එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා  (22) රාති‍්‍රයේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.

ඩොලරය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වන රජයේ මැදිහත් වීමෙන් විදේශ විනිමය රටින් බැහැර වීම අඩුවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ලෝක වෙළෙඳපොලේ පවත්නා අධික සැපයුම හේතුවෙන් මෙරටට සීනි ආනයනය කිරීමේදී එහි පිරිවැය මේ වනවිට කිලෝග්‍රෑමයකට රු. 52 දක්වා අඩුවී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ''තොරතුරු සතිය'' ප්‍රකාශයට පත් කර ඇති අතර අද සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඉතා ප්‍රබල පනතක් බවත් තොරතුරු පනත භාවිතා කර විශාල මාධ්‍යවේදින් පිරිසක් ගවේෂණාත්මක මාධ්‍ය සඳහා තොරතුරු ලබාගන්නා බවත් තොරුතුර ලබා නොදෙන බව කියා එවැනි ප්‍රචාරයන් මාධ්‍ය මඟින් ලබා නොදෙන ලෙසත් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පවසයි.