Tuesday, 22 October 2024

ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය -03-05-2020

Posted On Sunday, 03 May 2020 16:46

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස් වලින් බැහැර යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව දැනුම් දෙනු ලැබේ.



ඇඳිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැර යෑමට මෙය කිසි සේත් අදාළ වන්නේ නැත.

කිසියම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස නම් කර ඇත්නම් එවැනි කලාපවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීමට හෝ කිසිවෙකුට අවසර නොලැබේ.

cur

 
 
 
 රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්