Wednesday, 15 March 2017 06:08

ලංකා බංකුවට බඳවා ගැනීමේ විභාගය ලබන 18 වැනි දා

ලංකා බැංකුවට අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර තනතුර සඳහා තෝරා ගැනීමේ තරග විභාය ලබන 18 වැනි දා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 456කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බව ශ්‍රී ලංකා  විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 65492ක් පෙනී සිටීමට නියමිත අතර එම සියලු අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර තැපැල් කොට යවා ඇති බවත් මේ වන විට ප්‍රවේශ පත්‍ර නොලැබු අයදුම්කරුවන් වෙතොත් පහත සඳහන් දූරකතන අංක මඟින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

දූරකථන අංකය-    0112785230/0112177075/ හෝ
                     0112786200, 2784201, 2784202, 2784203, 2784204,2784205, 2784206,2784207 මඟින් දිගු අංක 275,401, 413

ක්ෂණික ඇමැතුම් - 1911 ( පැය 24 පුරා)