Tuesday, 22 October 2024
Editor

Editor

ඉන්ධනවල මිල සංශෝධනය වෙයි

නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03 ක්

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් නාවික හමුදා භාරයට

නැගෙනහිර පළාතේ කොවීඩ් එන්නත්කරණ වැඩසටහන් සඳහා නාවික හමුදා සහය

ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක තොගය ජූලි මස 06 දින ශ්‍රී ලංකාවට

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වැටුප සහ වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමනවා

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවල මුද්‍රිත පිටපත් 12 දක්වා හා සංයුක්ත තැටි පිටපත් 02 දක්වා අඩු කෙරේ

ශ්‍රී ලංකා ආර්ථීකය ස්ථාවර කිරීමට සහ යථා තත්ත්වයට පත්කිරීම උදෙසා වූ ඉන්දීය ආධාර වැඩපිලිවෙල ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරේ. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අතර මෙම සාකච්ඡාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ඊයේ (ජුනි 20) පැවැති අතර එහි දී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද්වී පාර්ශවික අදහස් හුවමාරුවක් සිදුවිය. 

මහ කොමසාරිස් මොරගොඩ මහතා, ශ්‍රී ලංකාවේ වත්මන් ස්වභාවය පිළිබඳව අමාත්‍ය ජෙයශංකර්ට මහතාට විස්තර කළ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා ණය සැපයුම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහය අඛණ්ඩව කරගෙනයාමට ඔහුගේ විදේශ අමාත්‍යංශයේ හා ඉන්දීය රජයේ මැදිහත්වීම පිළිබඳව ඔහුට ස්තූති කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන ක්‍රියාත්මක වන තුරු මෙම ආධාර සැපයුම  අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම ස`දහා ඉවහල් වී ඇති අකාරය ද පැහැදිලි කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් බහුපාර්ශ්වික ආයතන සහ ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සමග එකතු වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීම ට ඩන්දියාව ගත් තීරණය ද ඔහු අගය කළේය. සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ඇතුළුව ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට හැකි බවට අමාත්‍ය ජෙයශංකර් මහතා මෙහි දී ඉන්දීය මහ කොමසාරිස්වරයාට විශ්වාසය පළ කළේය. පවතින වාතාවරණය මැද දෙරට අතර සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගැනීමේ වැදගත්කම ද  විදේශ අමාත්‍යවරයා  මෙහි දී සිහිපත් කළේය. 

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේ ක්වාත්‍රා ඇතුළු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම හමුවට සහභාගි වූහ. ඉන්දීය පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභා රැස්වීම විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සෙනසුරාදා (18) පැවැති අතර දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර සැපැයීම පිළිබඳ ඒකමතික සහයෝගය එහි දී ප්‍රකාශ වී තිබේ.

හදිසි ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ඔස්ට්‍රේලියාව ඩොලර් මිලියන 50 ක නිල සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවටලබා දෙන බව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

 

වසර හැත්තෑවකට පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර එය ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයක බවපවසන  ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවේ මිලියන තුනක ජනතාවට ඔවුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතාසපුරාලීම සඳහා හදිසි ආහාර ආධාර සඳහා ලෝක ආහාර වැඩසටහනට අපි වහාම ඩොලර් මිලියන 22 ක් ලබා දෙන බවසඳහන් කරයි

 

ශ්‍රී ලංකාව සමඟ සමීප සහ දිගුකාලීන සබඳතාවක් පවතී. ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය වේලාවට උපකාර කිරීමට පමණක්නොව, මෙම අර්බුදය දිගටම පැවතුනහොත් කලාපයට ගැඹුරු ප්‍රතිවිපාක ද ඇත.

මෙය සෞඛ්‍ය සේවාවන්ට සහ ආර්ථික ප්‍රකෘතියට සහය වනු ඇත, අවදානමට ලක් වූවන්, විශේෂයෙන් කාන්තාවන් සහ ගැහැණුළමයින් ආරක්ෂා කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

මෙම දායකත්වය ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන වෙත මෑතකදී ලබා දුන් ඩොලර් මිලියන 5 ට අමතරව වේ.