රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය ඉහළ යාම හේතු කර ගනිමින් 24 වනදා සිට සති දෙකක කාල සීමාවක් බන්ධනාගාර තුළ අමුත්තන් පෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.
බන්ධනාගාර තුළ මහජනයා ගැවසීම අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආපනශාලා වලට මුදල් ගෙවා ආහාර පාන ලබා දීමේ කටයුතු හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව බන්ධනාගාරගත රැඳවූවන්ට ලබා දීමට කටයුතු කරන බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.