ළමා අපයෝජන අවම කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැසසුමට ලක්වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 

ඉන්ධන අවභාවිතය සහ අක්‍රමිකතා වැළැක්වීමට හදිසි වැටලීම් තවදුරටත් වේගවත් කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රනතුංග මහතා පවසයි. නුගේගොඩ ගම්සභා හංදියේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භූගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තබනා ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. මහබැංකු බැදුම්කර වාර්තා පාර්ලිමේන්තුවට ලබා දීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පසුගිය 17 දින මේ බව සඳහන් කර ඇත.

මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 275ක් වාර්තා වී තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි. ඒ අනුව 2017.12.09 වැනි දින සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 191ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 84ක් වාර්තා වේ.  මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 55ක් වේ.

තෙදින නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) පස්වරු 1.20ට පමණ දිවයිනට පැමිණීමට නියමිත ඇත. ඒ අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ කොටුව මැදපාර Shangri-La හෝටලය වෙත ගමන් කරන බැවින් එම කාලය තුළ එම මාර්ගයන් හි වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.