Tuesday, 25 August 2020 07:26

දුරකතන අංකය වෙනස් නොකර දුරකතන සමාගම වෙනස් කිරීමට අවස්ථාව උදා වෙයි

 

ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයන් හට අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබෙනවා.

පාරිභෝගිකයින්ට අවශ්‍ය වන පරිදි තමන්ගේ ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඞ්පත වෙනස් කිරීමකින් තොරව සිය සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකි වන පරිදි මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඊට අදාළ මුලික ක‍්‍රියාමාර්ගයන් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ”ට්විටර්” සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.