Friday, 11 September 2020 07:33

අනුරාධපුර - පුත්තලම මාර්ගයේ 38 කණුව ප‍්‍රදේශයෙ පාලමක් කැඩීයාම නිසා මාර්ගය අවහිර වෙයි.

 

 

 

සුළං බලාගාරයකට අවශ්‍ය උපාංග ත‍්‍රිකුණාමලයේ සිට ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද එම පාලම මතින් ගමන් කරමින් තිබිය දී පාලම කැඞී ගොස් තිබෙනවා. එම මාර්ගය භාවිත කරන්න්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.

ඒ අනුව අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වන වාහන අනුරාධපුර 2 කණුව අසලින් තලාව පොලිස් වසම හරහා ගොස් තඹුත්තේගම මාර්ගයට පිවිස ඔරලෝසු කණුව අසලින් 27 හන්දිය හරහා පුත්තලම මාර්ගයට පිවිස ගමන් කළ හැකියි.

එමෙන්ම පුත්තලම සිට අනුරාධපුර දෙසට ධාවනය වන වාහන ගලයාය හන්දියෙන් දකුණට හැරී තලාව නගරයට ගොස් අනුරාධපුර මාර්ගයට පිවිස ගමන් කළ හැකිය.