දිවයිනේ සියළු ඡන්ද මධ්‍යස්ථානවල විෂබිජහරණ කටයුතු අවසන් කරනවා - මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ගේ සංගමයේ ලේකම්
මෙවර මහා මැතිවරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම සඳහා අද (04) දවස තුළ දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය මහතා කියා සිටී.
''පුරුද්දෙන් සුව පැවැත්මක්'' නම් වාර්තාමය වැඩසටහන් අතුළත් සංයුක්ත තැටියක් නිකුත් කෙරේ
පාසල් ආරම්භකිරීමෙන් පසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සකස් කරන ලද යහ පුරුද්දෙන් සුව පැවැත්මක් නම් වාර්තාමය වැඩසටහන් අතුළත් සංයුක්ත තැටි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට නිල වශයෙන් භාරදීම අද (04) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.
මහමැතිවරණයේ දී සෞඛ්‍ය ආරාක්ෂිත රාජකාරි සඳහා සෞඛ්‍ය අංශයෙන් 8000ක්
මෙවර මහමැතිවරණයේ දී සෞඛ්‍ය ආරාක්ෂිත රාජකාරි සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් නිලධාරින් 8000ක් ඡන්ද රාජකාරි සඳහා යොදවා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය
ජන්ද පෙට්ටි නිකුත් කිරීම හෙට - අගෝස්තු 05 වනදා පෙරවරු 7.00 සිට ඡන්දය ඇරඹෙයි
ප්‍රභූවරුන් ඡන්දය ප්‍රකාශ කිරීමේ මාධ්‍ය දර්ශන භාවිතා කළ හැක්කේ සවස 05න් පසුවයි
වත්මන් ජනාධිපති, හිටපු ජනාධිපතිවරු, වත්මන් අග්‍රාමාත්‍ය හා හිටපු අග්‍රාමාත්‍යවරු, වත්මන් විපක්ෂ නායක හා හිටපු විපක්ෂ නායකවරු යන ප්‍රභූන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා සම්බන්ධයෙන් වන මාධ්‍ය දර්ශන භාවිතා කළ හැකි වන්නේ එදින සවස