Monday, 05 October 2020 06:43

නිවාඩු ලබා නිවෙස් වෙත ගිය විශ්වවිද්‍යාල සිසුන් නිවෙස් තුළම සිටින්නැයි ඉල්ලීමක්

නිවාඩු ලබාදීමෙන් පසු නිවෙස් වෙත ගොස් ඇති කැලණිය විශ්වවිද්යාලය, යක්කල වික්රමාරච්චි ආයුර්වේද විද්යායතනය සහ නයිවල උසස් අධ්යාපන ආයතනයේ සිසු සිසුවියන් ට නිවෙස් වලට ම වී සිටින ලෙස විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ඉල්ලීමක් කරයි.
එම ආයතන අද(05) සිට සතියකට වසා දැමීමට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම තීරණය කළේය.
එසේම නේවාසිකාගාරවල සිටි සිසුන්ට ද හැකි ඉක්මනින් ඉන් ඉවත්ව යන ලෙසට දැනුම් දුනි.
දිවුලපිටිය ප්රදේශයේ කාන්තාවක් සහ ඇයගේ දියණිය කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව එම ආයතන තාවකාලිකව වසාදැමීමට බලධාරීන් විසින් ඊයේ(04) තීරණය කළේය