Wednesday, 26 August 2020 06:28

ලක් රජය තම රටවැසියන් රැගෙන ඒම දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි ඊශ්‍රායාලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි

 

රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල පවතින ඉඩකඩ ඉක්මවා යාම නිසා ඊශ්‍රායාලය ඇතුළු මැදපෙරදිග රටවල සිටින ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ඊශ්‍රායාලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

යළි මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඊශ්‍රායලයේ රැඳී සිටින ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙම මස 30 වෙනිදා සංවිධානය කර තිබු විශේෂ ගුවන් ගමන ද ඒ අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

flight.jpg