2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සියලු ම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් හෙට දින (ජනවාරි 01) සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

සෑම වසරකම දෙසැම්බර් 31 දින  රිය අනතුරු ගිනිකෙළි අනතුරු බීමත්ව සිදු වන කෝලාහල කරගැනීම් නිසා සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පෙන්වා දෙයි.

දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.