Editor
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාළව වන චක්‍රලේඛය නිකුත් කරයි
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාළව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.
දුරස්ථ තාක්ෂණය ඔස්සේ සිසු දරුදැරියන්ට අධ්‍යාපනය අඛණ්ඩව- උසස් අධ්‍යාපනය, විභාග ක්‍රම අන්තර්ජාතික ප්‍රමිතියට අනුව පැවැත්වීම පිළිබඳව අවධානය
කිසිඳු අභියෝගයක් අභියෝගයක් ලෙස නොව එය ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටි.
හෙට(12) සිට උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට
2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.
මැයි 11 සිට ජනජීවිතය යථාවත් කිරීම පිළිබද ගැසට් නිවේදනයක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
ඒළඹෙන 11 වන සදුදා සිට රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කිරීමේදී අනුගමනය කළ යුතු නිරෝධායන ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය මැයි 09 සහ 10 යන දින දෙක තුළදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස හා රාත්‍රියේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (8) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් ඒකාබද්ධ නිවේදනයක්- කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලෝකාවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!
දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින්
වෙසක් පොහොය අදයි. නිවසට වී ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමු
බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.
රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදේශන මාලාවක්
තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවිය, සූදු ක්‍රියාකාරකම් සපුරා තහනම්
වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවි, සූදු ක්‍රියාකාරකම් පැවැත්වීම, නීති විරෝධී මත්පැන් පෙරීම ආදී නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම සපුරා තහනම් වන බවත්, ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරණු ලබන බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (04) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) ප්‍රකාශ කළේ ය.
බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
2019 වර්ෂයේ නොවැම්බර් මස 2,3 සහ 9 දිනයන්හි පවත්වන ලද බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.