Displaying items by tag: බස්නාහිර ට ඇදිරිනීතිය දිගටම, එකවර 506කට සුවය, මෙරට කොවිඩ් 19 අලුත්ම තත්වය මෙන්න

බස්නාහිර පලාත තුල මේ වනවිට ක්‍රියාතමක නිරොධායනය ඇදිරි නීතිය නොවැම්බර් මස 9 වෙනිදා  උදෑසන  5. දක්වා   දීර්ඝ කරන  බව යුද්ධ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා විශෙශ ප්‍රකාශයක් කරමින් කියා සිටි අතර  මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ කුරුණෑගල නගරසභා සීමාවට හා කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය ට ද මේ ආකාරයටම ඇදිරි නීතිය ක්‍රියාතමක කර තිබේ. මීට අමතරව 

අද (01) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

එම සංඛ්‍යාව මෙරට එක්වර සුවය ලැබු වැඩිම පිරිස වේ.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රෝහල් 15ක ප්‍රතිකාර ලැබූ රෝගීන් මෙලෙස සුවය ලබා ඇති අතර, තවත් ආසාදිතයින් 5,738ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 10,663 කි.

 

Published in පුවත්