අද (12) සිට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ බස්නාහිර පළාතේ දුම්රිය ගමන්වාර 103 ක් දක්වා වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තු ව සඳහන් කරයි. එහි සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරනුයේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද දැඩි ලෙස අනුගමනය කරමින් දුම්රිය ධාවනය සිදුකිරීමට කටයුතු කරන බවයි.
ඒ අනුව අද (12) දින ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර පහතින් දැක්වේ.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය 36ක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 42ක්
පුත්තලම් මාර්ගයේ දුම්රිය 9ක්
කැලණිවැලි මාර්ගයේ දුම්රිය 10ක්
අද සවස පවත්වන සාකච්ඡාවකින් අනතුරුව තවත් දුම්රිය ගමන්වාර කිහිපයක් වැඩි කිරීමට හැකිවනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.