2020 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වීමසීමක් වෙතොත් 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911 දුරකථන අංක වෙත ඇමතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි