ගම්පහ පොලිස් වසම් 18 ආශ්‍රිතව නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. එම ප්‍රදේශ වල ආහාර ද්‍රව්‍ය වෙළඳ සැල්,ඖෂධ සැල් පෙ.ව 8.00 සිට රාත්‍රි 8.00 දක්වා විවෘතව තැබීමට අවස්ථාව සළසා දී තිබුනා
එම ප්‍රදේශ දින තුනක කාලයකට සම්පූර්ණයෙන් ම මහජන ගමනාගමනය,වෙළඳ සැල් විවෘත කිරීම සීමා කිරීම සඳහා නැවත තීරණයක් ගෙන තිබෙනවා,
මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ 18 තුළ හෙට දිනය සිට දින තුනක කාලයක් සඳහා වෙළඳ සැල් විවෘත කිරීම සහ ඖෂධ සැල් විවෘතකිරීම තහනම් වෙයි. ඒ අනුව අඟහරුවාදා,බදාදා,බ්‍රාස්පතින්දා යන දින තුන තුළ මෙම ක්‍රියාවලිය සිදු වෙයි.ඊට පසුව මේ සම්බන්ධව වන තත්ත්වය පිළිබඳව දැනුවත් කරන බව ද අජිත් රෝහණ මහතා පැවසීය
මේ ප්‍රදේශ හරහා වාහනවලට ගමන් කිරීමට හැකියාව පවතින බවත් මේ ප්‍රදේශවල දී පුද්ගලයින් වාහනයකට නංවා ගැනීම,වාහනයෙන් බැස්සවීම සිදු නොකළ යුතු බවත් අජිත් රෝහණ මහතා පැවසීය. කොවිඩ් රෝගීන් හමුවීම හා නිරෝධායන වැඩපිළිවෙල අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම පියවර ගෙන තිබේ. උසස් පෙළ විභාග කටයුතු සඳහා කිසිදු බාධාවක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.