Friday, 19 June 2020 05:06

මාලබේ-රාජගිරිය සැහැල්ලු දුම්රිය නතරවෙයි

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන දුම්රිය ව්‍යාපෘතිය නතර කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.ජපානයේ ආධාර මත මෙම ව්‍යාපෘතිය කිරීමට සැලසුම් කර තිබූ බව කී ඇමැතිවරයා මෙය පිරිවැය අධික, ඵලදායී නොවන

ව්‍යාපෘතියක් බවද කීවේය.මෙය ශ්‍රී ලංකා රජයට දැරිය නොහැකි බරක් බවත් එනිසා මෙම ව්‍යාපෘතිය කෙරෙන්නේ නැතැයි ජපාන රජයට දැනුම් දුන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.කුලුනු මත දිවෙන මෙම දුම්රිය මාර්ගය ඉදි කළොත් මාලබේ සිට රාජගිරිය දක්වා ඇති ගොඩනැගිලි සහ දේපළවලට විශාල හානියක් සිදුවන නිසා ව්‍යාපෘතිය නතර කිරීමට එයද හේතුවක්වූ බව සම කැබිනට් ප්‍රකාශක , ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පැවැසුවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරුන් දෙදෙනා මේ බව කීහ.

 
 

•අජිත් අලහකෝන් - අරුණ පුවත්පත 19-06-2020