ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කොට ඇත. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය 2019 ජනවාරි මස පස් වැනි (05) දින පෙරවරු 9.00 ට මාතලේ අළුවිහාරයේ දී මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

සීඝ්‍රයෙන් අපේ රටේ වැඩිහිටි ජනගහණය වර්ධනය වන බවත් වසර 2030 වන විට සෑම පුරවැසියන් 05 දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වඩා වැඩි අයෙකු වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වයෝවෘද්ධ හා ආබාධිත අයගේ සෞඛ්‍ය රැකවරණය ලබා දීමේ ජාතික වැඩසටහනේ කළමණාකාරිනී, වෛද්‍ය ශිරෝමි මඩුවගේ මහත්මිය පවසයි.

2018 දෙසැම්බර් 13 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රාචීන පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය නොවැළැක්විය හැකි හේතුවක් මත 2019 ජනවාරි දක්වා කල්දමා ඇත.

නව කෘෂිකාර්මික සංස්කෘතියක් බිහි කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සංවිධානය කරන Harvest 2018 නවීන කෘෂිකාර්මික ප්‍රදර්ශනය  අද (11) දින සිට 16 දක්වා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ.

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.