Saturday, 04 March 2017 08:24

සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි.


උතුරු, උතුරුමැද,වයඹ  සහ නැගෙනහිර පළාත් වලත් බස්නාහිර සහ දකුණු වෙරළ බඩ ප්‍රදේශවලත් උදය කාලයේදීද වැසි ඇති වේ.

දිවයිනේ ඇතැම් ස්ථාන වල (මි.මී 75 පමණ)  තරමක් තද වැසි ද  ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.