ඉවසීමෙන් යුක්ත වූ සහයෝගයෙන් ඉන්දියන් සාගර ප‍්‍රදේශයෙහි සුන්දර ඉදිරි ගමනකට එක්වෙමු.

ශ්‍රී ලංකා චීන තානාපති ඊ ෂියැන් ලිඅං

වර්තමානයේ ජාත්‍යන්තර භූදේශපාලනය හා ආර්ථික රටාව සංකීර්ණ හා ගැඹුරු වෙනස්කම් වලට ලක් වෙමින් පවතී. නව අවස්ථා හා අභියෝග ඊට එක් වෙයි. ජනාධිපති ෂිං ජිං පින් චීන කොමියුනිස්ට් පක්ෂය 19 වන

අවුකන පිළිමය ආවරණය කරමින් ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය හේතුවෙන් එම ස්ථානයට අකුණු පතිත වීමේ අවදානමක් පවතින බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
 

විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක‍්‍රමණය කිරීමට ඉඩ නොතබා දේශීය කිරි ගොවියා නඟාසිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ පොළොන්නරුව, අරලගංවිල ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
 

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (federation of IT Industry)  ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි.