Editor

Editor

නොමිලේ කාර්යක්ෂම සන්නිවේදන සේවා සපයන ලොව ප්රමුඛතම ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තවත් ප්රධාන පෙළේ සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්හි රහස්යතා ප්රතිපත්තියේ නව සංස්කරණය පිළිබඳ සිය බලවත් විරෝධය පළ කර සිටී. මීට ඉහතදී වට්ස්ඇප් පරිශීලකයින්ට තම වට්ස්ඇප් අංකය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමෙන් වැළකී සිටිමේ හිමිකම ලැබී තිබුණ ද, ඉදිරියේදී එය ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීම අනිවාර්ය වී තිබේ. සියලු වට්ස්ඇප් පරිශීලකයින් දින 30ක් ඇතුළත මෙම කොන්දේසියට එකඟ විය යුතු අතර, එසේ නොවන විට ඔවුන්ට තම වට්ස්ඇප් ගිණුම භාවිත කිරීමට නොහැකි වනු ඇත.
මෙම තත්ත්වය තුළ වට්ස්ඇප් පරිශීලකයින් මුහුණ දෙන අවදානම් තත්ත්වය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කරගැනීමට, වට්ස්ඇප් සම-නිර්මාතෘ බ්රයන් ඇක්ෂන් 2018 වසරේදී පාර්මි ඔල්සන් සමඟ ෆෝබ්ස් වෙනුවෙන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පිළිබඳව අවධානය යොමු කිරිම වටී. ඔහු එහිදී තමන් වට්ස්ඇප් වෙතින් සමුගැනීමේ හේතුවත්, ෆේස්බුක් පරිශීලකයින්ට තම ෆේස්බුක් ගිණුම මකා දමන ලෙසට තමා ට්විටර් හරහා ප්රකාශ කිරීමේ හේතුවත් පැහැදිලි කරයි. “විශාල ආර්ථිකමය ප්රතිලාභයක් වෙනුවෙන් මම මගේ ග්රාහකයන්ගේ (වට්ස්ඇප්) රහස්යතාව විකුණා දැමුවා. ඒ තීරණය නිසා අද බොහෝ දෙනෙකු දුෂ්කරතාවයට පත් වී සිටිනවා. ගත වෙන හැම දවසක දීම ඒ ගැන මා පසුතැවෙනවා”, ඔහු එහිදී ප්රකාශ කළේය.
මෙසේ තම රහස්යතා ප්රතිපත්තියේ නවතම සංස්කරණය තුළින් ෆේස්බුක් තුළට මුළුමනින්ම අන්තර්ග්රහණය වීමට වට්ස්ඇප් ක්රියාකර තිබේ. මෙසේ වට්ස්ඇප් සහ ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත එකම ස්ථානයකට ගොනු වීමත් සමඟ, ඒවා පෙරට වඩා වැඩි වශයෙන් මූල්යමය ප්රතිලාභ වෙනුවෙන් භාවිත කිරිමේ හැකියාව විවර වේ. සන්නිවේදන කටයුතුවලදී තම රහස්යභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන පුද්ගලයින් මේ පිළිබඳ දැඩි සැළකිල්ලක් දැක්විය යුතුව පවතී.
ඉකුත් ජනවාරි 4 වැනිදා දක්වා වට්ස්ඇප්හි පරිශීලක එකඟතා ලේඛනයේ මෙසේ සඳහන්ව තිබුණි.
- “ඔබේ පෞද්ගලිකත්වයට ගරු කිරීම අපි ප්රමුඛතාවයෙහි ලා සළකන්නෙමු. අපි වට්ස්ඇප් ආරම්භ කළ අවස්ථාවේ පටන් ම රහස්යතාව පිළිබඳ දැඩි ප්රතිපත්ති පෙළක් මත අපගේ සේවාවන් පිරිනමන්නෙමු”.
- “කෙසේ වුව ද, ඔබගේ වට්ස්ඇප් පණිවුඩ අන් අයට දර්ශනය වීම සඳහා ෆේස්බුක් සමඟ හුවමාරු කරගැනීමක් සිදු නොවේ. අපගේ මෙහෙයුම් සහ සේවාවන් පිරිනැමීමේ කාර්යය සඳහා සහාය වීම හැරුණු විට, සෙසු කිසිම අරමුණක් උදෙසා ෆේස්බුක් ඔබගේ වට්ස්ඇප් පණිවුඩ භාවිත නොකරනු ඇත”.
මේ වනවිට ඉහත කී ප්රකාශ දෙක ම රහස්යතා ප්රතිපත්තියෙන් ඉවත් කර දමා තිබේ.
මෙසේ වට්ස්ඇප් තම පරිශීලකයින්ගේ රහස්යතාව අවදානමේ හෙළන අවස්ථාවක, පරිශීලකයින්ගේ දත්ත සුරක්ෂිත කිරීම සඳහා වයිබර් සතු ප්රධාන විශේෂාංග කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ හැක. ඒවා නම්,
● නොමිලේ ලබාගන්නා පෞද්ගලික ඇමතුම් හා කෙටි පණිවුඩ යැවීමේදී කිසිදු විශේෂ සැකසුමකින් තොරව අදාළ පරිශීලකයින් දෙදෙනා අතර පමණක් දත්ත හුවමාරු වන බව (End-to-end encryption by default) සහතික කෙරේ. වඩාත් සරලව හා පැහැදිලිව පැවසුවහොත් කිසිවෙකුට හෝ (වයිබර් ආයතනයට පවා) ඔබේ ඇමතුම් හා කෙටි පණිවුඩ වෙත ප්රවේශ වීමේ හැකියාවක් නැත.
● එමෙන්ම වයිබර් හරහා යවන කෙටි පණිවුඩ, වයිබර් හෝ වෙනත් ක්ලවුඩ් අවකාශයක් තුළ ගබඩා කිරීමක් සිදු නොවේ. එසේ වයිබර් හරහා හුවමාරු කරගන්නා කෙටි පණිවුඩ ක්ලවුඩ්හි ගබඩා කිරීමට පරිශීලකයින්ට අවශ්ය නම්, ඔවුන්ට අවශ්ය පරිදි එය සිදුකළ හැකි නමුත් වයිබර් තම පරිශීලකයින්ගේ කෙටි පණිවුඩ හෝ ඇමතුම් කිසිදු අයුරකින් ගබඩා කරගැනීමක් සිදු නොකරයි.
● වයිබර් හඳුන්වා දෙන උසස් ම තලයේ දුරකථන තිරයේ රහස්යතාව (Screen Privacy) මගින් අදාළ චැට් එක තුළදී ස්වයංක්රීයව මැකී යන කෙටි පණිවුඩ සේවාවක් මෙන් ම, රහස් කේතයක් හරහා පමණක් විවෘත කළ හැකි චැට් සංවාද පවත්වාගැනීමේ අවස්ථාව ද සලසා දෙයි.
● වයිබර්හිදී හුවමාරු වන දත්ත කිසිවක් ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ. ෆේස්බුක් සමඟ ඇති තම සියලු ම ව්යාපාර සබඳතා නවත්වා දැමීමට වයිබර් පියවර ගෙන තිබේ. එම නිසා පරිශීලකයින්ගේ කිසිදු තොරතුරක් (දුරකථන අංකය හා පෞද්ගලික දත්ත) කිසිදු හේතුවක් මත ෆේස්බුක් සමඟ හුවමාරු කර නොගැනේ.
වට්ස්ඇප් තම රහස්යතා ප්රතිපත්තියට අලුතින් හඳුන්වා දී ඇති සංස්කරණය නිසා රහස්යතාව විසුළුවට ලක්වෙනවා. මේ හරහා තම පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය පිළිබඳව වට්ස්ඇප් නොසළකා හැර ඇති ආකාරය හොඳින් පැහැදිලි යි. ඒ වගේ ම ඔවුන් තම පරිශීලකයින්ට කර ඇත්තේ විශාල අගෞරවයක්. ඉදිරියේදීත් ඔවුන් ඒ අයුරින් ම කටයුතු කරන බව පැහැදිලියි. මෙම පසුබිම මත අන් කවරදාටත් වඩා වයිබර්හි රහස්යතා ප්රතිපත්තිය පිළිබඳව මම ආඩම්බර වෙනවා. එම නිසා උපරිම ලන්සුවට අලෙවි වෙන දත්ත බවට පත්වීමට අකමැති සියලු දෙනා ම අපි වයිබර් වෙත සෙනෙහසින් පිළිගන්නවා”, යනුවෙන් රකුටෙන් වයිබර් ප්රධාන විධායක නිලධාරී ජාමෙල් අගවුඩා මහතා පැවසීය

ඌන සේවා නියුක්ති උපාධිධාරීන් සියලුදෙනාටම උපාධිධාරී රැකියා ලබාදීමට අවධානය

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය - මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි

EPF ගන්න කොළඹ එන්න එපා-කම්කරු කොමසාරිස් ජනරාල් ඉල්ලා සිටී

නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තිස් දෙකක් හැර සෙසු සියලු පාසල් ආරම්භ කෙරේ

පෙර සඳහන් කළ පරිදි ජනවාරි 25 වන දා සිට සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව උපකාරක පංති ඇරඹේ

2020 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් වෙත දැනුම් දීමයි

ඡන්ද හිමියකු ලෙස 2020 ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි වීම සඳහා නිර්දේශ වී ඇති තැනැත්තන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන්

 
ඉතාම දිළිදු මට්ටමේ සිට ඉංග්රීසි අධ්යාපනය ලබා, ලොව පුරා වැඩම කරමින්, ඉංග්රීසියෙන් දම් දෙසා ඉන් ලැබෙන දහම් පඬුරු සමඟ රුපියල් මිලියන තිහක් එකතුකොට තම ගම්මානයේ වෙසෙන දුප්පත් අහිංසක දරුවන්ට ඉංග්රීසි හා දමිළ භාෂා, සිංහල බෞද්ධ අධ්යාපනය, නව තාක්ෂණය ඉගැන්වීමට මෙන්ම විවිධ දක්ෂතා ඇති පුද්ගලයන්ට අධ්යාපනය ලබාදීම සඳහා බහු කාර්ය ගොඩනැගිල්ලක් තැනීමේ දිගුකාලීන සිහිනය සැබෑ කරගත් බුද්ධ පුත්රයෙක් අනුරාධපුර දිස්ත්රික්කයේ පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්කිරියාගම උල්පතගම ප්රදේශයේ වැඩ සිටිති.
ඒ, පූජ්යපාද අඹන්පොළ විනීත හිමියෝය.
අති දුෂ්කර ගම්මානයක විහාරස්ථානයේ වැඩ සිටියදී ද ඉංග්රීසි භාෂාව පිළිබඳ දැනුමෙන් ලොවට දම් දෙසා ලැබුණු දහම් පඬුරුවලින් තම ගමේ විහාර භූමියේ රුපියල් මිලියන 30ක වියදමින් ඉංග්රීසි දමිළ භාෂා, පරිගණක අධ්යාපනය නොමිලේ ලබාදීම සඳහා ඉදිකළ බහු කාර්ය දෙමහල් ගොඩනැගිල්ල ගම්මුන්ට භාරදීම පසුගියදා රටවල් පහක පමණ දූත පිරිසගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
අනුරාධපුර දිස්ත්රික්කයේ කෙළවර පිහිටි පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම පිහිටි ශාක්යසිංහාරාමයේ වැඩසිටින අඹන්පොළ විනීත හිමියෝ මෙම අපූරු කළගුණ සැලකීමේ පිංකම සහ ප්රදේශයේ දරිද්රතාවයෙන් යුතු දරුවන් ලෝකයට හඳුන්වාදීමේ මාහැඟි වැඩසටහනට අත ගසා ඇත්තාහ.
උන්වහන්සේගේ දීර්ඝකාලීන අරමුණ වන ගමේ දරුවන්ට ඉංග්රීසි ඉගැන්වීම හා නව තාක්ෂණය ලබාදීමේ උත්සවය රංගිරි දඹුලු රජමහා විහාරයේ හා ශ්රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම්මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ උප ප්රධාන සංඝනායක අඹගස් වැවේ රාහුල නාහිමියන්ගේ හා විදේශීය භික්ෂූන් වහන්සේලා මෙන්ම රටවල් පහක 80ක පමණ බොදු දූත පිරිසකගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
දූත පිරිස ගම්මුන් විසින් ඉතා හරසරින් යුතුව පිළිගැනීම සිදුකළ අතර නාහිමිවරුන් හා දූත පිරිස අතින් ගොඩනැගිල්ල විවෘත කෙරිණි.
උන්වහන්සේගේ කුඩා අවධියේ බණ්ඩාරවෙල පාලිත හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ගල්කිරියාගම ශාක්යසිංහාරාමයට වැඩම කොට තිබේ.
දැඩි ආර්ථික දුෂ්කරතා මධ්යයේ අධිෂ්ඨානශීලීව නිසි ලෙස ඉංග්රීසි භාෂාව ඉගෙන ගත් බවත් භාෂා නිපුණත්වය මත විදේශ රටවල් රැසකට ගොස් ඉංග්රීසි භාෂාවෙන් බුදුදහම පිළිබඳව එම ජනතාවට ධර්මය දේශනාකොට ලැබුණු දහම් පඬුරු ආධාර තම ගම්මානයේ වෙසෙන දරුවන්ට ඉංග්රීසි භාෂාව උගන්වා ඔවුන් පරිගණක දැනුමෙන් වර්ධනය කිරීම තම අරමුණු සිදුකරගෙන තිබුණු බව ද එම අරමුණ සාර්ථක වූ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
රුපියල් මිලියන 30ක මුදලක් වියදමින් ඉදිකෙරුණු මෙම දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු අධ්යාපනය ලබන දරු දැරියන් සියයකට, ගැබිනි මව්වරුන් සියයකට, වැඩිහිටියන් පනස් දෙනෙකුට සහ ආබාධිත පුද්ගලයන්ට ආධාර උපකාර කිරීම ද මෙදින සිදුකෙරිණි.
උන්වහන්සේ සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව ඇතුළු රටවල් රැසක ධර්ම දේශනා කළ අතර එම රටවල දායක දායිකාවෝ එක්ව මෙරට දරුවන්ට උපකාර කරන බව ද ඒ සියල්ල දරුවන්ට නොමිලේ ලබාදීමට හැකිවීම ගැන සතුටු වන බව ද උන්වහන්සේ පැවසූහ.
මෙම උදාර කටයුත්ත දැක මෙරටට පැමිණි විදේශීය දූත පිරිස ද දැඩි සතුටට පත්වූහ.
ලෝකයේ රටවල්වලට වැඩමකොට ධර්ම දේශනා කරමින් ලැබෙන දහම් පඬුරු එකතු පහදු කරගෙන ලෝකයේ බුදුදහම පිළිබඳව අවබෝධ කරගත් ජනතාවගේ සහයෝගයෙන් වූ ගල්කිරියාගම උල්පත ප්රදේශයේ අහිංසක දරුවන්ට ජාත්යන්තරයට පා තබන්නට සිදු කළ මෙම පුණ්යකර්මය සුවිශාල වූ සේවාවක් බව එහි වැඩම කළ මහ සඟරුවන පැවැසූහ.
රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන් මෙසේ අදහස් ප්රකාශ කළහ.
“ගල්කිරියාගම උල්පත ප්රදේශය සහ එම අවට ප්රදේශය අතීතයේ සිටම දැඩි ආර්ථික දුෂ්කරතාවන් මධ්යයේ අලින් ගහණ වූ ප්රදේශයක්. බුදු සසුනට වැඩ ඇති යතිවරයාණන් වහන්සේලා ජනිත වූ ප්රදේශයක් තමයි මේ ප්රදේශය. ඒ වගේම තමයි විනීත ස්වාමීන් වහන්සේ දුෂ්කරතා රැසක් මධ්යයේ ලබාගත් දහම් අධ්යාපනය, පිරිවෙන් අධ්යාපනය සහ ඉංග්රීසි භාෂා දැනුම තුළින් බුදුදහම පිළිබඳව ලොව පුරා විසිරී සිටින ජනතාවට ධර්මය අවබෝධ කර දෙමින් සිදු කරන මෙම මාහැඟි කාර්යය සියලු දෙනාගේම ඇගයීමට පාත්ර විය යුතුයි.
බොහෝදෙනෙක් අධ්යාපනය ලැබීමත් සමඟ මිල මුදල් ලැබීමත් සමග තමන් ජීවත් වූ ගම අතහැර දමන යුගයක්, අදටත් විනීත ස්වාමීන් වහන්සේ රබර් සෙරෙප්පු දෙකක් පාදවල දමාගෙන ඉතා නිරහංකාරව මෙම කටයුතු සිදු කිරීම සුවිශේෂී කරුණක් ලෙස මම දකිනවා. මේ සම්පත්වලින් ප්රයෝජනය ගෙන මේ ප්රදේශවල දුවා දරුවන් ලෝකය ජයගත යුතු වෙනවා.’’
තමන් වහන්සේගේ අරමුණ පිළිබඳව සහ උත්සාහය පිළිබඳව අඹන්පොල විනීත හිමියෝ මෙසේ අප සමග පැවසූහ.
‘‘මම ගොඩක් ආර්ථික දුෂ්කරතා මධ්යයේ තමයි මේ පන්සලේ වැඩ හිටියේ. බණ්ඩාරවෙල පාලිත හාමුදුරුවෝ මාව මෙම පන්සලට බාරදීලා කිව්වෙ ‘ගමේ මිනිස්සුන්ට ධර්මය දේශනා කරලා දරුවන්ගේ අධ්යාපනයට සහයෝගයක් උදව්වක් දෙන්න’ කියලා. ටික දවසක් පන්සලේ ඉන්නකොට තමයි මට තේරුණේ මේ පැත්තෙ මිනිස්සු මොනතරම් දුක් විඳිනවද කියලා. ඒ අයට ඉගෙනගන්න යන්න විදිහක් නෑ. එළිවෙනකන් වල් අලිත් එක්ක පොර බදනවා.
අම්මලා තාත්තලා හේන්වල දුක්විඳිනවා දරුවන්ට ඉගෙනගන්න බැහැ. ගෙදර අනිත් අයත් එක්ක අලින්ට බයේ ගුළි වෙලා ඉන්නවා. අපේ පන්සල්වල අපි ජීවත් වුණෙත් එහෙම.
පසුව තමයි මම කල්පනා කළේ ඉංග්රීසි ඉගෙන ගන්න ඕන, ඉංග්රීසියෙන් බණ කියන්න ඉගෙන ගන්න ඕන කියලා මගේ අධිෂ්ඨානය බවට පත්වුණේ එහෙම ඉංග්රීසි ඉගෙන ගෙන ලෝකේ රටවල්වලට වැඩම කරලා බණ කියලා ඒ අයගේ ජීවිත සුවපත් කරනවා කියලා. ඒ වගේම එයින් ලැබෙන දහම් පඬුරු ටික මම එකතුපහදු කරලා මගේ ගමේ අහිංසක දරුවන්ට මම ආපු තැනට එන්න පාර කපනවා කියලා. මට අද ඒක ඉෂ්ට කරගන්න පුළුවන් වුණා.
නා හිමිවරුන් අතින් බහුකාර්ය ගොඩනැගිල්ලේ සමරු පාලකය නිරාවරණය වූ අවස්ථාව
මිනිස්සු හිතාගත්තොත්, අධිෂ්ඨාන කර ගත්තොත්, වීරිය වැඩුවොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා උන්වහන්සේ බුදුවෙන්න පෙරුම් පිරුවා වීරියවන්ත වුණා. ඒ වගේම අපටත් ඒ මඟ කියා දුන්නා. ඒ නිසා මමත් කල්පනා කළේ, මම දුක් වින්දා, අලින් එක්ක පොරබැදුවා, බොහොම අමාරුවෙන් මගේ දායකයන් දීපු දන් වළඳලා ලැබුණු මුදලින් ඉගෙනගෙන මාව පෝෂණය කරපු, මට උගන්නන්න උත්සාහ කරපු, මට වතුර ටික නාගන්න පහසුකම් දුන්නු, මට සිවුරු පිරිකර පූජා කරපු මේ අහිංසක ගොවි අම්මලා තාත්තලාට කළගුණ සළකන්න. දරුවන්ට හරියට ඉගෙන ගන්න හැකියාවක් නැති දෙමව්පියන්ට කළගුණ සැලකීමක් වශයෙන් තමයි මම මේ සියලු දේවල් කරන්නේ.
මේ බහු කාර්ය ගොඩනැගිල්ල කොම්පියුටර් අධ්යාපනය, ඉංග්රීසි අධ්යාපනය, සිංහල අධ්යාපනය, දමිළ අධ්යාපනය වගේම ස්වයං රැකියා පුහුණු කිරීම් පොතපත කියවීමට අවස්ථාව සියල්ල මගේ ගමේ දරුවන්ට නොමිලේ ලබාදෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. කිසිදු මිල මුදලක් නැතුව මේ දරුවන් යහමගට ගන්න රටේ හොඳ පුරවැසියන් කරන්න හොඳ උගත් බෞද්ධ දරුවන් පිරිසක් රටට දායාද කරන්න තමයි මම උත්සහ කරන්නේ.
මේ දරුවන් හොඳ අධ්යාපනයෙන් හෙබි දරුවන් බවට පත්වුණොත් ඒ අයත් තමන්ගේ ගමට රටට වැඩදායී යමක් කරාවි. එදාටත් මේ විදිහටම මම සතුටු වෙනවා. අද මගෙන් බණ අහපු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව ලංකාවට ඇවිල්ලා මගේ දුප්පත් ගමට ආපු එක ගැන මම ගොඩක් සතුටුවෙනවා. මොකද ඒ අය ධර්මය පිළිබඳව ඉගෙනගත්තා අවබෝධ කරගත්තා. මම ආරාධනා කළා මගේ මේ උත්සාහය ඒ අයගේත් දෑසින් දැක බලාගන්න එන්න කියලා. උගත් දරු පරපුරට උදව්පදව් කරන්න මෙවැනි දේ සිදු කරන්න කියලා ඒ අය මේවා ඇස්වලින් දැකලා සතුටුවෙනවා. ලෝකයේ ඒ ජනතාව වෙනස් කරන්න ගමේ හිටපු මට පුළුවන් වුණා. ඒක මම නිහතමානීව සතුටුවෙන කරුණක්. මට උදව් උපකාර කළ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.”
සටහන : දඹුල්ල -
කාංචන කුමාර ආරියදාස

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ක්‍රීඩා තරග ආරම්භ කිරීමට පියවර