වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග 1/3 ක් පාලනය කිරීමට සැළසුම් දියත් කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝක  සෞඛ්‍ය සමුලුවේ දී කියයි.
ලෝක සෞඛ්‍ය සමුලුව ජර්මනියේ බර්ලින් නුවර දී පසුගිය 15 දින සිට 17 දින දක්වා පැවැත්විනි.
 

දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි බලාපොරොත්තු වන අතර දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල තරමක් තද සුළං ද අපේක්ෂා කළ හැක.

දිවයිනට ඊශාන දෙසින් පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් ඉදිරි දිනවලදී මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිට වයඹ දෙසට ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන 15 වන දා පෙ.ව. 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.