Editor

Editor

මෙවර අ.පො.ස (සා.පෙ) විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සියළුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සඳහා අයදුම්පත් මේ වන විට කැඳවා තිබෙන අතර ලබන 31 දිනෙන් අයදුම්පත් භාරගැනීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ආහාර සැකසීමේදී කෘතිම රසකාරක භාවිතය අවමකොට දේශීය කුළුබඩු ඇසුරෙන් සකස්කරගත් ස්වභාවික රසකාරක භාවිතයට ගැනීමට පෙළඹිය යුතු බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්  ආචාර්ය අශෝක සෙනෙවිරත්න මහතා පවසයි.

2017 මැයි මස 03 වැනි දා ලක්බිම

මිනිසුන් යදමින් බැඳ, ඔවුන් දේපොළක ලෙස සලකා හාම්පුතුම් කටයුතු කළ අතීතයක සිට වෘත්තීය අයිතීන් වෙනුවෙන් එක් වටමේසයක සිට, හාම්පුතුන් සමඟ කේවල් කරන වර්තමානය දක්වා කම්කරුවා පැමිණි මාවත, ලෙයින් ද දහදියෙන් ද කඳුළින් ද ඉදිවූවක් බව සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බලකර සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරයි.

සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට (01) යෙදී ඇත.

Monday, 01 May 2017 05:35

අද සවසට වැසි

බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව  පළාත්වල තැනින් තැන සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අනෙකුත් ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයින හරහා විටින් විට හමන ( පැ.කි.මී.50 දක්වා) තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (25) නිවේදනය කරයි.

මැදපෙරදිග රැකියාවට ගොස් විවිධ කරදරවලට ලක්වුණු ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 116 දෙනෙකු  පසු 24 වැනි දින  දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් බව වෛද්‍යවරු පවසති.