Monday, 22 August 2022 06:16

වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා සංඛ්‍යාව වැඩි කිරීමට උපදෙස් Featured

Written by
Rate this item
(0 votes)

වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා සංඛ්‍යාව වැඩි කිරීමට උපදෙස්

 

වී අලෙවි මණ්ඩලය (19 දින) වී කිලෝ මෙට්‍රික් ටොන් 331 ක් මිලදී ගත් බව බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් වී අලෙවි මණ්ඩලය මිල දී ගනු ලැබේ.

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය පසුගිය 17 වැනිදින සිට ආරම්භ කෙරිණි.

මේ වන විට අස්වනු කපා අවසන් කර ඇති දිස්ත්‍රික්ක කිහිපයක සහ අස්වනු නෙළමින් තිබෙන දිස්ත්‍රික්ක කිහිපයක ගොවින්ගේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 55ක් පසුගිය 18 දින තුළ විවෘතව තැබිමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත.

එසේම (19) දිනය ඇතුළත වී මිල දී ගැනීමට විවෘතව තබන ගබඩා සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.එ් අනුව ගබඩා 75- 100 දක්වා ප්‍රමාණයක් එම දිනය තුළ විවෘත කර තැබීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත.එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී ගබඩා 27න් 26ක්ම විවෘත කර ඇති අතර වී අස්වනු නෙළන ප්‍රදේශ අනුව ගබඩා විවෘතව තැබීම ද ක්‍රමානුකූලව පුළුල් කිරීමට සැළසුම් කර තිබේ.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී ඇත.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආරම්භ කළ PMB Rice සහල් නිෂ්පාදන කටයුතු ඉදිරි කාලය තුළ පුළුල් කිරීමටත් වී අලෙවි මණ්ඩලයට සැළසුම් කර තිබේ.එසේම වී මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 2000ක් වැය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read 1447 times