ණය නිසි ලෙස හැසිරවීමට චීනයේ අඛණ්ඩ සහයෝගය
“ ණය නිසි ලෙස හැසිරවීම” පිළිබඳව ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට චීන බැංකු ද සූදානම් බවත්, එමගින් ණය ආපසු ගෙවීමනැවත සකස් කළ හැකි බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට පවසා ඇත
වත්මන් අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදාන, වෙළඳාම, ආයෝජන ආවරණය කිරීම සඳහා චීනයේ “අඛණ්ඩ සහ ස්ථිර සහයෝගය” දතානාපති Qi යළි තහවුරු කර ඇත.
චීන සහ ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාර සහ ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ රැකියා සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරඇති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා දෙපාර්ශ්වයේම ඉදිකිරීම් සහ මෙහෙයුම් සඳහා සහාය විය යුතු බවත් පවසා සිටිවික්‍රමසිංහ මහතා තානාපති ක්වි සමඟ එකඟ විය.
දිවයින පුරා චීන සහ ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරවල සහ ව්‍යාපෘතිවල ශ්‍රී ලාංකිකයින් 11,000ක් සේවය කරන බව තානාපතිවරයාඅවධාරණය කළේය.
COVID-19 වසංගතය සහ අනෙකුත් සියලුම අභියෝග තිබියදීත්, බොහෝ සමාගම් සහ ව්‍යාපෘති ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමසඳහා ඔවුන්ගේ වැටුප් මට්ටම් ඉහළ නැංවීමට සමත් වී ඇත.
ශ්‍රී ලංකාව සහ චීනය එක්ව පෝට් සිටි කොළඹ සහ හම්බන්තොට වරාය සහ කාර්මික උද්‍යානය සංවර්ධනය කිරීම කඩිනම් කරනබවත්, ශ්‍රී ලංකාවට වැඩි විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නා බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය. චීන සහජාත්‍යන්තර ආයෝජකයින්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ද නව රජය කැපවී සිටින බව ඔහුවැඩිදුරටත් පැවසීය.
ගාලුමුවදොර සිද්ධිය: තවත් සැකකරුවන් තිදෙනෙකු ඇප
ශ්රී ලංකා පොදුජන පෙරමුණේපාර්ලිමේන්තු මන්ත්‍රී සනත්නිශාන්ත සහ මොරටුවනගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුයන සැකකරුවන් තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹකොටුව මහේස්ත්‍රාත් අධිකරණයඅද නියෝග කළා.
පසුගිය මැයි 9 වැනිදා ගාලුමුවදොර ප්‍රදේශයේ ඇති වූසිද්ධීන් සම්බන්ධයෙන් ඔවුන්රක්ෂිත බන්ධනාගාරගතකෙරුණා.
අද සිට නව ප්‍රවාහන වැඩපිළිවෙලක් - නව පාසල් බස් රථ 20ක් සේවයට- යාපනයට නව දුම්රියක්
බ්‍රිතාන්‍ය සිට පැමිණි ශ්රී ලංකන් යානයක් තුර්කි ගුවනේ දී අනූනවයෙන් බේරෙයි
තුර්කියේදී අනතුරකට ලක්වීමට ගිය ශ්‍රී ලංකන් එයාර් ලයින් යානයක් අවසන් මොහොතේදී නියමුවාගේ අවධානය නිසා අනතුරකින් බේරුනු බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා.
එම සිදුවීම මෙසේ ය.
ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇත්තේ තුර්කි ගුවන් සීමාවේ සිටියදී බ්‍රිතාන්‍ය එයාර්වේස් ගුවන් යානයක් සමඟ ඇති වීමට ගිය විශාල ගුවන් අනතුරක් වළක්වා ගනිමින්
මගීන් 275ක් සහ කාර්ය මණ්ඩලය රැගත් ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ UL 504 ගුවන් යානය හීත්‍රෝ නුවරින් කොළඹ බලා ගමන් ආරම්භ කිරීමනේ පසු තුර්කි ගුවන් සීමාවට ඇතුළු වීමේදී අන්කාරා ගුවන් පාලකයන් විසින් UL නියමුවාට යානය අඩි 33,000 සිට අඩි 35,000ක් ඉහළට ගැනීමට දන්වා තිබෙනවා.
කෙසේ නමුත් සුපරීක්ෂාකාරීව සිටි ශ්රී ලංකන් යානයේ නියමුවා සහ කාර්ය මණ්ඩලය ඔවුන්ට සැතපුම් 15 ක් ඔබ්බෙන් අඩි 35,000 ක් ඉහළින් පියාසර කරන බ්‍රිතාන්‍ය එයාර්වේස් යානයක් හඳුනාගෙන ඇති අතර ඒ වන විටත් ඉහළින් ගුවන් යානයක් ඇති බව අන්කාරා හි ගුවන් ගමන් පාලනයට ඉන් පසුව දැනුම් දී තිබෙනවා.
එය යලි පරීක්ෂා කිරීමෙන් පසු අන්කාරා ගුවන් ගමනාගමන පාලක විසින් ශ‍්‍රී ලන්කන් කපිතාන්වරයාට දන්වා ඇත්තේ ඔවුන්ගේ රේඩාර් පද්ධතියේ අඩි 35,000 ක් ඉහළට කිසිදු පියාසර කිරීමක් අනාවරණය නොවූ බැවින් ශ‍්‍රී ලන්කන් යානයට ඉහලට නැගීමට අවසර දුන් බවයි.
එහෙත් ඒ වන විටත් බ්‍රිතාන්‍යය යානය හඳුනාගෙන සිටි ශ්රී ලංකන් එයාර් ලයින් යානයේ ගුවන් නියමුවා ගුවන් යානයේ රේඩාර් නිරූපන යලි පරීක්ෂා කරන ලෙස ඉල්ලා තිබෙනවා.
ඉන් පසුව එය හදුනාගෙන ඇති අතර ,ශ්‍රී ලංකන් යානයට ඉහලට නොයන ලෙසට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඉන් විනාඩි ගණනකට පසුවයි.