Monday, 04 January 2021 08:36

රුපියල් 2,000 ක නව මුදල් නෝට්ටුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2006 දී හඳුන්වා දුන් රුපියල් දෙදහසක මුදල් නෝට්ටුව  අවලගු කළ අතර ඊට විවිධ හේතු බලපෑ අතර එහි විශාලත්වයද එක් හේතුවක් විය. කෙසේ වෙතත් 

නැවත දෙදහසේ මුදල් නෝට්ටුවක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි. 1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ එකොළහක්  නිකුත් කරනු ලැබ ඇත. 

1 හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය

2. දෙ වන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය

3. ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය

4. එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය

5. පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත කාණ්ඩය

6. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය

7. සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය

8. ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය

9. ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය

10 .ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය

11 .සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන නෝට්ටු කාණ්ඩය යටතේ මෙම නව මුදල් නොට්ටුවද නිකුත්වනු ඇති.