Wednesday, 17 May 2017 02:36

සයිබර් ප්‍රහාරවලින් කලාපයම රැක ගන්න අපි ලෑස්තියි - අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

කලාපීය සයිබර් මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ

පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

 විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ සයිබර් ප්‍රහාරවලින්  ආරක්ෂාවීම සඳහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා මයික්‍රසොෆ්ට්  ආයතනය ඇතුළු තවත් ආයතනවල සහාය ලබාගන්නා බවයි.

ලංකාවේ පරිගණක පද්ධතියේ ආරක්ෂාව මෙන්ම  කලාපීය ආරක්ෂාවද මෙමගින් තහවුරු කිරීමට හැකිවනු ඇතැයි සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.