දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඡන්ද මධ්‍යස්ථානවලට බීමත්ව පුද්ගලයන් පැමිණිය හොත් එම අයට එරෙහිව නීතිය ක්‍රියත්මක කෙරෙන බව පොලීසිය පවසයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ කටයුතු හේතුවෙන් දිවයිනේ සියලු පාසල් පෙබරවාරි 09 වන දින වසා තැබේ. මීට අමතරව තවත් පාසල් 19 ක් හා විද්‍යාපීඨ දෙකකට පෙබරවාරි මස 07, 08 සහ 09 දිනවලත් වසා තැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දේශපාලන කටයුතුවලට ළමුන් යොදගැනීම ළමයගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවත් ළමුන් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නා ලෙසත් ජතික ළමා අරක්ෂක අධිකාරිය සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියි.

නැනෝ තාක්ෂණය ඔස්සේ පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පයාගල මලේගොඩ ප්‍රදේශයේ දී පසුගියදා සිදු කරන ලදි.