්‍රචලිත වෙලා තියෙනවද කියන කාරණා ඔවුන් සොයා බලනවා. මම දැනුම්වත් වෙලා තියෙන විදිහට ලංකාවේ තවත් කාන්තාවන් මේ සඳහා නිර්දේශ වෙලා තිබුණත් ඒ අය තරගයේ නීති රීතිවලදී ප‍්‍රතික්ෂේප වුණා. ඔවුන්ගේ මණ්ඩලයක් මඟින් අපි ගැන සොයාබැලීමකින් පසුවයි ඔවුන් තීරණය කරන්නේ. තීරණය ගන්නා තුරු කිසිවකු දැනුවත් කරන්නෙ නැහැ. ඒ වගේ බොහොම වගකීම් සහගතව කරන දෙයක්. මට පමණක් නෙවෙයි අනිත් කාන්තාවන් 99 දෙනාමත් තෝරා ගන්නෙ ඒ විදිහට. ඔවුන්ගේ පරීක්ෂණ මණ්ඩය මඟින් තමයි සියල්ල තීරණය කරන්නෙ....’

ඇය මේ සා විසල් ගමනක් එද්දී ඇයට ශක්තියක් වූ චරිතය චන්දන සේසත් ජයකොඩි. ඇයගේ ආදරණීය සැමියා. ඔහු ගැන ඇය කී වදන් ඒ අයුරින් ම මෙසේ ය.

‘මගේ මහත්තයව මම හඳුන ගන්නකොට එයා හොඳ ව්‍යාපාර තියෙන කෙනෙක්. මම බොහොම සාමාන්‍ය ඇස් පේන්නෙ නැති ඔක්කොම අතහැරපු චරිතයක්. මම බොහොම අහංකාර කෙනෙක්. මට කන්න නැතිනම් මම මගේ පාඩුවෙ හිටියා. කාටවත් අතපාන්න ගියෙ නැහැ. එයා මේ දේවල් බලාගෙන හිටියා. දවසක් එයා මට කිව්වා ඔයා හරි වෙනස්. ඔයා කාටවත් අතපාන්න කැමැති නැහැ කියලා. මම කිව්වා ඒ මම තමයි. එයා මගේ සමහර වචනවලට ආදරය කරන්න ගත්තා. මම ගොඩක් අය හඳුනනවා. ඒත් ඔයා වගේ කෙනෙක් හමු වෙලා නැහැ. ඒ ගතිගුණම නිසා තමයි එයාට මං ගැන ආදරයක් ඇතිවෙන්නෙ. රූපය නෙවෙයි. මට සම්මානයක් ලැබෙන තැන එයා ඉන්නෙ කාටවත් නොපෙනෙන තැනක. මගේ ජයග‍්‍රහණයක දී එයා කියන්නෙ මේක මම ලබපු දිනුමක් නෙවෙයි. ආශ්චර්යා ලබපු දෙයක්. ඉතින් ඇයි මම ඉදිරියට එන්නෙ. මම එයා පසුපසින් ඉඳන් එයාව ආරක්ෂා කරන කෙනා විතරයි කියලා. ඒ නිසයි මේ ගතිගුණ එක්ක අපි බොහොම ආදරයෙන් ඉන්නෙ.’

ඇය කතා කරන්නේ ඉතා සැහැල්ලූවෙනි. ලෝක මට්ටමේ සම්මානයක් දිනූ ආඩම්බරය හෝ අහංකාරය ඇයගෙන් දිස්වන්නේ නැත. අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් ඒ ගැන ද ඇසුවෙමි.

‘මම මේක කියන්නෙ ඔබට මාව තේරුම් ගන්න. මම අදටත් පාවිච්චි කරන්නෙ රුපියල් 4500 ක ජංගම දුරකථනයක්. මගෙ ජීවිතේ හරිම සරලයි. මම විශ්වාස කරන්නෙ මට පේන්නෙ නැති නිසා මට දුරකථනයක් ඕන කරන්නෙ කෝල් එකක් ගන්න විතරයි. හැබැයි මම හිතුවොත් මම ආශ්චර්යා. මම ජාත්‍යන්තරයට ගියා. කවුරුවත් දැක්කොත් මේ පොඩි ෆෝන් එක ලැජ්ජාවක් කියලා. ඒක වැරැුදියි. මම එහෙම සරල ව හිතපු නිසා තමයි මෙච්චර දුර ආවෙ. පහුගිය දවසක මම බකමූණෙ සම්මන්ත‍්‍රණයකට ගියා. ඒ හරිම දුෂ්කර ගම්මානයක්. හැබැයි එතැන හිටිය හැම ළමයෙකුගෙම අතේ තිබුණෙ ඇපල් ෆෝන්. ඒත් රිලොර්ඞ් එකක් දාගන්න අතේ රුපියල් සීයක් නැහැ. ඒ අපේ මිනිසුන්ගෙ මානසිකත්වය. මම යන්නෙ ඒ මිනිසුන්ගෙ ඒ මානසිකත්වයට අභියෝග කරන්න. අපි රටක් හැටියට දියුණු වෙන්න නම් අපේ ආකල්ප පරිවර්තනයක් ඇති කර ගත යුතුයි. මම උත්සාහ කරන්නෙ මගේ ශක්තියෙන් අපේ රටේ මිනිසුන් මේ තත්ත්වයෙන් ගොඩ ගන්න මට හැකි තරමින් දායක වෙන්න.’ 

උපුටා ගැනීම 

ධම්මිකා සුරංජි පතිරණ
දිවයින ඉරිදා සංග්‍රහය

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ.

මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම පිරිසේ එකොළොස්දෙනකු සිට ඇති අතර ඔවුන් සීදුවේ පිහිටි තරු හෝටලයක ස්වයං නිරෝධායනයට ලක් වී ඇත. ගුවන් යානාවල එන කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය වෙද්දී හෝටල් කාර්ය මණ්ඩලයද නිරෝධානය විය යුතුය.

ගුවන් කාර්ය මණ්ඩලයේ නිරෝධානය වූ යුක්ක්‍රේන් ජාතිකයකු සැප්තැම්බර් 13 වැනිදා කොවිඩ් ආසාදිතයකු ලෙස වාර්තා වී අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මේ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා සෙසු ගුවන් කාර්ය මණ්ඩලයට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇත.

හෝටල් කාර්ය මණ්ඩලයේ හැට දෙනාගෙන් දහඅට දෙනකු දිනපතා නිවෙස්වලට ගොස් සේවයට පැමිණි අය වෙති. එම 18 දෙනා සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා නිවෙස්වල සිට සේවයට වාර්තා කර ඇත. හෝටල් කාර්ය මණ්ඩලයද දින දාහතරක් නිරෝධායනය කළ යුතු වුවත් හෝටල් පරිපාලනය ​කොවිඩ් නීති නොතකා සේවකයන් පිරිසකට නිවෙස්වලට යෑමට ඉඩ සලසා ඇත.

නිවෙස්වලට දිනපතා ගිය පිරිසෙන් පස්දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති අතර ඉන් තිදෙනක් සැප්තැම්බර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා සේවය කළ අය වෙති. හෝටලයේ කෝකියා හා ලොන්ඩරි භාර නිලධාරියාද එම පිරිසට අයත්ය.

‘‘මෙම පිරිස පරීක්ෂා කිරීමේ දී මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් වයිරසයේ ධාරිතාවට වඩා වැඩි ධාරිතාවක් එම වයිරසයේ තිබෙන බව තහවුරු වුණා. කලින් මෙම වයිරසය ශරීරගතව තිබූ සියයට 15ත් 18ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ අයගේ සියයට 29ත් 31ත් අතර ප්‍රමාණයක් වුණා. මේක අලුත් තත්ත්වයක්. බ්‍රැන්ඩික්ස් එකෙන් හමුවූ පළමු රෝගීන්ගෙන් වයිරසය ලෝඩ් එක 29ත් 31ත් අතර තිබුණා. එමෙන්ම පෙර කී හෝටලයේ සේවකයන් බ්‍රැන්ඩික්ස් සේවකයන් සමග සම්බන්ධ වීමෙන් මෙම වයිරසය ආසාදනය වූ බවට විමර්ශනවලින් තහවුරු වුණා.’’ යැයි මේ සම්බන්ධව විමර්ශන පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු තහවුරු කළහ.

එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු රෝගියාට සැප්තැම්බර් 21 වැනි දා රෝග ලක්ෂණ පහළ වී ඇත. එම කාන්තාවට සැප්තැම්බර් 16 වැනිදා වන විටවත් රෝගය ආසාදනය වී තිබෙන්නට ඇතැයි සැක කෙරේ. ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය.

දෙවැනි රැල්ලක් නිර්මාණය වූ මෙම කොවිඩ් වයිරසය පැතිරයන ප්‍රමාණය කලින් වතාවට වඩා දෙතුන් සැරයක් බව අනාවරණය වී තිබේ.

දෙවැනි රැල්ල ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ බව ඉන්දියාවේ විශාඛාපට්නම් සිට මත්තල ගුවන් තොටුපොළ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා පැමිණි මගින් 48ක කාර්ය මණ්ඩලයකින් බව මුලදී සඳහන් විය. එහෙත් මෙම පිරිස විශාඛාපට්නම්හි බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් වූ අතර ඔවුන් දෙවැනි රැල්ල ව්‍යාප්ත වන විටත් දකුණේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි බව පසුව තහවුරු විය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා හෙට (27) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔහු ලබන 28 වනදා දක්වා මෙරට රැඳී සිටින අතර සිය සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෙරට අතර පවතින බහුආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් අදාළව එහිදී අවධානය යොමු කිරීමට නියමිත බවය. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූරකාලය තුළ මෙරටට පැමිණෙන අමෙරිකානු ඉහළම මට්ටමේ රාජ්‍ය නිලධාරියා වන්නේ පොම්පෙයෝ මහතාය.

මේ අතර රට තුළ පවතින කොවිඩ් - 19 වෛරසය හමුවේ විදෙස් නියෝජිතයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් අද (26) උදෑසන මෙරට ප්‍රධාන නාලිකාවක්   සමග එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

“මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් පවතිනවා. එකම දේ ලංකාවට එන හැම විදේශිකයෙක්ම තමුන්ගේ ඔර්ජින් එකේ දී පටන් ගන්න තැනදී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. ඒ වගේම ලංකාවට ආවට පස්සේ, ගුවන් තොටුපොළේ දී පීසීආර් පරීක්ෂණයකට ලක්වෙනවා. නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට බලපාන්නේ, ඒ රාජ්‍ය තාන්ත්‍රිකයින් සම්බන්ධ අන්තර්ජාතික නීතියේ තියෙන ප්‍රතිපාදන. එහෙම නැතිනම් වියානා සම්මුතීන්. ලෝකයේ ඉන්න සෑම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්ම නිරෝධායන කඳවුරුවලට ගිහිල්ලා නිරෝධායනය වෙන්නේ නෑ. අපේ රට නියෝජනය කරලා පිටරටකට යන රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට ත් ඒ ආකාරයට තමයි. ඒක ලෝකයේ තියෙන සම්මත ක්‍රමවේදයක්. ඒ සම්මත ක්‍රමය අනුගමනය කරනවා.“