Editor
ඩොලරය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වන රජයේ මැදිහත් වීමෙන් විදේශ විනිමය රටින් බැහැර වීම අඩුවනු ඇත
ඩොලරය අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා වන රජයේ මැදිහත් වීමෙන් විදේශ විනිමය රටින් බැහැර වීම අඩුවනු ඇතැයි රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සීනිවල ආනයනික පිරිවැය තවදුරටත් අඩුවෙයි
ලෝක වෙළෙඳපොලේ පවත්නා අධික සැපයුම හේතුවෙන් මෙරටට සීනි ආනයනය කිරීමේදී එහි පිරිවැය මේ වනවිට කිලෝග්‍රෑමයකට රු. 52 දක්වා අඩුවී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
''තොරතුරු සතිය'' අද සිට ඇරඹේ
සැප්තැම්බර් 28 දිනට යෙදෙන ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව ''තොරතුරු සතිය'' ප්‍රකාශයට පත් කර ඇති අතර අද සිට (21) සිට තොරතුරු සතිය නිල වශ්යෙන් ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම් ) තිලකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.
අපේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රබල පනතක්- නීතිඥ ජගත් ලියන ආරච්චි
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ඉතා ප්‍රබල පනතක් බවත් තොරතුරු පනත භාවිතා කර විශාල මාධ්‍යවේදින් පිරිසක් ගවේෂණාත්මක මාධ්‍ය සඳහා තොරතුරු ලබාගන්නා බවත් තොරුතුර ලබා නොදෙන බව කියා එවැනි ප්‍රචාරයන් මාධ්‍ය මඟින් ලබා නොදෙන ලෙසත් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පවසයි.
2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට
2019 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.
“ඩෙංගු වලින් තොර රටක්” - ජාතික මදුරු මර්දන සතියක් - 2018 සැප්තැම්බර් 26 සිට ඔක්තෝබර් 02 දක්වා
ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමග ඉහල යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කීරීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ඩෙංගු මර්දනය පිලිබද ජනාධිපති කාර්‍යය සාධක බලකාය ඒකාබද්ධව
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්
හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් තීරණය කර ඇත. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරිය අද (18) පෙරවරු 6.00ට ආරම්භ වී නැවත දැනුම් දෙන තුරු පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයි
උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
දිස්ත්‍රික්ක කීපයකට සුළඟේ වේගය වැඩියි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වන ජන්ම සාංවත්සරික ජාතික මහොත්සවය අද
ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාල තුමාගේ 154 වැනි ජන්ම දින සාංවත්සරික ජාතික උත්සවය 2018 සැප්තම්බර් 17 වන දින ප.ව 3.00 සිට 5.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට කටයුතු යොදා ඇති බව