Monday, 13 March 2017 08:18

ලෝක ග්ලුකෝමා සතිය ඇරඹේ - ලෝක ජනගහනයෙන් මිලියන 4.2කට ග්ලුකෝමාව බලපායි

''අදෘශ්‍යමාන ග්ලුකෝමාව පරදවමු'' යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන ලෝක ග්ලුකෝමා සතිය ආරම්භ වෙයි.මාර්තු 12 සිට ආරම්භ වූ ග්ලුකෝමා සතිය මාර්තු 18 දින දක්වා පැවැවෙයි.


ග්ලුකෝමා අන්ධභාවයට පත්වීමට බලපාන තුන්වන ප්‍රධාන හේතුව වෙයි. අක්ෂි ස්ණායුවට ස්ථීර හානිය සිදුවීමෙන් ක්‍රමයෙන් අන්ධභාවයට පත්වීම සිදුවෙයි.

ලෝක ජනගහනයෙන් මිලියන 4.2ක ප්‍රමාණයක් ග්ලුකෝමා නිසා අන්ධභාවයට පෙළෙන බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 250,000 පමණ ග්ලුකෝමා රෝගයට ලක්ව තිබේ. මෙය මුළු ජනගහනයෙන් සියයට 6%ක් බව මැතකදී සිදු කරන ලද ජාතික අන්ධභාවය පිළිබඳ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

ග්ලුකෝමා පිළිබඳව අඳහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  ජේ.එම්.ඩබ්ලිව්. ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ, ග්ලුකෝමා හඳුනාගැනීම වැදගත් බවත්, තම පවුලේ වැඩිහිටියන්ට ග්ලුකෝමා ඇති බවට හඳුනාගෙන තිබෙනම් දරුවන්ට එය වැළඳීමේ හැකියාව ඉහළ බවයි.ඒ නිසා දරුවන්ගේ අක්ෂි පරීක්ෂාව සිදු කිරීම වැදගත් බව පෙන්වා දුන්නේ ය. ලෝක ග්ලුකෝමා සතියට සමගාමීව ජාතික වැඩසටහන් ක්‍රියාත්මක බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

ග්ලුකෝමා කල් ඇතිව හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමෙන් ග්ලුකෝමාව වළක්වා ගැනීමට හැකි බව, ග්ලුකෝමා  රෝගය පිළිබඳව ජනතාවට වැඩි අවධානයකට ලක් කිරීම සඳහා ප්‍රතිකාර සඳහා උනන්දු කිරීම උදෙසා ලෝක ග්ලුකෝමා සතිය නම් කර තිබේ.