------------------------------------------
ඒ 1916 අවුරුද්දේ ගිම්හාන කාලයයි. ඇමරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ කින්ග්ස්පෝට් නම් කුඩා නගරයට එය සුවිශේෂී ගිම්හාන කාලයක් විය. ඒ Sparks World Famous Shows නම් වූ සර්කස් කණ්ඩායම ඒ නගරයට පැමිණ උන් නිසාය.
Sparks World Famous Shows එකල ඇමරිකාවේ ප්‍රසිද්ධියක් ඉසිලූ ජංගම සර්කස් කණ්ඩායමකි. විසල් ලොරි රථ පහලොවකින් තැනින් තැනට සංචාරය කෙරුණු මේ සර්කස් කණ්ඩායමේ, විකටයින්, කරණම් ශිල්පීන් මෙන්ම විවිධ සතුන්ද සිටියහ. මේ සියලු සර්කස් ශිල්පීන් අතරින් ප්‍රෙක්ෂකයින්ගේ වැඩිම ආකර්ශනය දිනාගත් තරුව වූයේ “බිග් මේරි” නම් වූ දැවැන්ත සර්කස් ඇතින්නයි. ජම්බෝ නම් වූ ප්‍රසිද්ධ අලියාටත් වඩා මේරි උසින් අගල් තුනක් වැඩි බව, සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ චාර්ලි ස්පාර්ක්ස් නිතරම කීවේය. ඔහුට අනුව නම් මේරි “ඒ වන විට මිහිමත සිටින විශාලතම සත්වයාය.”
ඉතින් 1916 ගිම්හාන කාලයේදී, මේ සර්කස් කණ්ඩායම කින්ග්ස්පෝට් නගරයට එන විට, මේ දැවැන්ත සත්වයාව නරඹන්නට පාර දෙපස සෙනග එක්රැස් වී සිටියහ.
මේරි බෙහෙවින් කීකරු, හීලෑ ඇතින්නියක වූවාය. සන්සුන්ව පාරේ යමින් උන් මේරිගේ අවධානය එක්වරම වෙනතකට ඇදිණ. ඒ පාර අයිනේ වැටී තිබුණු කොමඩු පොත්තක් දෙසටය. යමින් උන් ගමන නැවැත්වූ මේරි, ඒ මිහිරි රසැති පළතුර අහුලා ගන්නට පාරෙන් ඉවතට හැරුණාය.
ඇගේ පිට මත උන් ඇත් ගොව්වාට ඇයව නැවතත් පාරට හරවා ගන්නට උවමනා විය.
මේරි ඉතා කීකරු ඇතින්නක් වුවද, එදා ඇගේ පිටමත උන් ඇත් ගොව්වා, ඇයට හුරු පුරුදු කෙනෙකු නොවීය. රෙඩ් ඒල්ඩ්රිජ් නම් වූ ඔහු අලි ඇතුන් මෙහෙයවීම ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. වෙනකක් තබා, හෝටල් සේවකයෙකු ලෙස රැකියාව කරමින් උන් ඔහු, ඇත්ගොව්වෙකු ලෙස රැකියාව පටන් ගත්තේද මේ කියන දවසට දින දෙකකට පෙරය.
පාරෙන් ඉවතට ඇදෙන ඇතින්නව, යළිත් පාරට හරවා ගන්නට කුමක් කළ යුතුදැයි සිතාගන්නට නොහැකි වූ මේ ඇත් ගොව්වා කලේ ඔහු අත තිබුණු තියුණු හෙණ්ඩුවෙන් ඇතින්නගේ කන පිටුපසට ඇනීමය.
ඕනෑවටත් වඩා වැරෙන් වැදුණු හෙණ්ඩුවේ පහරින් මේරිට දැඩි වේදනාවක් දැනිණ. ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. වේදනාවෙන් මුසපත් වුණු මේරි අතින් ඊලගට සිදුවූයේ ඇගේම දෛවය කණපිට හරවන අවාසනාවන්ත ක්‍රියාවකි.
මේරි තම හොඩවැල පිට දෙසට දිගු කර, පිටේ උන් ඇත්ගොව්වාව හොඩින් අල්ලා ගත්තාය. ඉන්පසු ඔහුව වැරෙන් පොළවේ ගැසුවාය. භීතියෙන් ත්‍රස්ත වූ මිනිසුන් දහස් ගණනකගේ නෙත් ඉදිරිපිටදීම, බිම වැටී උන් ඇත් ගොව්වාගේ හිස්කබල පයින් පාගා චප්ප කළාය.
ඇත්ගොව්වා එතැනම මිය ගියේය.
එහෙත් කතාව එතැනින් නිම වූයේ නැත.
ඒ බිහිසුණු සිදුවීම ඇසින් දුටු මිනිසුන් සිය දහස් ගණනක් උන්හ. ඒ සියල්ලන්ම එක හඩින් ඉල්ලුවේ එකම දෙයකි.
“ඌව මරලා දාන්න.! ඌව මරලා දාන්න.!”
එතැන උන් මිනිසෙකු මේ ඇතින්නට කිහිප විටක්ම වෙඩි තැබුවේය. එහෙත් වෙඩි උණ්ඩයට ඇගේ සම පසාරු කරගෙන යන්නට පුළුවන් වූයේ නැත.
හෙණ්ඩුවෙන් ඇනීමෙන් ලද වේදනාව කෙමෙන් මැකී යත්ම මේරිද ක්‍රම ක්‍රමයෙන් සන්සුන් වූවාය. එයින් පසුව මේරිගෙන් කිසිම කෙනෙකුට හිංසාවක් සිදුවූයේත් නැත. එහෙත් මේරිට සමාව දෙන්නට නගරවැසියෝ කැමති නොවූහ. ඔවුන් දිගින් දිගටම බලධාරීන්ට බල කරමින් කියා සිටියේ මේරිව මරා දැමිය යුතු බවය.
පළපුරුද්දක් නැති ඇත් ගොව්වෙකු සේවයේ යෙදවීම හේතුවෙන් සර්කස් කණ්ඩායමේ හිමිකරුටත් චෝදනා එල්ල විය.
කෙසේ වුවත් සර්කස් කණ්ඩායමේ පාලකයින් හා පුහුණු කරුවන් මේරිට ඒ හැටි කරුණාවන්ත වූ හාම්පුතුන් නොවූහ. වරින් වර නපුරු හිංසාවන්ට මුහුණ දෙන්නටත්, හීලෑ සත්වයෙකුට ලැබිය යුතු සැප පහසුකම් නැති කටුක ජීවිතයක් දරා ගන්නටත් මේරිට සිදුවී තිබිණ. එකල සර්කස් කණ්ඩායමක සතුන්ට සැලකුවේත්, වහල්කමටම උපන් සතුන්ට මෙන් පහත් අන්දමිනි.
මේ කාරණාවන් සාධාරණ ඇසකින් දකින්නට තරම් හැකියාවක් කින්ග්ස්පෝර්ට් නගරයේ වැසියන්ට තිබුණේ නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මේරිගේ වරදට මරණ දඩුවම ලබා දෙන්නැයි කියාය. සර්කස් සන්දර්ශනය පවත්වනවා වෙනුවට, නඩු විභාගයකින් තොරවම මේරිව ප්‍රසිද්ධියේ එල්ලා මරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
කෙමෙන් වැඩෙන මහජන විරෝධය හේතුවෙන් චාර්ලි ස්පාර්ක්ස් ගේ සර්කස් ව්‍යාපාරය නැත්තට නැති වෙන තැනට වැඩ සැලසී තිබිණ. ඒ නිසාම ඔහු මේරිව නගරයේ බලධාරීන්ට බාර දුන්නේය. අන්තිමේදී නගර වැසියන්ගේ ඉල්ලීමට එකග වන්නට නගරයේ පාලකයින්ට සිදු විය. මේරිව එල්ලා මරන්නට තීන්දු කෙරිණ.
බිග් මේරි නමින් ප්‍රසිද්ධව උන් මේ ආසියානු ඇතින්න ඒ වන විට මිනිසුන් විසින් හදුන්වනු ලැබුුවේ “මිනීමරු මේරි” යන නමිනි. ඉතින් “මිනීමරු මේරි”ව ටෙනෙසි ප්‍රාන්තයේම එර්වින් නම් නගරයේ දුම්රිය අංගනයක් වෙත ප්‍රවාහනය කරන ලදී.
ඇයව එල්ලා මරන අන්දම සියැසින් දැක ගන්නට පිරිමින් ගැහැණුන් මෙන්ම කුඩා ළමුන්ද දස දහස් ගණනක් ඒ දුම්රිය අංගනය වටා රැස්ව උන්හ. සැබවින්ම, ඒ එල්ලා මැරීමද “ප්‍රසිද්ධියේ කෙරෙන ඝාතනයක්” යැයි කිවහොත් වැරදි නැත.
ටොන් පහක් බරැති මේ දැවැන්ත සත්වයාව එල්ලා මැරීම පහසු කාර්යයක් නොවීය.
එහෙත් නගර වැසියෝ තමන්ගේ “ප්‍රශ්නයට” විසදුමක් සොයා ගත්හ. ටොන් සියයේ දුම්රිිය මැදිරි ඔසවන දොඹකරයකට යෝධ දම්වැලක් අමුුණා සදා ගත් තාවකාලික තොණ්ඩුවකින් මේරිව එල්ලා මරන්නට සූදානම් කෙරිණ.
අකාලයේ වැහි වැටුණු, අන්ධකාර දිනයක් වුණු එදා, 1916 සැප්තැම්බර් 13 වැනිදා, ඒ තාවකාලික තොණ්ඩුවෙන් මේරිව එල්ලන්නට යාමේදීි සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු සිදුවීිමකි.
තමන්ගේ ගෙල වටා දම්වැල් තොණ්ඩුව පලදවද්දී මේරි බෙහෙවින් සන්සුන්ව උන්නාය. වෙනදාටත් සර්කස් සන්දර්ශනයකට පෙර දම්වැල් පැලදවීම කෙරෙන නිසා ඇය සිතන්නට ඇත්තේ අදත් ඇයට පැවරෙන්නේ එවැනි රාජකාරියකැයි කියාය. එහෙත් දැවැන්ත දොඹකරයේ බැදුණු තොණ්ඩුවෙන් තම සිිරුර කෙමෙන් ඉහළට ඇදෙන විට මේරි බියපත් වූවාය.
මරණය සිතූ තරම් පහසුවෙන් මේරි වෙත ලගා වූයේ නැත. මේරිගේ බරට ඔරොත්තු නොදුන් තොණ්ඩුව කඩා වැටිණ. මේරිගේ දැවැන්ත සිරුර බිම පතිත විය. ඇගේ කොදු ඇට පෙළ බිදී ගිියේය. මේරි වේදනාවෙන් විලාප තියන්නට වූවාය. ඇගේ විලාප හඩ ඇසුවන්ගේ හද කම්පා කරවන සුලු එකක් වීය. කොදු ඇට පෙළ බිදී ගිය මේරි, අසරණ සාවියක මෙන් බිම වැතිරීි උන්නාය. නරඹන්නෝ නිරුත්තරව බලා සිටියහ.
මේරිව එල්ලා මරන කාර්යය භාරව උන් අය දම්වැලින් ගෙතූ දැවැන්ත කඹයකිින් නැවතත් තොණ්ඩුවක් තනා ගත්හ. මෙවර නම් ඔවුන්ගේ උත්සාහය වැරදී ගියේ නැත. මිනිසුන් දහස් ගණනක් තම සර්කස් රංගනයන්ගෙන් පිනවූ මේරි, දහස් ගණනක් වූ අකාරුණික මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටදීම අවසන් හුුස්ම හෙළුවාය.
පැමිණ උන් සෙනග විසිර ගිය පසුව, මියගිය මේරිගේ සිරුර ඒ දුම්රිය අංගනයේම තැනක මිහිදන් කෙරිණ. ඒ සොහොන කොතැනදැයි ලකුණු කර නොතබන්නටත්, ඒ ගැන කතාබහ හිතා මතාම යටපත් කරන්නටත් නගරයේ බලධාරීහු කටයුුතු කළහ.
මේරිගේ මරණය සිදුවී සිය වසරක් ඉක්ම ගොස් ඇතත්, මේරි නම් වූ ඇතින්නගේ මරණය අදටත් එර්වින් නගරයට ලැජ්ජාවකි.
“මේ ඇතින්නක් එල්ලා මරා දැමූ මිනිසුන් ඉන්න නගරයදැයි” සංචාරකයින් විමසන විට නගරවැසියන් පත් වෙන්නේ මහත් අපහසුතාවයකටය.
මේ වරද නිවැරදි කරන්නටදෝ වර්තමානයේ මේ නගරවැසියෝ වාර්ෂිිකව සල්පිලක් පවත්වමින් “ෆයිබර්ග්ලාස්” වලින් තැනූු ඇත් රු විකුණති. ඒ ඇත් රූ විකුණා ලැබෙන මුදල ටෙනෙසි හි හෝහෙන්වෝල්ඩ් අලි අනාථාගාරයට පරිත්‍යාග කරති.
එහෙත් ඔවුන් කළ අපරාධයට වන්දි ගෙවන්නට එය ප්‍රමාණවත් වේදැයි දන්නේ දෙවියන්ම පමණකි.
නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ
විවිධ කාල වකවානු තුළ ලෝකයේ නිමක් නැති උණුසුම් පුවත් නිර්මාණය වීම ඉතාමත් සුලභ කාරණයකි. එලෙස ලෝකය උඩුයටිකුරු කරන පුවත් නිර්මාණය කරන පුවත් උල්පතක් බඳු වන්නේ විද්‍යා ක්ෂේත‍්‍රයයි. නව සොයාගැනීම් හා ඊට අදාළ පර්යේෂණ හා ගවේෂණයන් කියාපාන්නේ අනාගත ලෝකයට විවර වන මං පෙත්ය. මෙලෙස මෙම සතියේ බීබීසී, අල්ජසීරා, නේචර් වැනි ලොව පුරා තිබෙන බොහෝ සුප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයන්ගේ උණුසුම්ම පුවත වූයේ ”සඳ මතුපිටින් ජලය සොයාගනියි” යන පුවතයි. අභ්‍යවකාශ ගවේෂණය ලොව ආරම්භ වූ දා සිට මිනිසාගේ තිබූ මූලිකම අරමුණක් වන්නේ සඳෙහි ජලය පවතිනවාද? නැත්ද? යන්න සොයාගැනීමයි. කාලෙන් කාලයට පුවත් මවන මේ කාරණය මෙවර සත්‍ය වේද? එම කාරණය සත්‍ය වූවා නම් ඒ කුමන පර්යේෂණයක ප‍්‍රතිඵලයක්ද? අද අපි විමසමු ඒ ගැන.
චන්ද්‍රයා මතුපිට ජලය සොයායෑමේ පරීක්ෂණය 20 වන සියවස දියත් කෙරුණු ඇපලෝ වැඩසටහන දක්වා විහිදී යයි. ධ‍්‍රැවීය චන්ද්‍ර ආවාටවල අයිස් ඇතිවීමේ හැකියාව මුලින්ම යෝජනා කළේ 1961 දී කැල්ටෙක් පර්යේෂකයන් විසිනි. ඇපලෝ ගගනගාමීන් විසින් එකතු කරන ලද චන්ද්‍ර පාෂාණ සාම්පලවල හෝඩුවාවක් සොයා ගත හැකි වුවද, මෙම සාම්පල අපවිත‍්‍ර වීම හේතුවෙන් කරන ලද පර්යේෂණයන් අසාර්ථක විය. 1971 ඇපලෝ 14 යානය ගොඩ බෑ ස්ථානයෙන් ලැබූ සාක්ෂි අනුව සඳ හි ඇති ජලය ගැන මුල්ම හෝඩුවාව ලැබූ අතර 1978 සෝවියට් රුසියාවෙන් දියත් කෙරුණු ලූනා 24 යානයෙන් සඳෙහි ජලය ඇති බව නිශ්චිතව ප‍්‍රකාශයක් නිකුත් විය. ඉන් අනතුරුව චන්ද්‍රයා මත ඇති ජලය ගැන ප‍්‍රකාශ නිකුත් වුවත් 21 වන සියවස වන විට මෙම මාතෘකාවට නැවතත් උණුසුම් මුහුණතක් ලබා දීමට ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට (ISRO) මගින් චන්ද්‍රයා වෙත දියත් කෙරුණු චන්ද්‍රයාන් 1 යානය සමත් වන අතර යානයේ ඇති උපකරණ මගින් ලබා ගත් දත්ත අනුව සඳ මත අයිස් වූ ජලය ඇති බවට අනාවරණය කරගැනීමට හැකිවන අතර 2010 මාර්තු මාසයේදී චන්ද්‍රයාන් 1 යානයේ සිටි මිනි-එස්. ඒ. ආර් සඳෙහි උතුරු ධ‍්‍රැවය අසල ස්ථිරවම අඳුරු වූ ආවාට 40 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර ඒවා හි ඇස්තමේන්තු කර ඇති පරිදි මෙටි‍්‍රක් ටොන් මිලියන 600 ක් පමණ ජල අයිස් අඩංගු වනවා. මෙම සොයාගැනීම කෙරෙහි බොහෝ දෙනා විවිධ විවේචනයන් හා අදහස් ඉදිරිපත් විය. නමුත් මෙවැනි විද්‍යාත්මක සොයාගැනීම් හි සැලකිය යුතු හෝ නිමාවක් දකින්නේ තව තවත් පර්යේෂණ කරමින් සිදුකරගන්නා ලද නිශ්චිත තහවුරු කරගැනීම් වලින් පමණි.
අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කරමින් අධෝරක්ත නිරීක්ෂණ ගුවන් යානා භාවිත කරමින් අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය පළමු වරට භාවිතා කරන ලද්දේ 1965 වසරේ දීය. නාසා ආයතනයේ ව්‍යාපෘතියක් වූ මෙය සිකුරු ග‍්‍රහයා නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගත් අතර 1969 දී දුරේක්ෂයක්ද ගුවන් යානයක සවිකිරීමේ කුයිපර් ව්‍යාපෘතිය ඇරඹිණි. එහි මූලික අරමුණ වූයේ වායුගෝලයේ ජල-වාෂ්ප අවශෝෂණය අවම කරමින් අධෝරක්ත කිරණ උපයෝගී කරගනිමින් අභ්‍යවකාශ ගවේෂණයයි. 1975 වසර වන විට වැඩ අවසන් වූ මෙම ව්‍යාපෘතියෙන් යුරේනස් ග‍්‍රහලෝකය වටා ඇති මුදු පද්ධතිය සොයා ගැනීම ඇතුළු විද්‍යාත්මක අධ්‍යයන රැසකට මෙම දුරේක්ෂය ඉවහල් විය. අනතුරුව කුයිපර් ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ඇමරිකාවේ නාසා ආයතනයේ 80% ක මූල්‍ය දායකත්වයෙන් හා ජර්මානු ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (DLR) 20% මූල්‍ය දායකත්වයෙන් මෙන්ම විශ්වවිද්‍යාල අභ්‍යවකාශ පර්යේෂණ සංගමයට (USRA) එකතුවෙන් අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වූ නිරීක්ෂණාගාරය වන සොෆියා (SOFIA) ව්‍යාපෘතිය ඇරඹි අතර බෝයිං 747 වර්ගයේ නවීකරණය කෙරුණු ගුවන් යානයක් තුළ ඇති නිරීක්ෂණාගාරය සමගින් තම මංගල පර්යේෂණ චාරිකාව 2010 වසරේ දී ආරම්භ කරන ලදී. මුල් කාලයේ චන්ද්‍රයා ගවේෂණය නොකළ අතර කළු කුහර, තරු පොකුරු සහ මන්දාකිණි වැනි අභ්‍යවකාශ වස්තූන් අධ්‍යන කෙරූ සෝෆියාගේ අවධානය සඳ වෙත යොමු වූයේ 2018 අගෝස්තු මාසයේදීය.
https://sannasa.org/26d74858-5dac-4f76-8679-29dbdc9ff536" width="325" height="155">
අඩි 45,000 ක් පමණ උන්නතාංශයක පියාසර කරමින් අඟල් 106 ක විෂ්කම්භයකින් යුත් දුරේක්ෂයක් සහිත මෙම නවීකරණය කරන ලද බෝයිං 747 ජෙට්ලයිනර් ගුවන් යානය අධෝරක්ත කිරණ යවමින් විශ්වය පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීම සඳහා පෘථිවි වායුගෝලයේ ජල වාෂ්පයෙන් 99% ට වඩා ළඟා වේ. සොෆියා දුරේක්ෂ සඳහා එහි අධෝරක්ත කැමරාව භාවිතා කරමින් ජල අණු වලට ආවේණික වූ නිශ්චිත තරංග ආයාමයක් ලබා ගැනීමට හැකි වූ අතර හොඳින් හිරු එළිය වැටෙන ක්ලැවියස් ආවාටය තුළින් ජලය කුඩා ප‍්‍රමාණයක් සොයාගන්නා ලදී. මෙම සොයා ගැනීම පෙන්නුම් කරන්නේ ජලය චන්ද්‍ර පෘෂ්ඨයේ සීතල, සෙවනැලි ස්ථානවලට පමණක් සීමා නොවන බවයි.
මෙහිදී සොෆියා විසින් අනාවරණය කරගත් ජලයට වඩා 100 ගුණයක් සහරා කාන්තාරයේ පසෙහි ජල ඇති අතර මෙපමණ කුඩා ප‍්‍රමාණයක් තිබියදීත්, මෙම සොයා ගැනීම මඟින් ජලය නිර්මාණය වන්නේ කෙසේද සහ එය රළු, වාතය රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින්නේ කෙසේද යන්න පිළිබඳව නව ප‍්‍රශ්නයක් මතු කරයි. එමෙන්ම සඳෙහි පෘෂ්ඨය පිළිබඳ පූර්ව නිරීක්ෂණ මගින් යම් ආකාරයක හයිඩ‍්‍රජන් වර්ගයක් අනාවරණය වූ නමුත් ජලය හා එහි සමීප රසායනික වර්ගයක් වන හයිඩ්‍රොක්සයිල් (OH) අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි විය. මෙම ස්ථානයෙන් ලබාගත් දත්ත වලින් හෙළි වන්නේ මිලියනයකට කොටස් 100 ත් 412 ත් අතර සාන්ද්‍රණයක ජලය (දළ වශයෙන් අවුන්ස 12 ක වතුර බෝතලයකට සමානයි.) චන්ද්‍ර පෘෂ්ඨය පුරා පැතිර ඇති පස් කියුබික් මීටරයක සිරවී ඇති බවයි. එහි ප‍්‍රතිඵලය නේචර් තාරකා විද්‍යාවේ නවතම කලාපයේ ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ජලය චන්ද්‍රයා තුළ නිර්මාණය වීමට හේතු සාධක රැසක් තිබිය හැකිය. චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කා මගින් මේ ජලය රැගෙන ආවා විය හැක. එසේත් නොමැති නම් සූර්ය සුළඟ මගින් ගෙන එන හයිඩ‍්‍රජන් හා චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ඔක්සිජන් යන ඛනිජයන් එකිනෙක රසායනික ප‍්‍රතික‍්‍රියාවක් සිදු කර හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ජලය නිර්මාණය විය හැක. තවද චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කාවන්ගේ විකිරණ මගින් හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ද ජලය නිර්මාණය විය හැක.
”ජලය විද්‍යාත්මක අරමුණු සඳහා මෙන්ම අපගේ ගවේෂකයන්ගේ භාවිතය සඳහා ද වටිනා සම්පතක්” යැයි නාසා හි මානව ගවේෂණ හා මෙහෙයුම් දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධාන ගවේෂණ විද්‍යාඥ ජේකොබ් බ්ලීචර් මහතා පැවසි අතර තවදුරටත් ඔහු පැවසුයේ. ‘‘අපට සඳෙහි ඇති සම්පත් භාවිතා කළ හැකි නම්, නව විද්‍යාත්මක සොයාගැනීම් සක‍්‍රීය කිරීම සඳහා අපට අඩු ජලය සහ තවත් උපකරණ රැගෙන යා හැකිය.” යන්නයි.
ඇත්ත වශයෙන්ම ජලය යනු අප ජීවත් වන ලෝකයට අත්‍යවශ්‍යම සම්පතක් එය අභ්‍යවකාශයට ද වලංගු වේ. සම්පතක් ලෙස සොෆියා සොයාගත් ජලය පහසුවෙන් භාවිතයට ගත හැකිද යන්න තීරණය කළ යුතුව ඇත. නාසා හි ආටෙමිස් වැඩසටහන යටතේ, 2024 මේ පිළිබඳ ගවේෂණයට මිනිසුන් චන්ද්‍ර පෘෂ්ඨයට යැවීමට සූදානම් අතර, එහි අවසානය ඉලක්කය වන්නේ තිරසාර මානව පැවැත්මක් ඇති කිරීමටත් පෙර සඳ මත ජලය තිබීම පිළිබඳව හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමයි. මේ සොයාගැනීමත් සමගම ඉදිරියේදී සඳේ ජනාවාස ඇතිවේවිද, මන්ද යත් ජලය යනු මිනිසාගේ මූලික පැවැත්මට වුවමනා වන සාධකයකි. මෙම සොයාගැනීමේ සත්‍ය අසත්‍යතාව ගැන තීරණය කිරීමට අපට තවත් කලක් බලා සිටීමට සිදුවේ.
මතීෂ සේනානායක / ආර්.ජේ.
: www.nasa.gov/ www.bbc.com වෙබ් පිටුව භාවිතයෙන්
බස්නාහිර ට ඇදිරිනීතිය දිගටම, එකවර 506කට සුවය, මෙරට කොවිඩ් 19 අලුත්ම තත්වය මෙන්න
බස්නාහිර පලාත තුල මේ වනවිට ක්‍රියාතමක නිරොධායනය ඇදිරි නීතිය නොවැම්බර් මස 9 වෙනිදා උදෑසන 5. දක්වා දීර්ඝ කරන බව යුද්ධ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා විශෙශ ප්‍රකාශයක් කරමින් කියා සිටි අතර මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුණෑගල නගරසභා සීමාවට හා කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය ට ද මේ ආකාරයටම ඇදිරි නීතිය ක්‍රියාතමක කර තිබේ. මීට අමතරව
අද (01) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
එම සංඛ්‍යාව මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස වේ.
ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝහල් 15ක ප්‍රතිකාර ලැබූ රෝගීන් මෙලෙස සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 5,738ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10,663 කි.
විශාල මුදල් යටකර බලාගාර තනනවා වෙනුවට ඒ මුදලින් රටේම ගෙවල්වලට සූර්ය පැනල ලබා දීමේ ඉන්දියානු ක්‍රමය
Written by Editorඉන්දියාව අඩුම වියදමකින් බලශක්තිය නිපදවන පියවරකට අවතීර්ණ වී තිබේ. එය රට විශාල ආර්ථිකයට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. පොසිල ඉන්ධන දහනය කර ධන හානිය හා පරිසර විනාශය අඩුවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. බලශක්තිය නිපදවන රාමුව වෙනස් කර තිබේ. සූර්ය තාපය එහි පදනමයි. හිරු එළිය උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති හෙයින් අලුත් රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් බිහි වී තිබේ. එම රක්ෂා පරිසර හිතකාමී බව විශේෂයෙන් වාර්තා කරන කරුණකි. මහා පරිමාණ ආයෝජන අංශ ගණනාවක්ද ඉන්දියාවට ලැබී ඇති අතර ඒවා සියල්ල සූර්ය තාපය උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන ව්‍යාපෘති බව සඳහන් කරන්නට අවශ්‍යය.
ඉන්දීය වාර්තා දක්වන අන්දමට 2018 වසරේ සිට 2019 කාලය තුළ සූර්ය තාපයෙන් විදුලිය නිපදවීමට වැයවන මුදල සියයට විසි හතකින් අඩු වී තිබේ. එය ලෝකයේ අඩුම වියදමකින් කරන නිෂ්පාදනයකි. ඉන්දියාවේ ඉඩම් මිල ඉහළය. ශ‍්‍රමයට ගෙවන මුදල ද සාපේක්ෂව වැඩි බව ප‍්‍රකාශ වෙයි. එහෙත් සූර්ය තාපයෙන් විදුලිය නිපදවන තාක්ෂණය මිල අඩුවෙමින් තිබේ. එහි වාසිය ඉන්දියාව ලබා ගෙන ඇත. බැටරි මගින් විදුලිය ගබඩා කරන අවස්ථාද වේගයෙන් නිර්මාණය වනු ඇතැයි සැලකේ.
තොරතුරු දක්වන අන්දමට ලෝකයේ සූර්ය බලය භාවිතාවට නැඹුරුව වැඩිම කලාපය ආසියාවයි. චීනය, ජපානය හා ඉන්දියාව එහි පෙරමුණ ගෙන තිබේ. 2019 වසරේ මෙම කලාපයේ සූර්ය බලය භාවිතය පමණක් සියයට විසි හතරකින් වර්ධනය වී ඇත. එය ආසියාව පරිසරයට දක්වන කාරුණික භාවය සම්බන්ධයෙන් සංකේතයකි.
ඉන්දියාවේ බලශක්ති භාවිතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අධික ජනගහනය හා එරට ආර්ථික වර්ධනය සමග විශාල ජන කොටසක ගේ ආර්ථිකය ඉහළට එසැවීම හෙයින් විදුලි පරිභෝජනය වැඩි වී ඇත. ඇස්තමේන්තු අනුව වාර්ෂික ඉල්ලුම සියයට එකොළහකින්ය. එරට ප‍්‍රාථමික බලශක්ති භාවිතය දැනට පවතින තත්ත්වයට වඩා සියයට 156 කින් වසර 2040 වන විට වැඩිවීමක් අපේක්ෂා කර තිබේ. මෙම උවමනාවන්ට අවශ්‍ය තරමට විදුලිය නිපදවීම ගැටලු සහගතය. දැවිතෙල්, ගල්අඟුරු හෝ වෙනත් ක‍්‍රම මගින් විදුලිය නිපදවීමට විශාල ආයෝජනයක් අවශ්‍යය. සූර්ය තාපය වෙනුවෙන් කරන ආයෝජනය දිනෙන් දින අඩුවෙන කාරණය එරට අවශ්‍යතාවයන්ට ගැලපෙන එකක් වී ඇත. ඉන්දියාවේ අඩානි හරිත බලශක්ති ආයතනය වසර 2025 වන විට සූර්ය තාපයෙන් විදුලිය නිපදවන දැවැන්ත බලාගාරයක් ඉදිකරන කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර ඇත. එය ඇමරිකානු ඩොලර් බිලියන හය ඉක්මවයි. ලෝකයේ දැනට වාර්තා වන දැවැන්ත ආයෝජනයකි. බලශක්තියට ගෙවන වියදම අඩුවීම විශාල පරිවර්තනයක පළමු පියවර වනු ඇත. විදුලිය මිල අඩුවන විට සෑම කර්මාන්ත හා සේවා අංශයකම පිරිවැය පහත වැටේ. නිෂ්පාදන වල මිල අඩුවෙයි. පාරිභෝගිකයන්ට වාසියකි. අපනයනයට ඉතා වාසිදායක තත්ත්වයකි. අනාගතයේ දී ජාත්‍යන්තර වෙළඳ පොළ ජය ගැනීමට ඉන්දියාවට හේතුවක් වනු නිසැකය.
ලෝකයේ සිදුවන මෙවැනි පරිවර්තන ශ‍්‍රී ලංකාවට බලපාන අන්දම ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සූර්ය තාපයෙන් විදුලිය බලය නිපදවීමට රටට සෑහෙන අවස්ථා තිබේ. යෝජනා විශාල ප‍්‍රමාණයක් සාකච්ඡා වෙමින් පවතී. රජයට පමණක් කරන්නට නොහැකි මෙම ආයෝජන දේශීය ආයෝජනවලට කළ හැකිය. තාක්ෂණය හා හවුල්කාරීත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම් සමග එකතුවීමට මෙරට ව්‍යවසායකයන්ට අවකාශයක් ඇත. නිසි ප‍්‍රතිපත්ති තීරණ ගැනීම පළමු අවශ්‍යතාවයයි. සාමාන්‍ය ජනතාවට පවා සිය නිවාසවල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් අඩු පොලියට දෙන ණය තවත් අඩු කරන්නට අවස්ථාව තිබේ. ලක්ෂ ගණනින් නිවාස දිවා කාලයේ දී විදුලියට හැරවෙන විට අලුත් විදුලිය බලාගාර අවශ්‍ය නැත. රාත‍්‍රී කාලයට ජල විදුලිය භාවිත කළ හැකිය. ජාත්‍යන්තර ප‍්‍රජාව කොපමණ අවදියෙන් ද යත් සමහර රටවල් දිවා කාලයේදී ජල විදුලි බලාගාර නතර කරනු පමණක් නොව ජලය සූර්ය විදුලියෙන් නැවත ඉහළට පොම්ප කරන ව්‍යාපෘති අරඹා තිබේ. නිදහසේ ගලා යන ජල මාර්ග වලින් ආපසු ඉහළට යැවෙන ජලය නැවතත් රාත‍්‍රී කාලයේ දී විදුලිය නිපදවන ටර්බයින් කරකවමින් පහළට ගමන් කරයි. මේවා විස්මිත දේ නොවන බව අද ලෝක ප‍්‍රජාව තහවුරු කර ඇත. ශ‍්‍රී ලංකාවට ද මෙම අත්දැකීම් ප‍්‍රයෝජනයට ගැනීමට බැරිකමක් නැත.
තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ලෝකයේ ප‍්‍රබල වෙනස්කම් ඇති කරන ලද බව පැහැදිලිය. එකිනෙකා සමග සම්බන්ධවීමේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය හා තාක්ෂණික දියුණුව දක්වා විශාල පරාසයකට එහි අවස්ථා විහිදී ඇත. නූතන සමාජය තුළ අවම සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානවල පවා තාක්ෂණය භාවිතකර දියුණු වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගැනීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය ඉතාම අවම කරන්නට පරිගණක සම්බන්ධතා ඉවහල් වී ඇත. මේවාට විදුලිය බලය අවශ්‍යය. අඩු මිලට විදුලිය හා අඩු වියදමකින් දුරකතන සම්බන්ධතා සහිත සමාජ වේගයෙන් දියුණු වන බව සනාථ වී තිබේ.
නොදියුණු රටවල් සහිත අප‍්‍රිකානු කලාපයේ ජනතාව අතර පවතින දැනුම සම්බන්ධ ගැටලු නිරාකරණයට තාක්ෂණයට මෙහෙවරක් කළ හැකිවනු ඇති අතර නොබෝදා බ්‍රිතාන්‍ය සමාගමක් සූර්ය බලයෙන් එම රටවල දුර බැහැර ගම්මානවලට ආලෝකය දෙන ප‍්‍රජා ව්‍යාපෘතියක් අරඹා තිබේ. ජපානය ද එයට හවුල් වී ඇත. එය වෙනත් අමතර කතාවකි. ලෝකය ලස්සන තැනක් කරන්නට කැපවන පිරිස් අලුත් අදහස් ඇතිව කැපවෙති. බලය තමන් අත පමණක් තිබිය යුතු යැයි කල්පනා කරන්නේ නැත. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු ඒකාධිකාරයක් විය යුතු යැයි සලකන්නේ ද නැත. පොදු ජනතාව අතට බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය හිමිවීම අලුත් යුගයක් බව මෙම නවීන මතධාරීහු විශ්වාස කරති. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා ස්වාධීනව සැපයීමට හැකි මාර්ගයක් වශයෙන් විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරකි. විදුලිය බලය ගැන පවතින රාමුගත අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලුත් සංකල්ප බිහි වී තිබේ. ඉන්දියාව ක‍්‍රියා කරන අන්දම හිතන්නට හොඳ පසුබිමක් බව දැක්විය යුතුය.
උපුටා ගැනීම ? මිලින්ද විග්‍රහය දේශය පුවත්පතකොළඹින් පිටවීමට අධිවේගී පිවිසුම අසල රථවාහන තදබදයක්
කොළඹින් පිටවීමට විශාල පිරිසක් උත්සාහ කිරීමත් සමග කොට්ටාව අධිවේගී ප්‍රවේශය අසල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත යාමට අවසර නොමැති නිසා රථ වාහන හරවා යැවීමට පොලිසිය කටයුතු කරමින් සිටිනවා.