Displaying items by tag: ණය

මෙම පනත අනුව දිවයින  පුරා පිහිටි වානිජ  බැකු හා මූල්‍ය ආයතනයන්හි උකස්,ෆිනෑන්ස්, ලීසිං ආදී ඕනෑම අයුරකින් තබා ඇති ඉඩම්, වාහන යන්ත්‍රසූත්‍ර ආදී ඕනෑම දේපළක් පවතින දුෂ්කරතා හේතුවෙන් ගෙවාගත නොහැකි නම් එය  පවරා ගැනීම වලක්වාලීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සපයනු ඇති.

ඒ අනුව කිසිදු දේපළක් පවරා ගැනීමට වානිජ බැංකු හා මුල්‍ය ආයතනවලට අවසර නැත.එසේ පවරා ගත හැක්කේ අධිකරණ ක්‍රියාවලියකින් පසුව ලැබෙන තීන්දුව මත පමණි.

හුදෙක්ම මෙය ණය නොගෙවීමට ඉඩ දෙන පනතක් නොවන අතර පවතින  දුෂ්කරතා හේතුවෙන් ණය ගෙවීමට අපහසු ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම වැලැක්වීමේ අරමුනින් ගෙනෙන ලද පනතක් බව සන්නසට වාර්තා විය.

Published in පුවත්