Editor
රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ වැඩසටහන 23 ඇරඹෙයි
රාජ්‍ය සේවය ගමට ගෙනයන විශේෂ ජනතා සේවා වැඩසටහන පිළිබඳ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේ දී 23 වෙනි දින පෙ.ව. 9.00ට පැවැත්වේ.
බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාවට විශිෂ්ට තත්ත්වයක්-පවුල් සෞඛ්‍ය කාර්යාංශය
ගර්භණී කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් (මළ දරු උපත් ) සහ උපතින් දින 7 ක් තුළ සිදුවන බිළිඳු මරණ අඩුකිරීම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.
වැසි වැඩිවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇත- අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල්වලට යවන්න...
ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන් පාසල්වලට යැවීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
ජනාධිපති පරිසර සම්මාන - 2019 අයදුම්පත් කැඳවිම ජුනි 14 දින දක්වා දීර්ඝ කෙරේ
මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික මට්ටමේ ප්‍රධාන වැඩසටහනක් වන ජනාධිපති පරිසර සම්මාන 2019 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය 2019 ජුනි මස 14 දින දක්වා දීර්ඝ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
කිසිදු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සව පැවැත්වීමට කටයුතු යොදා ඇත- කතානායක
කිසිදු අඩුපාඩුවක් නොමැතිව වෙසක් උත්සවය පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.
රට තුළ නීතිය හා සාමය කඩවන ආකාරයේ කටයුතු නොකරන්න- නාවික හමුදාපති
රට තුළ නීතිය හා සාමය කඩවන ආකාරයේ කටයුතු නොකරන ලෙස ජනතාවගෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉල්ලා සිටියි.
සාමාන්‍ය වේලාවෙන් පසුවත් රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සිදු කිරීමට වැඩපිළිවෙළක්
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාමාන්‍ය රාජකාරී වේලාවෙන් පසුව ද රෝහල් තුළ දී සිදු කිරීමට අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ඒකඟත්වය පළ කර ඇත.
වයඹ පළාතේ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ කණ්ඩායම් යොමු කෙරේ
වයඹ පළාතේ තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු නොවන තැනට වගබලාගැනීම සඳහාත් සිදුවීම් විමර්ශනය කිරීම සඳහාත් එම ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට අමතරව තවත් පොලිස් විශේෂ කණ්ඩායම් කීපයක් ම පොලිස් මූලස්ථානය විසින් එම ප්‍රදේශවලට යොමු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.