රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමක දී අදහස් දැක් වු අධ්‍යක්ෂකවරිය සඳහන් කළේ ,මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් චින ජාතිකයින්ගේ පැමිණිම අඩු වි ඇති බවයි.
වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයින් සුරක්ෂිත බවත්,වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයිනගේ ප්‍රමාණය එලෙසින් ම පවතින බවත් මධුභාෂිණි පෙරේරා මහත්මිය සඳහන් කළාය.
ගුවන් තොටුපළේ දි සිදු කෙරෙන විශේෂ පරික්ෂාවන් හා ශ්‍රි ලංකාවේ පවතින ඉහළ මට්ටමේ සෞඛ්‍ය අංශ මැදිහත්වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති නොකරගත යුතු බව මධුභාෂිණි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළාය