Displaying items by tag: කොළඹ අගරදගුරු ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයසම්බන්ධයෙන් ගොනු කර ඇතිමූලික අයිතිවාසිකම් පෙත්සම්දොළහකට අදාළව කොළඹඅගරදගුරු අතිඋතුම් මැල්කම්කාදිනල් රංජිත් හිමිපාණන්ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණුදක්වයි.

කොච්චිකඩේ සහ කටුවාපිටියදේවස්ථානවලට එල්ල වූප්‍රහාරවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට සහ තුවාලලබා ඇති ප්‍රහාරයෙන් අගතියටපත් පාර්ශවය ලෙස තමසේවාදායකයා හඳුනාගත හැකිබව අගරදගුරු හිමිපාණන්වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතිනීතීඥ ෂම්මිල් පෙරේරා ප්‍රකාශකළේය. අප්‍රේල් 4 වැනි දිනලැබුණු බුද්ධි වාර්තා ජනාධිපතිනීතීඥ පෙරේරා මහතා සඳහන්කළ අතර, ලැබුණු වාර්තාපිළිබඳව කිසිදු බලධාරීයෙකුතම සේවාදායකයාට හෝකතෝලික පල්ලියට දැනුම් දීනොමැති බව ප්‍රකාශ කළේය. තොරතුරු ලබා දුන්නේ නම්, මෙම අවාසනාවන්ත සිදුවීම්වළක්වා ගත හැකිව තිබුණි.

මෙම පෙත්සම් වැඩිදුර කරුණුදැක්වීම සඳහා අද ‍ජූනි 7 කැඳවීමට නියමිතයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මහතා එවැනිතනතුරක් දරන්නේ නැති බැවින්මින් ඉදිරියට වගඋත්තරකරුවන්දෙදෙනෙකු වෙනුවෙන් පෙනීනොසිටින බව නීතිපතිවරයා මීටපෙර අවස්ථාවකශ්‍රේෂ්ඨාධිකරණයට දන්වාතිබුණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ, හිටපු පොලිස්පතිපූජිත් ජයසුන්දර සහ හිටපුආරක්ෂක ලේකම් හේමසිරිප්‍රනාන්දු යන මහත්වරුන්ටඑරෙහිව ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 12(1) වගන්තියයටතේ ඉදිරියට යාමට අවසරදීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2019 ඔක්තෝම්බර් 2 වැනිදා තීරණයකළේය.

Published in නව පුවත්