Friday, 10 January 2025

අල්ලස් හා දූෂණය විමර්ශනය කිරීමට ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

Posted On Thursday, 07 February 2019 07:49

අල්ලස් හා දූෂණ වැළැක්වීම සදහාවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට ඇත.



අල්ලස් හා දූෂණය තුරන් කිරීම සදහා රජයේ සියලු ආයතන හා අනෙකුත් ආයතන සම්බන්ධයෙන් වන මෙම ජාතික සැලැස්ම අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා සැළකිල්ලට ගෙන පිළියෙළ කොට ඇතැයිද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.