Thursday, 24 September 2020 07:59

Update - එම්.ටී.නිව්.ඩයමන්ඩ් නෞකාව වෙනුවෙන් ලංකාව ඉල්ලු රු.මිලියන 340 ගෙවීමට නැව් සමාගමේ අනුමැතිය

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වන එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ හදිසියේ ඇති වූ ගින්න නිවා දමමින් සතියක් පුරා පැවතී ඒකාබද්ධ මෙහෙයුමකින් බේරා ගැනීමට ශ්‍රී ලංකා ව ප්‍රමුක කලාපීය නාවික ආපදා කළමනාකරණ ආයතන කීපයක් සමත් විය. ශ්‍රී ලංකා නාවික හමුදාව,ශ්‍රී ලංකා ගුවන් හමුදාව,ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා කනිජතෙල් නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශව මේ වෙනුවෙන් දැක්වූ දායකත්වය අතිමහත් ය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් ඊට අදාළ වියදම් ඇස්තමේන්තුවක් නීතිපති හරහා එම නැව අයිති සමාගම වෙත යොමු කළ අතර එය ලංකා මුදලින් රුපියල් මිලියන 340කි. ඇස්තමේන්තුගත මුදල වන රුපියල් මිලියන 340 ගෙවීඒමට නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකාරීත්වය එකඟ වූ බව සන්නසට දැනගන්නට ලැබිණ.