ගත වූ පැය 24ක කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වෙයි.
මින් මරණ 10ක් ඊයේ (14 දින ) සිදු වූ අනතුරුවලින් වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් හා අනෙකුත් මාර්ගවල රිය අනතුරු 109ක් වන අතර තුවාල ලැබූ අය 74ක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. වැඩි ප්‍රමාණයක් අනතුරුවලට ලක්ව තිබෙන්නේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථයි.යතුරු පැදි 53ක් හා ත්‍රී රෝද රථ 30ක් පමණ වර්තා වෙයි.
වාහන පැදවීමේ දී සෑලකිළිමත්වන්න,මාර්ග නීතිවලට අනුගතව කටයුතු කරන්න යැයි ද ඉල්ලීමක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කිසි විටෙක බිමත්ව රිය නොපදවන ලෙස ද ඉල්ලා සිටියේ ය.
ශ්‍රී ලංකා පොලීසිය විමර්ශන සිදු කරයි.