මෙම අවස්ථාවට කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී.වන්සේකර, අතිරේක සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතීඥ කීර්ති මුතුකුමාරණ, කාර්යාංශයේ නිළධාරීන්, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්, විදේශ රැකියා සදහා යාමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මිනිස් වෙළදාම, මිනිස් ජාවාරම යන වරදින් වැලකී සිටීම සහ බේරී සිටීම පිළිබදව දැනුවත් කිරීම අරමුණු කොට ගෙන ILO සංවිධානයේ අනුග්‍රහයෙන් සුරක්ෂිතව රැකියා සදහා විදේශ ගතවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වීදි නාට්‍යයක්ද කාර්යාංශ පරිශ්‍රය තුළදී ප්‍රදර්ශනය කරන ලදී.