Friday, 17 February 2017 06:04

පෙබරවාරි මස 19 සහ 20 දිනවල දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක්

දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.


වැසි තත්වයේ නැවතත් අඩුවීමක් අපේක්ෂා කරන අතර පෙබරවාරි මස 19 සහ 20 දින වලදී (විශේෂයෙන්  දිවයිනේ දකුණු අර්ධයේ) වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කළ හැක. දිවයිනේ නැ‍ඟෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති  ‍වේ. සබරගමුව පළා‍තේ ස්ථාන ස්වල්පය කසවස 2.00 න්  පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.