Wednesday, 08 February 2017 04:29

තරංග ගේ කාලය අපතේ ගියා - සනත් ජයසුරිය

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ උපුල් තරංගට සිය ක්‍රිඩා දිවියේ වසර දෙකක පමණ කාලයක් අපතේ ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.



කෙසේ වෙතත් මේ වන විට තරංග හොඳින් ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් සනත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාවේ රැඳී සිටින සනත් එහි සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදින් හා සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පවසයි.

එසේම ඉදිරි කාලසීමාවේදී තරංගගෙන් තවත් දක්ෂතා දැකගත හැකි වනු ඇති බව සනත් පවසයි.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භ පිතිකරණ යුගලයක් පවත්වා ඇති වැඩිම ලකුණු සබඳතාව පවත්වා ඇත්තේ සනත් හා තරංගයි.

මෙහිදී දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න  පිළිබඳවද තේරීම් කමිටු සභාපතිවරයා අදහස් දැක්විය.

අපි මේ දෙදෙනා වෙනුවෙන් විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. නමුත් දැන් ඔවුන් ගැටලුවකට පත්වෙලා තිබෙනවා. ඔවුන්ට සථාවර වෙන්න ඇති තරම් තරග ලබාදුන්නා” යැයි සනත් පවසයි.