Tuesday, 22 October 2024
Editor

Editor

පසුගිය පැය 24 තුළ කලු ගංගා ද්‍රෝණියට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කලු ගංගා වේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

රැකියා සඳහා විදේශ වූ ශ්‍රී ලාංකිකයන් අතුරින් කොරෝනා වසංගත තත්වය මත විවිධ අපහසුතාවයන්ට පත්වු හාරසිය හතලිස් අටක පමණ පිරිසක් අද(19) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, නුවරඑලිය, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 10 සදහා නිකුත් කර තිබු නායයාම් අවදානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇත.

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

චණ්ඩ සුළි කුණාටුව("අම්ෆන්")මේවනවිට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව 18 වන දින පෙ.ව. 02.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 740 පමණ උතුරු අක්ෂාංශ 12.9 ත් නැගෙනහිර දේශාංශ 86.4 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එකොළොස්වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) පස්වරු 4.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

සෞඛ්‍ය උපදෙස් අනුව මෙවර පොසොන් උත්සවයේ ආගමික වතාවත් පැවැත්වෙයි- රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලයේ දී

ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදු රට තුළ මතු ව ඇති කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයතවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.