Thursday, 18 June 2020 04:51

ජනතාව දරණ පිරිවැය පියැවිමට රජයට වගකීමක්


කොවිඞ් - 19 වයිරසයෙන් ආරක්ෂාවීම සදහා වැඩකරන ජනතාව දරණ පිරිවැය පියැවිමට රජය වගබලාගත යුතු බව සන්නස වෙබ් අඩවිය යෝජනා කර සිටී.
රජයේ සේවකයන් හා පුද්ගලික අංශය අවම වශයෙන් සතියකට දින තුනක් සේවයට වාර්තා කළ යුතු බවට නිරෝධානය නීති අනුව දක්වා ඇති නමුත් අත්‍යවශ්‍ය

සේවා ඇතුළු ඇතැම් අංශ සිය කාර්ය මණ්ඩලයට දිනපතා සේවයට වාර්තාකරන සේ බල කර තිබේ. මුඛ ආවරණ පැළදීම අත්‍යවශ්‍ය නොවන බව විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන දක්වන නමුත් එයට අවනතව ක‍්‍රියාකරන්නට ආරක්ෂක අංශ හා වෙනත් පාර්ශව ඉඩ නොදෙන බව අනාවරණය වන කරුණකි. ශල්‍ය මුඛ වැසුම් දිනපතා අලූත් කළ යුතු නමුත් සතියකට තුනක් බැගින් භාවිතා කළහොත් මාසයකට ඒ සදහා වැය කරන වියදම එකක් රු. හැත්තෑ පහ බැගින් රු. නමසියයකට ආසන්නය. පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් කපා හැර ඇති අතර රජයේ සේවකයන්ගේ පවා අතිකාල දීමනා සම්පූර්ණයෙන් නතර වී තිබේ.   
සේවක භාරකාර අරමුදල වැඩ කරන ජනතාවෙගේ යහපත තකා සෞඛ්‍ය රක්ෂණයක් ක‍්‍රියාත්මක කරන අතර මෙවැනි හදිසි අවස්ථාවක දී එයින් කොටසක් වැඩ කරන ජනතාවගේ වැටුපට මාස්පතා එකතු කිරීම කළ හැකි ව තිබේ.

:www.sannasa.org වෙතින් ගත් බව සදහන් කරමින් මෙම ප‍්‍රවෘත්තිය නැවත පළ කිරීමට බාධාවක් නැත*