Wednesday, 15 February 2017 08:11

සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල  හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි. දිවයිනේ උතුරු, උතුරුමැද, නැ‍ගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ.

සෙසු ප්‍ර‍දේශ වල, ස්ථාන කිහිපයක විශේෂයෙන් සවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.